1 ආහාර නිෂ්පාදනය - ආහාර වගා කිරීම
1942-- ඉංග්‍රිසින් රට පාළනය කරන වකවානුවේ දෙවන ලෝක යුද්ධය ගැන ඔබ අසා ඇත.ජපනුන් ලංකාවටද බෝම්බ හෙළු බවද අමතක වන්නට හේතුවක් නැත.මෙම යුද සමය තුළ ආහාර හිඟයක් ඇතිවීම වළකන්නට එදා ආණ්ඩුව කටයුතු කළේය.  ගමේ පාසැල්ද එම කාර්යයට දායක කර ගන්නට රජය වෑයම් කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස අප මහ විදුහලද එයට දායක කර ගැණින.පාසැල පිටුපස යුද අගල් කැප්ප විය. උපදෙස් හා පුහුණුවද ලැබින. පාසැල් සිසුන් ආහාර වගාවට යෙදවින.තැබෑරැම් වත්ත නම්වු දෙල්ගහමැඩිල්ලේ පාර අසලවු ඉඩමක් පුරා මයියෙක්කා හා අල වර්ග වැවීමටද ඒවාට සාත්තු කිරීමද සිසු දරැවන්ටම පැවරින.ඉතා දුෂ්කරවු එම කාර්යය දිගු කාළයක් කරන්නට ඔවුනට සිදුව බවද කියවේ .එය අවසන් වුයේද දරැවන් කියු කවියක් නිසා බවද කියවෙන අතර ඒ රසවත් සිද්ධිය  මෙහි පහත සඳහන් කරමු.
දෛනිකව පාසැල් එන්නේ අකුරැ කරන්නටය. එහෙත් යුද හා ආහාර බිය නිසා ඉගෙනුම පසෙකලා ගොවිතැනටම දරැවන් යෙදවීම දරැවනට පමනක් නොව ගුරැවරැනටද පීඩාවක් විය. එයට පිලියමක් යෙදවින. පරීක්ෂකයන් සිටි මොහතක එක් දරැවෙකු සිප්සතර හා වෙහෙස ගැන කවියක් හඩනගා කීවේළු. එයින් කලබලවු පාලකයන් දරැවන් එයින් මුදවු බව ගම්පුවත් කියයි.
කුඹල්ඔළුව ගම මායිම ඇතුලත ආහාර වර්ග සකසන ස්ථාන රැසකි. ගෟහණියන් ආපනශාලා සඳහා දෛනිකව විවිධ ආහාර සැකසීම ස්වයං රැකියා මාර්ගයක් ලෙසද කරති.එසේම පාන්,විස්කෝතු වර්ග විස්කිරිඤ්ඤා, සහ වෙනත් රසකැවිලි නිෂ්පාදකයන් ගෙන් වැඩි පිරිසක් ඉහළ කුඹල්ඔළුවේ සිටිති.ඔවුන් සතු පුහුනුව හා පළපුරැද්ද නිසාම ඉහළ අගයක් ඇති උසස් නිෂ්පාදනයන් බිහි කරන බව කිව යුතුය.එසේම අති දක්ෂ ආහාර සකසන්නන්ද (කෝකි වරැ) එහි වෙසෙති.
එනමුත් වී ගොවිතැන ගමේ සරැසාරව කරගෙන යාමට ගම්වැසියන් තුල ඇත්තේ දැඩි උනන්දුවකි.
  

Comments

Popular posts from this blog