11        අතීතයෙන් තව පිටුවක්  
කුඹල්ඔළුව නම්වු ග්‍රාමීය මාතාව ගේ අතීත සත්‍ය සිද්ධීන් සමහර විටක එතරම් රසවත් නොවන්නට පුළුවන.එහෙත් ගම නැගුනහැටි කියනවිට ඒවාද වැදගත් වන්නේය.බෙහෙතක්තිත්තවුවදඑයගුණදායකය.අතීතයද අනාගතයට වැදගත්ය.ඒ සමහර ඒවා යලි සිදු නොවිය යුතු බැවිනි.

1800 ට පෙර ඉංග්‍රීසි පාළණය තිබු කාළයේ කුඹල්ඔළුව ගමද අන්ගම් මෙන් මාර්ග පහසුව අහිමිවු හා ග්‍රාමීය සම්පත් නගා සිටුවීමේ ක්‍රියාවලියක් නොතිබු ගමකැයි ගම්පුවත් පෙන්වා දෙයි. 1815 දී ඉංග්‍රීසි රජය ගත් සුවිශේෂී පියවරවල් රැසක් ගම්මාන වල තත්වය තරමක් වෙනස් කරන්නට ඇත.එසේම  එය අධ්‍යාපනය මාර්ග ආදියෙහි වෙනසක් වන්නට  මග පෑදුවේය.ඉංග්‍රිසින් මාර්ග තැනුවේ ඔවුනගේ අවශ්‍යතා වලට වුවද ගම්මාන වල පිබිදීමකට එය මුල් විය.සුවිශේෂී වු පිරිසකට ඉහළ තනතුරැ ලබන්නට පාදකවු අධ්‍යාපනයද ගම්වල සාමාන්‍ය අයට ලබාගත හැකිවන ක්‍රමයක් ඇති විය.එහෙත් ගම්වල ආර්ථික රටාවේ එතරම් වැදගත් වෙනසක් නොදක්වයි. 
1830 න් පසුව වුවද ගම් යාකරන (ගමින් ගමට යන )මාර්ග පද්ධතියක් නොවීය.බොහෝ ගම් වලට යාමට තිබුනේ දෙවට පාරක්  හෝ වෙළ නියරය.එනමුත් ගමිවල ස්වභාෂා හදාරන්නට වැඩ පිලිවෙලක් හා මාර්ග තනන්නට වැඩ පිලිවෙලක් ඇරඹුනි.ඒවා පාළනය වුයේ ඒජන්ත කාර්යාලය (දිසාපති -) හරහා බැවින් ගම්වල අයටද රැකියා මාර්ග අත්විය.එම කොන්ත්‍රාත් ගත්තේද ගම්වලවු තරමක වත්පොහෙසත්කම් ඇත්තන් බව කියවේ.මෙම මාර්ග වලට ඉඩම් පරිත්‍යාග කර ඇත්තේ ගම්වැසියන් බවද කියවේ.එසේම බොහෝ මාර්ග තැනුවේ ගම්වැසියන් එක්ව බවත් ඒවා ශ්‍රමදාන බවත් සදහන් වෙයි.

එවකට මාර්ග තැනීම හා ‍පාළම් බෝක්කු තැනීමේ කොන්ත්‍රාත්කරැවන් ලෙස හෙන්දිරික් අප්පුහාමි හා බියෙල් මුදලාලි නම්වු දෙදෙනෙකු කටයුතු කළබව ගම්පුවත් සඳහන් කරයි.ඒ 1920 වැනි අවුරැදු වල  පමනය.එම කාළයේ මාර්ග වලට කළුගල් එලා තාර දැමීම සහ වාරිමාර්ග කටයුතු පාළනය වුයේ කුඹල්ඔළුව වාරිමාර්ග කාර්යාලය වෙතිනි.වාරිමාර්ග කටයුතු පාළනය වුවේද එම කාර්යාලය මගින් බව කියවේ.ජලය බෙදාහැරීම හා නඩත්තුව එයින් සිදුවිය.එහි පවතින ජලබාධකය(ඇනිකට්එක) ඉදිකර ඇත්තේ 1950 බව  සඳහන් වේ.

        

මෙම ජලබාධකය පිහිටුවන්නට පෙර ගැමියන් කුඹුරැ වගා කලේ ඔය දෙපස පොල්කණු සිටුවා එයට දෙකට පැළු පොල් කඳන් හරස් කර ජලය රඳවා ගැනීමෙනි.අදද සමහර ස්ථාන වල එම ක්‍රමය භාවිතා වේ. ගමට ඇති අනෙක් බාධකය වනුයේ උකුල්වෙලයි.එමගින්ද විශාල කුඹුරැ ප්‍රමාණයක් වගා කරන්නට ජලය සැපයෙයි.
හරකුන් බැඳගෙන සීසෑ ගොවියනට ඇති අත්දැකීම් වර්තමාණ ගොවියනට නැත.එදා වගාකළ මාවී නම්වු බීජයෙන් හට ගන්නා ගොයම් ගස පහසුවෙන්ආපදාවලටගොදුරැවන්නක්නොවේ.සීසෑම,පෝරැගෑම,මට්ටන්කිරීම,වැපරීම,නෙලීම,සිටුවීම,කැපීම,පෑගීම ආදී සියළු කාර්යයන් ඉටු කරන්නට ගොවියෙකු දරන වෙහෙස අප්‍රමානය.

  

1870 දී පාසැලක් ඇරඹුවද එයට ඉගෙනුම ලබන්නට එන්නට එකල සිසුවනට මාර්ග තිබී නැත.පනාවල,හුඹිටියාව,දුමුන්නෙගෙදර,මාහේන,වෑබඩමුල්ල,වේරගොඩ,ගල්ගමුව,කොට්ටල ආදී ගම්වල සිසුන් සිසුවියන් පාසැලට පැමින ඇත්තේ පයින් ඇවිද ගෙනය.ඒද මාර්ගවල නොවේ. දෙවට පාරවල් හා නියරවල් දිගේ මඩ ගාගෙනය.කුඹල්ඔළුවට තිබු එකම පාර නොහොත් මාර්ගය වුයේ මල්හෑව වේයන්ගොඩ  කරත්ත පාර (මාර්ගය) පමනකි.එවන් දුක්බර අතීතයක් ඇති  ගමේ ස්කෝලයෙන් බිහිවු ගුරැමහතුන් කළාකරැවන් ආදී වෟත්තිකයන් ගමට ආඩම්බරයකි

1948 න් පසු අප ගමටද මඳ එලියක් වැටී ඇත.ඒ ජේ.ආර් ජයවර්ධන ජනපතිතුමා මැදිහත්ව විදුලිය ලබාදීමත් පාසැල් පොත් ටික නොමිලේ ලබාදීමත්නිසාය. එසේම සිංහළ රජබස කරවු බණ්ඩාරනායක අගමැතිඳුන් පළමු බස්රථය ලබාදීමත් නිසාය.එසේම අාර්.ප්‍රේමදාස ජනපතිතුමන් ජනසවිය මගින් ලබාදුන් සහනය නිසා ස්වයං රැකියා මගින් දිවිපෙවෙත හදාගත් මිනිසුන් අදත් නිවහල්ව සිටින නිසාය.                                  `

                                                                                  



Comments

Popular posts from this blog