15    ගමේ  පන්සල්              විහාරස්ථානයක් ලක්දිවවු හැමම හඳුන්වන්නේ පන්සල යන කෙටි වදනකිනි. එය රජවරැන් පාලනය කරන අවධියේ සිට භාවිතා වන හුරැ පුරැදු වදන වෙයි.දෙවනපෑතිස් රජ දවස බුදුදහම ගැන කියවෙන ගම්පුවත් වලද නිරතුරැව යෙදුන ගම්වල ජනතාව තුල බුදුබැතිය දනවන ලක්වැසියනට හුරැ එකම වදනද වන්නේ පන්සල යන නාමයයි.කුඹල්ඔළුව ගමතුල මෙන්ම මායිම් ගම්වලද පවතින පන්සල්ද මෙගම වැසියන් නිතර ඇසුරැ කරන විහාරස්ථාන වන බව ගම්පුවත් දක්වයි.
   
කුඹල්ඔළුව ගම ගැන කතා කරන විට පළමුවම සිහියට නැගෙන්නේ හළලිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයයි. එයට හේතු රැසක් කිබේ.මෑත කාළයේ එහි විහාරාධිපතිව ව්සු විජයද්ධ ස්වාමීන් වහන්සේ දීර්ගතම කෘළයක් ගමට ඉමහත් සේවාවක් කළ හිමි නමකි.විජයද්ධජ හිමිපානන් වයස 19දී මහණවු බවද අපවත් වනවිට වයස අවුරැදු 99 ක් බවද කියවේ.උන් වහන්සේ ගම හා කෙතරම් සමීප වුවාදැයි කිවහොත් ගමේ කුඩා දරැවන් ගේ විස්තර පවා දැන සිටියහ.එසේම හළලියේ පන්සලට බොහෝ දායකයන් හා දානපතින් ගෙන් ඉමහත් උපකාර ලබන්නට එහිවැඩවිසු ස්වාමීන් වහන්සේලා සමත් වුහ.මෙම පන්සල රාමඤඤ නිකායට අයත් විය.ඉතා පැරනිම ආවාස ගෙය ඒ අතීතය මැනවින් පෙන්වා දෙයි.මෙම විහාරස්ථානය වෙනුවෙන් කළ පරිත්‍යාගයන් පිළිබඳ වු ශිලා ලේඛණයක්ද අදද දැකිය හැකිය. මැතදී ඉදිකෙරැන චෛයිත්‍යය මෑත වැඩවිසු ස්වාමීන් වහන්සේලා සහ දායක සභාවේ ‍අදිස්ථානයත් පරිත්‍යාගශීලී බවත් පෙන්වන කදිම උදාහරනයක් වන්නේය.බුද්ධ වර්ෂ 2441 දී කුඹල්ඔළුවේ කොරනේලිස් දිසානායක මැතිඳුන් මෙම පරිත්‍යාගයන් කළබවට හා ආරාමය සෑදවු පවට එම ශිලා ලේඛණයේ දැක්වේ. හළලිය විජයාරාම විහාරස්ථානයෙහි විජයද්ධජහාමුදුරැවන්ටපසුකළුඅග්ගල,අරියධජ,(දෙල්ගොල්ලෙහාමුදුරැවෝ),සද්ධානන්ද,ධම්මානන්ද,ධම්මාලෝක යන ස්වාමීන් වහන්සේලා වැඩසිටි බව සඳහන් වෙයි.
හළලියේ පන්සල ගමට ලංවුයේ  කොට්ටලට ගෙනගිය පාසැලට ගමේ ස්ථානයක් හදා ගන්නා තුරැ හළලියේ විජයාරාම විහාරස්ථානයේ බණමඩුවෙහි සිසුන් 20 කට ගුරැ භවතුන් 05ක් එක්ව පාසැල පවත්වා ගෙන යාම නිසාය. අදද එම පන්සලේ දහම් පාසැල් පැවැත් වේ. සමහර කාළවල ගමේ ටීටර් පවා රඟ දක්වන්නට පන්සලට ආශ්‍රිත බිම යොදා ගෙන ඇත.එහෙත් පන්සල් බිම නාට්‍ය රඟදක්වන්නට අවසර ලැබුනේ සඳකිඳුරැ වැනි ජාතකකථා වලට පමනෙකි.අතීත  තොරතුරැ අනුව ගමෙහි පැරනිම විහාරස්ථානය වන්නේද විජයාරාම විහාරස්ථානයයි.
  


ශ්‍රී ජයවර්ධනාරාමය  කුඹල්ඔළුව මහ විදිහල අසලින් නිට්ටඹුවට යන මාර්ගය අසල පිහිටවුන විහාරස්ථානය වෙයි. එය පිහිටවීමට මුල්වු කතාවද රසවත්ය. අතීතයේ නිට්ටඹුවට යාමට තිබී ඇත්තේ කුඩා පාරකි.එය දැනට පන්සල්වත්ත හරහා දෙල්ගහක් යටවු කමතකින් වැටී තිබුන බව කියවේ.එම දෙල් ගහේ කොටසක් තවම දැකිය හැකිය. එවකට පන්සල්වත්ත හා පහලවු කුඹුරැ අයිතිව  තිබුනේකොරනේලිස් නම්වු මහතෙකුට බවද, එය පන්සලක්සඳහා පුජා කළෙද එතුමායයි සඳහන් වෙයි. එහෙත් පන්සල ගොඩනගන්නට කොට්ටල මැම්බර් මහතාද කටයුතු කළ බවද පැවසෙයි. එය සත්‍යමවු පුවතක් ලෙස සැළකිය හැක්කේ පන්සලේ නමද එතුමාගේ නමින් ජයවර්ධනාරාමය ලෙස නම්වු බව සඳහන් වන බැවිනි.එතුමා නිසා පන්සල හා පාරද ඉදිවු බව අතීත තොරතුරැ වලින් කියවේ.ගම්පුවත් වලින් හෙලිවන කරැනු අනුව කොට්ටල ජයවර්ධන මැමිබර් මහතා පන්සල ගොඩ නගන්නට කල මෙහෙයට ගෞරවයක් ලෙස එතුමාගේ නමින්ම ජයවර්ධනාරාමය යයි නම තැබුන බව කියවේ.


  
ජයවර්ධනාරාම විහාරස්ථානයේ අතීත තොරතුරැ අනුව  තම්මිට පේමින්ද ස්වාමීන් වහන්සේ විශාල වැඩ කොටසක් කර ඇත.ජෙනරේටරයක් මගින් පන්සලට විදුලිය ලබා දුන්නේ උන් වහන්සේය.ඉන්පසු පනාවල සිරිනන්ද හිමියන් හා විජිතසිරි හිමමියන්ද මිනුවන්ගොඩ ධම්මපාල හිමියන්ද පසුව ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විහාරාධිපති තනතුරට පත්ව විශාල මෙහෙයක් කල බවද සඳහන් වේ.වත්මන් විහාරාධිපති හිමියන්අද වනවිට දෙවරක්  අලිඇතුන් සහිත මාහැඟි පෙරහැරක් සංවිධානය කල බවද කියවේ..   

කුඹල්ඔළුවේ සිට දුමුන්නේගෙදර පැත්තට යන මාර්ගය අසල වු අනෙක් විහාරස්ථානය වනුයේ ශ්‍රී සුදර්ඔනාරාම පුරාණ විහාරයයි.එම පන්සලද විශාල චෛත්‍යයකින් හා බණමඩුව ඇතුළු සියළු අවශ්‍යතා සපිරැන විහාරස්ථාණයක් වන්නේය.පනාවල පියරතන ස්වාමින් වහන්සේ එහි විහාරාධිපති වහන්සේය.උන්වහන්සේ  කුඹල්ඔළුව මහ විදුහලෙහි ගුරැ පදවියද හෙබවු සංඝ රත්නයකි.                           34-36තාපස නිකායක    කතාවක්අපේ ගමතුල එවකට තාපස නිකාය නම්වු නිකායක් ඇතිවු බවද කියවේ.එම නිකායට එක්වු තපසුන් වාසය කර ඇත්තේ මීනී කනතු (සොහොන් බිම) වල බවද කියවේ.ඔවුන් එළමුත්‍රා පානය කල බවද තමන්ම පඩුපෙවු සිවුරැ පෙරවු බවද ගැමියන් කියති.එම නිකාය තමන්ගේ පිළිවෙත නිවැරිදි බවද පවසනු ලැබු බවද කියවේ.එවකටවු බොහෝ තරැන පිරිස් ඔවුන් හා එක්වීම නිසා වේගයෙන් වර්ධනය වුවද පසුව මාස ගණනකින් ඔවුන් ගැන තොරතුරැ නැතිවු බවද ගම්පුවත් සඳහන් කරයි.  


Comments

Popular posts from this blog