10    භාෂාව හා     අවබෝධය
අතීත කාළයේ ගුරැවරැවු ගුරැන්නාන්සේලා අකුරැ කියා දුන්නා වගෙම ලියන හැටිත් කියා දුන්නේ වැලිපිල්ලේය. වැලිපිල්ල යනු ලෑල්ලක හලාගත් සිහින් වැලි අතුරා සකස් කළ එකකි. (ජායාරෑපය බලන්න ) පසුව ගල්ලෑල්ල භාවිතා විය. එහි ලියන්නට ගල්කුරක්ද විය. ලියු දේ මකමින් නැවත ලියනිනට පුළුවන්වු නිසා හරියට අකුරැ ලියන්නට ඉගෙන ගැනීම අපහසු නොවීය.   
                                                            
    ගුරැන්නාන් සේලාත් ස්කෝළ මහත්වරැත් පන්සලේ හාමුදුරැවෝත් අකුරැ කියාදුන් කාළය අවසන් වුවා සේම අකුරැ ටික දන්නවා නම් ගෙදර ඉඳගෙනම ඉගෙන විභාගය සමත් වන්නට අද පුළුවන.ඒ දියුනුව ඇති නව තාක්ෂණය හා  එකතු වීමෙනි. අවබෝධයක් නැතත් අද බොහෝ දේ ඉගෙන ගන්නට වගෙම කරන්නටද නව උපකරන තිබේ.
1820 ගනන් වල  ගමේ ස්කොලෙකට ගියේ ටික දෙනෙකු වුවද 1860 දී හැම ළමයෙකුම පාසැල් යැවීමට දෙමාපියන් උත්සාහ කළහ.1920 ගනන් වල මොනිටර් ගුරැවරැ පත්වුයේ එවකට පාසැලට ගිය අයට ගුරැන්නාන්සේලා නිවැරිදිව සිප්සතර කියාදුන් බැවිනි.ආණ්ඩුවේ විභාගය සමත් වු සියළුම දෙනා ගුරැ පත්වීම් භාර නොගත්තේ එවකට ගෙවු  වැටුප ජීවත් වන්නට මදි නිසා බව අදත් ජීවත්ව සිටින වියපත් ගැමියන් පැවසු බව පාසැල් පුවත් හෙලි කරයි.  
ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ      කපනු        කඩුල්ලේ තරම දැනගෙන වැට                  බඳිනු                                                                                     බොරැල්ලේ තරම දැනගෙන උඩ              පනිනු              තමුන්ගේ තරම දැනගෙන කල්                ගෙවනු
අතීත කාළයේ ගුරැවරැවු ගුරැන්නාන්සේලා අකුරැ කියා දුන්නා වගෙම ලියන හැටිත් කියා දුන්නේ වැලිපිල්ලේය. වැලිපිල්ල යනු ලෑල්ලක හලාගත් සිහින් වැලි අතුරා සකස් කළ එකකි. (ජායාරෑපය බලන්න ) පසුව ගල්ලෑල්ල භාවිතා විය. එහි ලියන්නට ගල්කුරක්ද විය. ලියු දේ මකමින් නැවත ලියනිනට පුළුවන්වු නිසා හරියට අකුරැ ලියන්නට ඉගෙන ගැනීම අපහසු නොවීය.   
                                                            
රට අනුව  ගම අනුව භාෂාවන් වෙනස් වෙයි. සිංහළ භාෂාව වුවද හිින තැන අනුවද භාෂාව වෙනස් වේ.දේවාලයේ කපු මහත්තයාගේත් යන්ත්‍රමන්ත්‍ර කරන වෙද මහත්තයාගේත් භාෂාව  වටහා ගැන්ම අසීරැය.. ගමේ වෙළඳාමේ එන මුස්ලිම් මදමළ වෙළඳුන්ගේත් භාෂාවද වටහා ගැන්ම අසීරැය. එසේම ආදිනවයන් ගේ කතා සේම කමතේ කතාවද වෙනස්ය.

  කමත් භාෂාව
අම්බරැවා  -හරකුන්, ඇඹුල  -කමත් බත
පාවරය  -පාගන ගොයම ´බැත- වී
ගොයම් කොළය - ගොඩ ගැසු ගොයම්
මැඩවීම - පෑගීම     රාහිය - වී ගොඩ
ගොම් පස් - හරක් මල
හලා බෑම - ගොයම් ඇවිස්සීම
මානා  - කටු අකුලෙන් තැනු ඉදල
බෝලත්ත- ඉදල     මඩුවම් - පිදුරැ
කාටු  - පිදුරැ කෑලි
වර්තය  -එකට ආඳින ලද හරකුන්
හුලං කිරීම  - බොල් හා  මිශ්‍රවු කාටු ඉවත් කිරීම
යතුර  - කුල්ල

කමතට වෙලට මඟුලට සේම  පළතෙන් පළතට සිංහළ බස තරමක් වෙනස්ය. පහතරට හා උඩරට සමහර වදන් පවා වෙනස්ය. පහතරට තාත්තා උඩරටට අප්පච්චි වෙයි.වැදි බසට හුරාය.


Comments

Popular posts from this blog