12     වළන්  නිපදවන නව ත්‍රමයන්  

                                    
රජමැදුරට හැළිවළන් සැපයීම භාරව සිටි ගම කුඹල්ඔළුව බව ගමට නම හැදුන හැටි කතා පුවතේදී ඔබ කියවන්නට ඇත.එහි වළන් කර්මාන්තය ගැන තිබු විස්තරයට තවත් පිටුවක් එක්‍කලේ එය  ගමට එදා මුළිකවු සම්පතක් බව සඳහන් වන හෙයිනි. කුඹලා ගේ ඔළුව ලෙස හැඳින්වු ගමේ හිමිකම කුඹල්ඔළුවටය. එසේම අදද මැටි කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් ගම්වැසියන් සිටින බැවින් හා ගම නම ලද්දේ මැටිවැඩ නිසාත් මේ ලිපිය වැදගත් වනු ඇත.

මැටිගන්නාගාරය පමනක් නොව විලඉස්මත්ත වැනි අනෙක් ගම් වලද වළන් මැටි පමනක් නොව තලාතු මිනිරන් ලෙස හැඳින්වෙන මැටි හා සමාන වැදගත් පස් වර්ග හමුවේ.තවමත් එම සම්පතින් ප්‍රයෝජන ගැනීමක් සිදු නොවන බව ගම්වැසියන් ගේ අදහසයි.භුගතවු බොහෝ සම්පක් ගම තුල සැඟවී නැතැයි කියන්නට නුපුළුවන.එවන් පිරික්සුම් නොකෙරෙන බැවින් එහි සත්‍යතාවය ගැන යමක් කිව නොහැකිය.
   
ගල්වැලි ඉවක් කරගත් මැටි පදම් කර ගත යුතුය.එය කරන්නේ මැටිගුලිය තුනී කරමින් ඇදීමෙනි.එසේම එය තැලීමක්ද කෙරේ. ඉන්පසු එය ඇලෙන නොඇනෙ තත්වයකට පත්වෙයි.ඉන්පසු සකපෝරැව මත ගුලියක් ලෙස සැකසුන මැටිපිඩ තබා පෝරැව නැරකැවිය යුතුය. ඉන්පසු කැරකැවෙන මැටිගුලිය දෑතින් තද කරමින් හැඩගැස් විය යුතුය
එසේ හැඩගැස්වා ගත් මැටි බඳුන අලංකාර කරන්නට විවිධ උපකරන භාවිතයෙන් පුළුවන.එහෙත් විසිතුරැ භාණ්ඩ හැර ආහාර පිසීමට ගන්නා  හැළිවළන් අලංකාර කරන්නේ නැත. ඒ ඒවා රත් කිරීමේදී කළු ගැසෙන බැවිනි.
මෙසේ සාදා ගත් බඳුන් දර පෝරනුවක අසුරා පුළුස්සා ගත්විට ශක්තියද වැඩිවන අතර වර්ණ ආලේප කිරීමටද පහසුය.අද නවීන පෝරනුද දැකිය හැකිය.
  
. නවීන පෝරනුවක්.        සකපෝරැව මත හැඩ ගැස්වීම

තවද මෙම මැටි මුර්ති ඇඹීමටද භාවිතා කෙරේ.කෙසේ වුවද මැටි කර්මාන්තය ලොවම පිලිගත් උසස්තම කර්මාන්තයක් බව කිය හැකිය.වළන් භාවිතයට පහසුය.එසේම මැටි කළයක වු ජලයද නිතරම සිසිල් වීම එම බඳුන් වලටම ආවේනික වු ශක්තියකි.නවීක උපකරන වල පවතින මළ බැඳිම වැනි දුර් ගුනයන් නොමැති වීමද එහිවු විශිෂ්ථ ගුනාංගයක් වන්නේය.
  

අපේ ගමේ සිටින මුර්ති ශිල්පීන් සිය දක්ෂතාවයන් වියැකී යන්නට පෙර නවපරපුරට සිය දැනුම බෙදා දෙන්නේ නම් එය මහඟු පුන්‍ය කර්මයක් පමනක් නොව කළාව වෙනුවෙන් කළ මහඟු සේවයක්ද වන්නේයයි අපගේ විශ්වාශයයි. එසේම එවන් පරපුරක් ඇති කරන්නට ගමේ වැදගතුන් පියවර ගන්නේ නම් ඔවුනගේ නාමය සදාකාලික මතකයට පත්වන බවද කිව යුතුය.
කිසිදු පුහුනු ආයතනයක් නොමැති කුඹල්ඔළුව ගමට කරන උපකාරයක්ද වන්නේය  

  
   මල් පෝච්චියක්සෑදීම    රෑප ඇඹීම                 
  
     ඇඹීම හා කැටයම් කිරීම විවිධෘකෘරීවු උපකරන භාවිතයෙන් කලහැකි පහසු කාර්යයකි. එනමුත් කළාවට ලැදි හිතක් නැත්තෙකුට එය කල නොහැකිය.  


සක පෝරැවේ කවි      

නාරිලතාවැල් ලියවැල්වට ඇද
   සෝඩියකුරැ පිල්ලම්-                          ඇඳලා
ත්‍රීශුලම්මැද ඕංශ්‍රීංපද ආරස්සාවට           පිහිටුවලා
මයුරනාගහසඋරඟද ඈ සිව්පුට්ටු 
සිව්කොන ඇඳ                                      නිමලා
මණ්ඩලනවග්‍රහ රාශි දොළහ
 සත්විසිනැකුතුත්                               පිහිටුවලා                                   


Comments

Popular posts from this blog