11   ගමේ ගමනාගමනය    හා  ප්‍රවාහනය-                                              
වඩාත් ඈත අතීත තොරතුරැ සොයා ගන්නට නොහැකිව ඇත්තේ කුඹල්ඔළුව ගමේ පෞරානික වස්තුන් හා රජදවස ශිලා ලේඛණ නැති බැවිනි.ගමට ඇති පැරණිම වස්තුව හළලියේ පන්සල ,විල හා වාරි මාර්ගයි. අද ගම බෙහෙවින් නාගරීකරණය වී ඇත.රජ දවස  ගම තොරතුරැ අනුව  ගමටද විවිධ වෟත්තීන් අනුව බෙදා වෙන් කල සමාජයක් හා ඔවුනට උරැම කල පෙලපත් නාමයන්ද තිබිනි.එසේම ආරච්චිල හා  මුලාදෑනි ක්‍රමය ,විදානෙලා ,හා භාෂා ස්වරෑපයන් අනුවද කුඹල්ඔළුව ගමද රජවරැනගේ සෟජුමය පාලනයකට යටත්ව තිබු බවටද සාධක හමුවේ.එදා රජවරැ ඇතු පිටින් අසුපිටින් යද්දී මෑත කාළයක් වනතුරැම අපේ ගමේ ප්‍රභූන් ගමන් කලේ රේස් කරත්තය හෝ බක්කි කරත්තයෙනි.
බර කරත්තය නම්වු හරකුන් දෙදෙනෙකු බඳින කරත්තය බර ඇදීමට පමනක් නොව මංගල අවමංගල හා වන්දනා ගමන් වලටද ප්‍රයෝජනයට ගැනිනි.එදා ගම්වැසියන් හරකුන් ඇති කලේ සීසෑමට හා කරත්තයටය.   
  
ආදායම් මගක් ලෙස කිරි දෙනුන් ඇති නොකලහ.ආදායම් මගක් ලෙස කිරි දෙනුන් ඇති කරන්නට පෙළඹුනේ මෑතකදීය.එනමුත් අතීතයේ ගමන් යාමටද බර ඇදීමටද කරත්තය භාවිතා කලහ.මෑතක එවන් කරත්ත කරැවන් ලෙස ගමේ ප්‍රසිද්ධ වු අය වුයේ ඩැනියෙල්,ආතර් හා දාබිලින් යන මහතුන්ය. ඔවුන් වේයන්ගොඩ හා නිට්ටඹුව නගරවල සිට කුඹල්ඔළුවට ආහාර දව්‍ය හා පිටි ගෙනආහ.ලොරි හා ටැක්ටර් නොතිබු අතර බඩු ප්‍රවාහනය වුයේ කරත්තයෙනි.
   
 ගමේගමනාගමනයහාප්‍රවාහනය - 
වඩාත් ඈත අතීත තොරතුරැ සොයා ගන්නට නොහැකිව ඇත්තේ  ගමේ පෞරානික වස්තුන් හා රජදවස ශිලා ලේඛණ නැති බැවිනි.ගමට ඇති පැරණිම වස්තුව හළලියේ පන්සල ,විල හා වාරි මාර්ගයි. අද ගම බෙහෙවින් නාගරීකරණය වී ඇත.රජ දවස අප ගම තොරතුරැ අනුව අප ගමටද විවිධ වෟත්තීන් අනුව බෙදා වෙන් කල සමාජයක් හා ඔවුනට උරැම කල පෙලපත් නාමයන්ද තිබිනි.එසේම ආරච්චිල හා  මුලාදෑනි ක්‍රමය ,විදානෙලා ,හා භාෂා ස්වරෑපයන් අනුවද කුඹල්ඔළුව ගමද රජවරැනගේ සෟජුමය පාලනයකට යටත්ව තිබු බවටද සාධක හමුවේ.එදා රජවරැ ඇතු පිටින් අසුපිටින් යද්දී මෑත කාළයක් වනතුරැම අපේ ගමේ ප්‍රභූන් ගමන් කලේ රේස් කරත්තය හෝ බක්කි කරත්තයෙනි.බර කරත්තය නම්වු හරකුන් දෙදෙනෙකු බඳින කරත්තය බර ඇදීමට පමනක් නොව මංගල අවමංගල හා වන්දනා ගමන් වලටද ප්‍රයෝජනයට ගැනිනි.
      
එදා ගම්වැසියන් හරකුන් ඇති කලේ සීසෑමට හා කරත්තයටය.ආදායම් මගක් ලෙස කිරි දෙනුන් ඇති නොකලහ.ආදායම් මගක් ලෙස කිරි දෙනුන් ඇති කරන්නට පෙළඹුනේ මෑතකදීය.එනමුත් අතීතයේ ගමන් යාමටද බර ඇදීමටද කරත්තය භාවිතා කලහ.මෑතක එවන් කරත්ත කරැවන් ලෙස ගමේ ප්‍රසිද්ධ වු අය වුයේ ඩැනියෙල්,ආතර් හා දාබිලින් යන මහතුන්ය. ඔවුන් වේයන්ගොඩ හා නිට්ටඹුව නගරවල සිට කුඹල්ඔළුවට ආහාර දව්‍ය හා පිටි ගෙනආහ. ලොරි හා ටැක්ටර් නොතිබු අතර බඩු ප්‍රවාහනය වුයේ කරත්තයෙනි.

    
ගමට වාහන පැමිනීම- 
1950 පමනවු කාළයන් ගෙන් පසුව ගම හා ගම අවට වාහන දක්නට ලැබින. මුල් කාළයේ  හළලියේ විජේදාස මහතා ලොරියක්ද දෙල්ගහමැඩිල්ලේ මුණසිංහි මහත්තයාට මයිනර් කාරයක්ද ගල්ගමුවේ නිශ්ශංක මහත්තයාට පොර්ඩ් වර්ගයේ කාරයක්ද තිබිනි. ගුණසේකර මුදලාලි මහතාටද කාරයක් තිබිනි.ගමේ බොහෝ දෙනෙකුට බයිසිකලයක්ද විය.වේරගොඩ විජේරත්න මහත්තයා ටැක්ටර් රියදුරෙකු විය.ගමෙහි රියදුරන් සිටියද ඔවුන් සතු වාහන නොවීය. 
මුල්වරට මල්හෑව සිට වෞයන්ගොඩ දක්වා  ලංගම බසයක් ධාවනය වුයේ 1962 වසරේ සිටය.එය කුඩා බස්රථයක් වු බැවින් පාන්බාගෙ යන නමක් භාවිතා වුයේය එහි රියදුරැ මුද්දරගම පොඩි මහත්තයා විය.කොන්දොස්තර වරයා පාන්මාමා යයි නමක් තැබුනේ පිසැල් සිසුන්ට කරැනාවන්ත වු බැවිනි.
මෙවකට කුඹල්ඔළුව ගම දෙමාපියන් තම දරැවන් උගතුන් කරන්නට වෙර දැරැවේ සමාජය වේගයෙන් වෙනස් වන බව අවබෝධ කරගත් බැවිනි. චන්ද බලය ලැබීම, විවිධ පක්ෂවල ක්‍රියාකාරකම් හා ප්‍රකාශයන් මාර්ග වල දියුනුව ,පාසැල් ගුරැවරැන් ගමේම අයවීම නිසා ඔවුන් ගම්වැසියන් උනන්දු කරවීම මෙන්ම  දෛනික මුදල් ලැබෙන රැකායාවල යෙදීම ආදී වෙනස් කම් සමාජය තුල ඇතිව්ම දෙමාපිය උනන්දුවට හේතුවිය.
මොනිටර් ගුරැ පත්වීමද තවත්හේතුවකි.එසේම සමාජය තුලවු රැකයා උත්පාදනයද වැඩිවිය.පාන් වැනි ආහාර නිෂ්පාදනය ,වඩු වෟත්තිය,පෙදරේරැ වෟත්තිය,කම්කරැ ඉල්ලුම වැඩිවීම,කිරි නිෂ්පාදනය,කුකුලන් හා ගවයන්ට ඉල්ලුම වැඩිවීම මුස්ලිම් වැනි වෙනත් වෙළඳුන් ගමටම විත් නිෂ්පාදන මිළට ගැනීම වැනි හේතුන් ගම සමාජයේ ක්‍රියාකාරිත්වය වෙනස් කරන්නට සාධක  විය. 

                                                                                                 

Comments

Popular posts from this blog