20    ගී පොතක පිටුවක්                                                                      


පියෙකු ගේ කවියක්
වියතුන් සභා මැද
ශිල්ප දැන සිටින්නයි
මා නොදුටු නව ලොවක
රෑ සොබා දකින්නයි

මගෙ පුතා මට වඩා පියවරක් මනින්යි
ඒ සුභා කෙලෙස හෝ මගෙ නෙතින් දකින්නයි
දිනක අවසන් සුසුම මගෙ මුවින් නික්මුනත්
නුඹ ගන්න සුසුම වී නුඹ තුලම රැ‍ෙඳන්නයි
පුතු සෙනෙහෙ නිදන් වු ඇට මිදුලු දිරැණු දා
පොළෙවෙ පස ලෙසින් මම නුඹ දරා සිටින්නයි
  
නිශාන් මෙන්ඩිස්  ( කුඹල්ඔළුව )


මගෙ නංගි මට වඩා ඩිඟිත්තක් පොඩි වුනත්           
හරියටම දඟකාරි අකුරැ මැද සිරකාරි

ශිල්ප පොත අත රැඳුන අකුරැ ගැනගැන ඉන්න
කාළයක් නෑ නගේ බෑ අපට තනිවෙන්න

මට වඩා ඉදිරියෙන් ගිහින් නුඹ හිනැහියන්                                     
මට දැනේවී එවිට ලෝකයම දිනුව සේ !
රිසිමිණි - ගල්ගමුව


21  කුඹල්ඔළුවේ වාරිමාර්ග හා කුඹුරැ නාමයන්

උතුරින් හා බස්නාහිරෙන් දී- ඇල්ලේ ඔයෙන්  ගම මායිම් වන්නේ වී වගාවට අවශ්‍ය ජලයද ලබා දෙමිනි.එහෙත් දෙල්ලගොඩ කුඹුරැ සඳහා ජලය ලැබෙන්නේ වර්ෂාවෙන් පමනකි. ගල්බොක්ක නමින් හඳුන්වන කුඹුරැ යාය අස්වද්දන්නට හැකි වනුයේ වර්ෂා ජලයෙන් පමනකි. එම කුඹුරැ සඳහා ජලය සපයන ඇල මාර්ගය ඇරඹෙනුයේ දුමුන්නේගෙදර ගම්මානයෙනි.

1)  දෙල්ලගොඩ වෙල්යාය - ගල්බොක්ක
2)  දෙල්ගහමැඩිල්ල පන්සල අසල වෙල්යාය - හළලිය වෙළ
3)   පහලගමට උතුරින් - සියඹලාව
4)   උකුල්වෙල අසල - හිටහිටියාව
5)   විලඉස්මත්ත     _ විලකුඹුර
6)   හළලිය පන්සල අසල - අඹකුඹුර
7)   පන්සලට ඉහල  -  දැරෑන්ද

මෙම සෑම කුඹුරක්ම නිර්මාණය කර ඇත්තේ  ගමකට යාවු පහත් බිම් වලය. ඒවාට ජලය ලබා ගන්නටද ජලමාර්ගද රජදවස ක්‍රමවත්ව සකසා තිබිනි. එය ආදිතමයන්ගේ පාරිසරික ඤාණය විදහා දක්වන්නක් වන්නේය.


Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\DSC_0000076.JPG Description: G:\Documents and Settings\anke\My Documents\Photos\IMG0665A.jpg


  20 සිහිපත් කරන්නෙමු   මෙලෙසින්        

සිංහළයන් වෙසෙන සංහළරටට දිවංගත බණ්ඩාරණායක මැතිඳුන් කළ උදාර මෙහෙවර නිසා  ගමටද අත්වු සහනය අපමනය.එදා ගම්වැසියනට ආණ්ඩුව එවු ලිපි ඉංග්‍රිසියෙන් ලියවී තිබිනි. සිංහළවත් නොදත් ගම් වැසියන් ඒ ලිපි රැගෙන ඉංග්‍රිසි දත් මහත්වරැ සොයා ගියහ.එතුමා රාජ්‍යභාෂාව සිංහල කිරීම හා මුලින්ම බස්රථයක් ලබාදීම කුඹල්ඔළුව ගම පිබිදීමට හේතුවු බව ගමේ පුවත් සඳහන් කරයි. 

      
 ප්‍රථම ජනපති වු  ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් අභාවප්‍රාප්ත වුවත් එතුමා ගමට පමනක් නොව රටටම වැඩක් කළ නායකයෙකු විය. එතුමා ගේ ඉඩකඩම් හා බංගලාවක්ද කුඹල්ඔළුවේ විය. ජනපති වන්නට පෙර මෙන්ම පසුවද එතුමා තම නිවහනට එන්නට අමතක කලේ නැත.රටපුරා විදුලිය තිබුනද එවකට අ‍පේ ගමට විදුලිය නොතිබුනි. මෙය එතුමාට ගමේ ලොකු අඩුවක් බවට හැ‍ඟුනා විය හැකිය. එහෙත් ගමට විදුලිය ගන්නට තරම් වත්කමක් ගම් වැසියනට නොවීය.එතුමා පසුබට වුයේ නැත.
ගමේ තිබු හැම ගෙදරක්ම වෙනුවෙන් රැපියල් 60 බැගින් එතුමා විදුලි බල මණ්ඩලයට ගෙවා විදුලිය ලබා ගත්තේය.පසුව විදුලිය ලබාගත් හැම ගෙදරකටම ගෙවන්නට වුයේ ඉතිරිය පමනෙකි.
ජනපති වු පසුද එතුමා ගම ගැන සොයා බැළුවේය. දෙල්ගහමැඩිල්ල විහාරස්ථානයේ චෛත්‍යයට මුල්ගල් තැබුවේද එතුමාය. ඉන්පසුව ජපන් කුමරැ ලංකාවට පැමිනි පසු එතුමාද සමග කුඹල්ඔළුව මහ විදුහලට පැමින එම භුමියේ සුදු හඳුන් පැලයක්ද ජපන්කුමරැ අතින් සිටුවා එම ගමන අනුස්මරනය කෙරෙන මතකයක් ඇති කළේය.
තවද තම දරැවන් පාසැලට යවන්නට පීඩා විඳි දෙමාපියන්ට සහනයක් ලෙස පොත්පත් ලබා දීමෙන් කළ උපකාරය එතුමන්ට සදාතනික ගෞරවයක් වනු ඇත.

 ගමට වැඩ කළ තවත් බොහෝ අය වෙති ගමට නව පහසුකමක් සලසමින් විමලා විජේවර්ධන මැතිතුමිය තැපල් කාර්යාලයට දුරකතනය ලබා දුන්නාය. පාසැල් පුස්තකාළය නිමවා පරිත්‍යාග කළේ පල්ලේයෙල පියසේන මහතා  බව සඳහන්වේ..පන්සල් වලට ඉඩම් පරිත්‍යාග කර ඒවා ගොඩ නගන්නට පරිත්‍යාගයන් කළ කොරනේළිස් දිසාණායක මැතිතුමන්,කොට්ටල මැම්බර් ජයවර්ධන මැතිතුමන්,ග‍මේ පාළම් තනවන්නට දිරිදැරෑ ගල්ගමුවේ බණ්ඩාර මැතිතුමන්,නිට්ටඹුව කුඹල්ඔළුව මාර්ගයට බස්රථයක් ලබාගන්නට ගරැමන්ත්‍රී මහේන්ද විජේරත්න මැතිතුමන් ගේ සහය ලබමින් වෙහෙසවු කරැණාසිංහ තැපල් මහතා,පෙරේරා රියදුරැ මහතා සමග නිශ්ශංක ගැනද ගම්පුවත් සඳහන් කරයි.

*ඉහළපහළ කුඹල්ඔළුවේ වෙසක් උත්සවයන්ට තොරන් හා සැරසිළි කල හා දාණමය පිංකම් හා,නාට්‍ය දර්ශන,සංගීත දර්ශන ඉදිරිපත් කල හැම ගැනම ගම් පුවත් සඳහන් කරයි.

යමක් කරන්නට සියල්ලම ලැබෙන්නේ ඔබ දිරියෙන් එය කරන්නට වෙර දැරැවොත් පමනය.


   21    චාරිත්‍ර හා වත් පිළිවෙත්                                                                                

           කුඹල් ඔළුව ගමේ වැසියන් ගේ චාරත්‍ර හා වත් පිළිවෙත් ගැන කෙරෙනු විමසීමදී දැකිය හැකි ලක්ෂණය වන්නේ පන්සල් හා දේවාල වලදී කෙරෙන චාරිත්‍ර රැකීමය. මෙම ගමේ වැසියන් තවමත් පුරාන චාරිත්‍රයන් එලෙසම රකින්නනන් විම අදද දක්නට ලැබේ.

 කුඹල්ඔළුව ගමේවැසියන්  නිසියාකාරව ඉටුකරන චාරිතුය වනනේ දානමය පිංකමය. පන්සලට ගොස් හාමුදුරැවන්ට පුජා කරන දානය ගෙදරක පිලියෙල වන උතුම්ම කාරිය බව කිය හැකිය. ඉතාමත් රසවත්ව පිරිසිදුව පිසින ආහාරය ඉඳුල් කරන්නේ නැත. ඒ කාරිය දේව කාරියකටත් වඩා උතුම් ලෙස ඔවුන් සලකති.


            අතීතයේ මුළු ගමම එක දිනක එකට එක්වුහ. ඒ අළුත් අවුරැද්දට  පසුවය.සිංහළ.අවුරැදු කෑමෙන් පසු ගමේ වැසියන් පන්සලද, ගම්මුලෑදෑනියා සහ වෙදමහත්තයා මුන ගැහෙන්නට දින වෙන්කර ගත්හ.
අවුරැදු උත්සවය සමරන්නේ ගිහියන් පමනක් නොවේ.පන්සලේ හාමුදුරැවොද විවිධාකාරයෙන් එයට සහය වුහ.බොහෝ වට හිසතෙල්ගෑමට පන්සලට එන හැමට හිසතෙල් ගා ආශිර්වාද කළේ හාමුදුරැවෝය.එසේම පන්සලේ හාමුදුරැවන් සහ පොඩි හාමුදුරැවරැන්ට ගෙදර හදන රසකැවිලි පුදන්නට  ගමේ අය අමතක නොකලහ.ගමත් පන්සලත් යන බැඳීම අර්ථයෙන්ම කුඹල්ඔළුව ගමට එක්වී තිබිනි.

දෙවන පියවර වුයේ ගමේ ගම්මුළාදෑනායා ගේ ගෙදර යාමයි.ඒ ගමනට තෑගිබෝග නොවීය.පුලත් අතක් පිලි ගන්වා ගම්මුළාදෑනියාට ගෞරව දක්වන්නට එන මේ ගමනට හැම ගෙදරකම අය එක්වුහ.එම සාදයට ප්‍රතිචාර දැක්වුයේ මුළාදෑනි ගෙදර සකස් කළ රසකැවිලි  පිරි සංග්‍රහ මේසයෙනි. සමහරැ එදා රාත්‍රි බතපවා මුළාදෑනි ගෙදරින් ලදහ.එහෙත් කිසිදු වටෙක කිසිදු මත්පැනක් නම් නොවීය.තෙවැනි පියවර වුයේ ගමේ වෙද මහතාගේ නිවසය. එහිදීද එම චාරිත්‍රයන් එලෙසම සිදුවු අතර මේ දෙපෙලේදීම ගම්වසෙියන් වෙනුවෙන් සිතුති කිරීම හා එයට ල්‍රතිචාර දදක්වන කතා දෙපාර්ශයම කළහ.මෙවන් බැඳීමක් හා එකමුතුවක් මෑත අතීතය දක්වාම  ගමෙහි විය.ගම්මුළාදෑනි ක්‍රමය අවසන් වීමෙන් එම චාරත්‍රය අවසන් වුවද වෙද මහත්තයා මියයන තුරාම එම පිළිවෙත පැවතුන බව කිව යුතුය.

      
අදද සිංහළ අවුරැද්ද වෙනුවෙන් කෙරෙන චාරිත්‍ර  ගම්වැසියන් ඉටුකරන බව පෙනේ.ගනුදෙනු කිරීම ,නොනගතය හා සංග්‍රහය මෙන්ම නෑදෑගෙවල යාම තවමත් ගම්වැසියන් ඉටු කරන චෘරිත්‍රයන් වන්නේය.

එදා ගමේ පන්සලේ කාර්යයකට මුදල් සොයා ගන්නට ගැමියන් එක්ව පන්සලේ සල්පිලක් පැවත්වහ.ගම පමනක් නොව අවට ගම් වලින්ද එයට මුදලින් හා භාණ්ඩ වලින් ආධාර ලැබිනි. අද කෙමෙන් ඉවත්ව යන මේ උතුම් කාර්යය එදා පන්සල දියුනු කරන්නට බෙහෙවින් උපකාර විය.

   එදා පන්සලේ සල්පිල ගැහැනු පිරිමි ළමා ළපටි කොයි කවුරැත් එකට මුණගසවන වනෝදාත්මක වුවක්ද විය.සල්පිලේ වෙන්දේසි වු සමහර භාණ්ඩ වලටවු ඉල්ලුම එම භාණ්ඩයේ සැබෑ වටිනාකමට වඩා බෙහෙවින් වැඩිවිය.තරැණ පෙල එම භාණ්ඩ ගන්නට වෙර දැරීම එයට හේතුවිය.කෙසේ වෙතත් සල්පිලේ ආදායම විශාල වීම එම කෘර්යයන්ට මහඟු උපකාරයක් විය.
                                   සල්පිල අවශාන වන්නේ ටීටර් එකකින් හෝ ජාතක කතාවක් රඟ දැක්වීමෙන් පසුවය. ඒවා එදා සකස් කලේ වියත් පඬිවරැන් නොව ගමේම කළා කරැවන්ය.ඒවාට ගම තරැණ පෙළ පමනක් නොව වැඩිහිටියනද එක්විය.එහෙත් කිසි වටෙක කිසිදු චරිතයනට ස්ත්‍රින් යොදවා ගත්තේද නැත.ඒ ස්ත්‍රීනට අවමානයක් වෙතැයි යන හැඟීම මතය.
        අපේ ගමේ හළලිය පන්සල ගම්වැසියන් මෙවන් කාර්යයන් සඳහා යොදා ගත්‍තේ එහි නායක ස්වාමීන් වු විජයද්ධජ හිමිපානන් ගේ අවසරය මතය.එහෙත් ජාතක කතාවක් හැරෙන්නට අන්කතා සන්සල්බිම රඟ දක්වන්නට අවසර ලැබුනේ නැත. එවකට කළාකරැවන් වු නටන ජේමිස් හා බණ්ඩරවත්තේ පියදාස යන මහත්වරැ මේවාට අති දක්ෂයන් වුහ.කතා සැකසුමද බෙර වාදනයද ඔවුන්ගේම වු අතර සඳකිඳුරැ හා මනමේ කතාව විශිෂ්ඨතම කෟතියන්ද විය.මෙවන් රඟ දැක්වුමක් පුහුනු කරන්නට ඔවුනට දින දෙකක් ප්‍රමානවත් වීමද වැදගත් ලක්ෂනයකැයි කිව යුතුය.

මේ හැම නාට්‍යකම පොතේ ගුරාද බල්ලෙකු සේ හැඳගත් අයෙකුද විකටයෙකුද විය.බල්ලා ලෙස හැඳගත් අය බල්ලෙකු කරන හැම දෙයම කිරීම නරඹන්නා සිනහ ගන්වන්නේය.විකටයා සමහර විටක දොඩන බස් යම්යම් ක්‍රියා විනෝදාත්මක ලෙස උපහාසයට ලක් කරන්නේය.මෙම නාට්‍ය සමාජයේ ඉදිරි ගමනට මහත් රැකුලක් වන්නට ඇත.
                      පන්සල් බිම ඉඩ නොලැබුනද පන්සල මායිමේවු වත්තේ තැනු මඩුවක විවිධ කතා රඟ දැක්වින. බොහෝ විට ඒවාට පාදක වුයේ රජකතා සහ ප්‍රේම කතාවන්ය.
රජකතා මෙන්ම ප්‍රේමකතා වලද ස්ත්‍රී චරිත රඟපැවේ කෙහෙල්කොටුවේ බියෙල් මහතා සහ ඇක්මන් නම්වු මහත්වරැන්ය.සිරිසේන,විල්සන්,එව්ජින්,සාර්ලිස්, ආදී මහත්වරැ නළුවන් වුහ. කඩුසටන් එකල ජනප්‍රිය රඟදැක්වුමක්ද විය.කඩු සටන් වලදී කඩු ගැටෙන හඩ නංවන්නට කරකවන උපකරනයක්ද විය.එය මෑකත් වන තුරැම සිරිසේන මහතා ලඟ තිබිනි.
නාට්ටයක ජනප්‍රියම හා වනෝදාත්මක චරිතය වනු යේ විකටයායි. විකටයා ලෙස රඟපෑ ජනප්‍රිය නළුවා වු බස් පොඩි අප්පු හාමි අදත් මතකයේ රැඳන මෑතක් වන තුරාද ජීවත් වු අපුරැ පුද්ගලයෙකි. මෙවන් නාට්‍ය රඟදැක්වීම් 1900  වර්ෂ වලසිට 1980 දක්වා කඩින්කඩ පැවතී ඇත.වැඩි වශයෙනම හලළිය පන්සල ඒවාට මුල්වු අතර දෙල්ගහමැඩිල්ලේ  පන්සලේද සල්පිල් හා නාට්‍ය රඟදැක්වීම් සිදුව ඇත.
වෙසක් උත්සව හා තොරන් පමනක් නොව බොහෝ සමිති සමාගම්ද පන්සල ආශ්‍රිතව පැවැත්වීම කුඹල්ඔළුව ගම්වාසීන්ගේ පුරැද්දක්ව තිබින. පන්සලේ බනමඩුව ගමේ හැම රැස්වීමකටම  පොදු ස්ථානයවුයේ  ගම හා පස්සල අතරවු සෟජු බැඳීම සංකේතවත් කරමිනි. ගෙදරට  සේම පන්සලද  වෙසක් පොසොන් උත්සව සරසන්නට ගැමියන් දැඩි උනන්දුවක් දැක්වුහ. කුඩා දරැවන් ළමයින් හා වැඩිහිටියන් එදින සිල් සමාදන් වීම කුඹල්ඔළුවගමෙහි  දක්නට ලැබෙන විශෙිත ක්‍රියාවලියෙන් තවත් එකක් පමනකි.





Comments

Popular posts from this blog