25  කුඹල්ඔළුවේ වාරිමාර්ග හා කුඹුරැ නාමයන් 

උතුරින් හා බස්නාහිරෙන් දී- ඇල්ලේ ඔයෙන්  ගම මායිම් වන්නේ වී වගාවට අවශ්‍ය ජලයද ලබා දෙමිනි.එහෙත් දෙල්ලගොඩ කුඹුරැ සඳහා ජලය ලැබෙන්නේ වර්ෂාවෙන් පමනකි. ගල්බොක්ක නමින් හඳුන්වන කුඹුරැ යාය අස්වද්දන්නට හැකි වනුයේ වර්ෂා ජලයෙන් පමනකි. එම කුඹුරැ සඳහා ජලය සපයන ඇල මාර්ගය ඇරඹෙනුයේ දුමුන්නේගෙදර ගම්මානයෙනි.

1) දෙල්ලගොඩ වෙල්යාය - ගල්බොක්ක
2) දෙල්ගහමැඩිල්ල පන්සල අසල වෙල්යාය - හළලිය වෙළ
3) පහලගමට උතුරින් - සියඹලාව
4) උකුල්වෙල අසල - හිටහිටියාව
5) විලඉස්මත්ත     _ විලකුඹුර
6) හළලිය පන්සල අසල - අඹකුඹුර
7) පන්සලට ඉහල  -  දැරෑන්ද

මෙම සෑම කුඹුරක්ම නිර්මාණය කර ඇත්තේ  ගමකට යාවු පහත් බිම් වලය. ඒවාට ජලය ලබා ගන්නටද ජලමාර්ගද රජදවස ක්‍රමවත්ව සකසා තිබිනි. එය ආදිතමයන්ගේ පාරිසරික ඤාණය විදහා දක්වන්නක් වන්නේය.


   


26         ගමගැන තවත් යමක්    
ශ්‍රී ලංකාවේ ගම්මාන ගැන සොයා බලන විට සමහර ගම්මාන වල විශේෂිත වු ලක්ෂණයන් දක්නට නොලැබේ.ගම්මාන කිහිපයක හැරැන විට අනෙක් ගම්වල පෞරාණික වු වස්තුන්ද දක්නට නොලැබේ.ඒනිසාම ගම්වල අතීතයන් හාරා අවුස්සා බලන්නට නොපෙළෙඹුනද,. හැම ගමකටම එහිවු කිසියම් අතීතයක්ද ඒ අතීතය හා එක්වු අමරනීය මතකයක්ද පවත්නා බව ගම්පුවත් සඳහන් කරයි. එසේම මේ ලියන පොතට පාදකවු ගම්මානය වන්නේ කුඹල්ඔළුව නම්වු ගම්මානයයි.
කුඹල්ඔළුව කියන්නේ ශ්‍රී ලංකාවේ එනම ඇති එකම ගම්මානය නොවේ.මෙහි සඳහන් වන ගමෙහි තැපැල් කාර්යාල අංකය 11105 වේ. එය ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම  මැතිවරන කොට්ටාශය තුල වු ගම්මානයකි. තේ නිෂ්පාදනයට මුල්වු තලගමද   මාතලේ දිස්ත්‍රික්කයේද    කුඹල්ඔළුව නම්වු  වෙනත් ගම්මාන තිබේ.
සමහර විට ඔබ ලිපියක ලිපිනය ලියන විට එය මේ ගමට නගරය ලෙස සැලකෙන වේයන්ගොඩ යන්නද සඳහන් කළ යුතුමය.නොඑසේ නම් ඔබට ලිපි නොලැබෙන්නටද පුළුවන.එයට හේතුව මෙහි පාලන තැපැල් කාර්යාලය වේයන් ගොඩ වීමයි. සමහරැන් කුඹල්ඔළුවේ ග්‍රාමීය නගරය ලෙස හළලියද දක්වති. එයට හේතුව උප තැපල් කාර්යාලය,සමුපකාරය,සනස, ග්‍රාමීය බැංකුව   හා බොහෝ ව්‍යාපාර මෙහි වීමයි.
   පෙර ඈත අතීතය හාරා අවුස්සන විට කුඹල්ඔළුව නම්වු ගම්මානයටද පාදකවු අමිහිරි හා මිහිරි සිදුවීම් ඒකරාශීවු අතීතයක් පවතී. සමහර ගම් වලට මෙන් මෙම ගමටද පෞරානිකවු වස්තූන් නැති වුවද පෞරානිකවු අතීතයක් ඇත. ඒ අතීත සිදුවීම් මාලාව තුල එදා ගම ජීවත්වුවන්ගේ ජීවිතයන් කෙරේ බලපැ යම්යම් සිදුවීම් වර්තමානයට හා අතීතයට බලපෑ අන්දම කෙටියෙන් කිවහොත් කඳුළු මැදින් ආ ගමනැකැයි කිව හැකිය. කුඹල්ඔළුව නම්වු මෙම පොතින් ඒ අතීතය ලිහිල්ව විමසා බලන්නේ ගමගැන ලියවු අතීත ග්‍රන්ථයන් දක්නට නැති බැවිනි.
   රජවරැන් රට පාළනය කලසමයේ වුවද කුඹල්ඔළුව වැදගත් ස්ථානයක් ලත් ගමකැයි කිව හැකිය.ඒ වළන් කර්මාන්තය කෙරැනු ලක්දිවවු ගම්මාන අතරින් මෙම ගමද ප්‍රධානවු ගමක් බවට පත්ව තිබු බැවිනි.එසේම අපගම තුල ජීවත්වුවන් ගේ පෙළපත් නාමය නොහොත් පරම්පරා නාමයද පරිත්‍යාග වී ඇත්තේ රජවරැන් ගෙන් බවට සාධක අපමනවත් ඇති බැවිනි.
වත්මන් සමාජයේ අප කවුරැන්වත් නොදන්නා සමහර ශ්ලෝක ,දෙවොල් නැටුම් හා කාව්‍යවලද කුඹල්ඔළුව ගම ගැනවු වටිනා අතීත සිදුවීම් ගැබ්වී ඇත.එවන් සිදුවීම් ගමේ අතීතය විහිදා දක්වන කැටපතක් වන්නේය.බොහෝ පැරනි ගී ලියවී ඇත්තේ එදා සිදුවු යම්යම් සිදුවීම් මතය.ඒවා විචාරාත්මකව විමසා බලන්නෙකුට එදා අතීතය ගැන පමනක් නොව ජන ජීවිතය ගැනද මනාසේ වටහා ගත හැකිය.අතීතයේ සීපදයක් ගැයුවා නම් එහිද වුයේ එදා ජනදිවියේවු කිසියම් අත්දැකීමක් බවද කිව යුතුය.
අතීතයේ මෙම ගම පාළනය වුයේ මිනුවන්ගොඩ රාජධානිය යටතේය.එකළ රජකළ රජතුමන් වුයේ සකළකළා වල්ලභ නම්වු රජතුමන් බව අතීත තොරතුරැ දක්වයි.එම රජතුමන් එවකට රජ්‍ය පාළනයේ යෙදුන කාවන්තිස්ස නම් රජතුමාගේ බිසවකව ගේ පුත් කුමරා බවද එම තොරතුරැ දක්වයි. ගමට නම හැදුනේ හා පෙළපත් නාම ලැබුන අයුරැ වෙන ලිපියක දක්වා අති බැවින් එය මෙහි සඳහන් නොවේ.
ඉන්පසු රට පාළනය කළ රජවරැන්ගෙන් පසු පාළකයන්වු පෟතුග්‍රිසි ,ලන්දේසි හා ඉංග්‍රිසින් ගේ පාළනයන්හිදීද කුඹල්ඔළුව ගමට බලපෑම් එල්ලවු වු බව පෙනේ.
රජදවස පාළනයේදීවු ගමේ සීමාවන් තරමකට වෙනස් වුයේ ඉංග්‍රිසි පාළන කාළය තුල පමනකි.රජවරැ පාළනය කළ කාළසීමාවන්හිදී කුඹල්ඔළුව ගම ඉතා විශාලවු ගමක් බවට සාධක තිබේ.සකළකළා වල්ලභ රජතුමා ගමට නම තබන කාළයේ වෑබඩමුල්ල ගමද අපේ ගමෞම කොටසක් විය. අදද අපේ ගම ගම් කිහිපක එකතුවක් බවඔබද දනී. එමරජු ගමට නම තැබුවේ කුඹල්ඔළුව වශයෙන් බවත් හයට හේතුවත් ඔබ කියවන්නට ඇත.එම කරැන නිරීක්ෂනය කරන විට මැටි කර්මාන්තය හා අපේගම අතරවු බැඳීම පැහැදිලිවම පෙනේ.එසේම මැටි ලබාගත් විළඉස්මත්ත හා මැටිගන්නා ගාරය  යන ගම්ද අපේ ගමට අයත්වු ගම්වේ. මෙම කරැනු මත වෑබඩමුල්ල ගමද එදා අපේ ගමේ කොටසක් වුබව පැහැදිලිවේ.වෑබඩමුල්ල ගමෙන් වෙන්වන්නට ඇත්තේ ඉංග්‍රිසි ආණ්ඩුවේ පාළනය උදෙසා ගම්වල සීමා වෙනස් කරීම නිසා බව පෙනෙන කරැනකි.
     ඉංග්‍රිසි ආණ්ඩුව හා ඉංග්‍රිසින් රටවල් ආක්‍රමනය කලා සේම එම රටවල  සම්පත්ද ඔවුනගේ ප්‍රයෝජනයට ගන්නට උනන්දු වුහ..එහි ප්‍රතිපලයක් ලෙස මේ ගමද ඔවුනගේ දැඩි සැලකිල්ලට යොමුවු ගමක් වන්නට ඇත.ඉංග්‍රිසින් තම පාළන බලය තහවුරැ කර ගන්නට ගත් එක ක්‍රියා මාර්ගයක් වුයේ රජදවස ලද බලතල ඇත්තන් එලෙසම බලයේ තැබීමය. මෙම ගදතුල වලව් කාරයන් නොසිටියද මුදලි මුහන්දිරම්ලා,විදානෙලා, ආරච්චිලා සිටියහ. එවුන් සතු බලතල  එලෙසම රැඳවීම නිසා ඉංග්‍රිසින්ට පාළනය පහසුවිය. 
ඉංග්‍රිසි පාළනයේ අවසන් කාළසීමාව වන විට ඔවුන් ඔවුනගේ අවශ්යතාවයන් මත ගම් වලට පාරවල් තනන්නට පෙළඹිනි. කුඹල්ඔළුව ගම හරහා වැටුන මාර්ගය අනෙක් ගම් වලට යාහැකි කෙටි මාර්ගයක් විය.අදද මෙම මාර්ගය ප්‍රධාන අතුරැ මාර්ගයක් ලෙස භාවිතා කෙරේ.  ගම හරහා දිවෙන මාර්ගය ඉංග්‍රිසින් තනන්නට පියවර ගත්තේ ඒ නිසාය.ඉන්  ගමටද නව ජීවයක් ලබන්නට මං සැළසිනි. මේ වකවානුව වනවිට ඉංග්‍රිසි අාණ්ඩුවේ පළාත් භාර නිළධාරින්ද පත්කොට තිබිනි. ආණ්ඩුවේ ඒජන්තවරයා හැම අතින්ම බලගතු විය. එසේම එවකට ඉහළට උගත්තවුන්ද රටතුල සිටීම ආණ්ඩුවේ ගමන්මග වෙනස් වන්නට හේතුවක් වන්නට ඇත.
1820 ගනන් වල වුවද පාර තැනී තිබුනද අන් ගම්වලට මාර්ග නොවීය. ගමට අයත්වු ගමකට වුවද යාමට තිබුනේ දෙවට පාරක් හෝ වෙලේ නියරය.රටේ උගතුන් වැඩිවීමත් පාළකයන්ට තම ගමන් මග වෙනස් කරන්නට ඇතිවු බලපෑමක් විය. මේ අනුව ඉංග්‍රිසි පාළන මග වෙනස්ව ස්වභාෂා ඉගෙන්වීමේ මගකට යන්නට සිදු වන්නට ඇතැයි සිතිය හැකිය. ගම නැගෙන්නට පටන් ගත්තේ එතැනිනි.
 ගමේ අතීතයේද මුල් ආදායම් මගවු වී ගොවතැනට අමතරව වෙනත් වෟත්තීන්හිද යෙදෙන්නන් වුහ.ගමන් පහසුවක් නොලදද සමහරැ වවිධ කෑම වර්ග නිපදවා ඒවා හිසමත කූඩවල රඳවා තබාගෙන ගෙන්ගෙට ගොස් අලෙවි කලහ.විජාතිකයන්ද වෙනත් වර්ග ගමට ගෙනවිත් අලෙවි කලහ.වඩු පෙදරේරැ කරණවෑමි ඇඳුම් මහන්නන් රෙදි පවිත්‍ර කරන්නන් පමනක් නොව මස්මාළු අලෙවි කරන්නන්ද අපේ ගමතුල වුහ. එය අතීතයේ ශතය හා සල්ලියද භාවිතාවු කාළයක් විය.
1823 පමන ස්ටවුට් මහතා ගේ මග පෙන්වීම මත පාසැලක් ඇරඹීම ගමතුල නව පිබිදීමකට මුල් වන්නට ඇත.පන්සල හා ගුරැගෙදරට ගොස් අකුරැ කළ ගැමි දරැවනට ඉහළට ඉගෙන ගන්නට මග සැලසිනි.එහෙත් පුහුනුවක් මිස උගත්කමක් අනවශ්‍ය වු රැකියාවන්හි යෙදුන ගම්වැසියන්තුල ඉගෙනීම ගැන එතරම් අනන්දුවක් නොතිබිනි.එහෙත් ගමෙහි ස්කෝල මහත්වරැන්ගේ පෙලඹවීම හා අවවාද නිසා සෙමින් වුවද එකල දරැවන් ඉගෙනුමට පෙළඹුනහ.එකල ගැමියන්ගේ අදහසක් වුයේ ලියුමක් නියවන්නට දැන ගත්තාම ඇති යන හැඟීමය.
එම කාළයේ සතය හා සල්ලිය විශාල මුදලක් විය. සතයක් ගෙන කඩයකට ගියවිට අවශ්‍ය හැම දෙයම ලබා ගන්නට හැකිවිය.අතීත තොරතුරැ දක්වන සමහරැන් පැවසුවේ එකල කාරයක මිළ 250 ක් බවය. ඉඩම් අක්කරයක් රැපියල් 4.50 ක් වු බවද ඔවුන් පවසති.  1970 ගනන් වලද කම්කරැවෙකුගේ දවසේ කුලිය රැපියල් 3ක් විය.කෙසේ වුවද 1900 පමන වනවිට අපේ ගමේද උගතුන් වැඩිවුවා සේම ආණ්ඩුවේ රැකියා ලද ගනනද  වැඩිවිය.සංහලෙන් උගත්තද රැකියා අවශ්‍යතවෙය මත ඉංග්‍රිසි ඉගෙන ගන්නටද පෙළඹූන සංඛයාවද වැඩිවිය.එකල ඉංග්‍රිසිය  රැකියාවකට අවශ්‍යම විය.
        ඉංග්‍රිසි පාළනයෙන් මිදීමෙන් පසුව වුවද ගමෙහි වෙනසක් දකින්නට ලැබුනේ මෑත කාළයේදීය.ඒ බණ්ඩාරනායක මැතිඳුන් කුඹල්ඔළුව මාර්ගයට බස්රථයක් ලබාදීම සමගය. එය මෑත කාලීන දරැවන් ගේ අධ්‍යාපනයට හා වෟත්තීය පුහුනුවට හේතු සාධක ව්ය.ඉන්පසුව ජයවර්ධන මැතිඳුන් ගමට විදුලිය ලබා දෙන්නට හා රටටම පොත් නොමිලේ ලබා දෙන්නට ගත් පියවර නිසාය.ස්වයං රැකියාවන්ට සහනයක් අත්කලේ ප්‍රේමදාස මැතිඳුන් ගේ ජනසවි දිමනාව බවද සඳහන් කළ හැකිය.අද ගමේ හා බාහිර පරිත්‍යාගශීලීන් නිසා පාරවල් තැනී ඇත.පන්සල් පාසැල් ඉදිව ඇත.යම්යම් අඩුපාඩු තිබුනද අද ගම උසස් දියුනුවක් ලබා තිබේ.


26         ගමගැන තවත් යමක්   
ශ්‍රී ලංකාවේ ගම්මාන ගැන සොයා බලන විට සමහර ගම්මාන වල විශේෂිත වු ලක්ෂණයන් දක්නට නොලැබේ.ගම්මාන කිහිපයක හැරැන විට අනෙක් ගම්වල පෞරාණික වු වස්තුන්ද දක්නට නොලැබේ.ඒනිසාම ගම්වල අතීතයන් හාරා අවුස්සා බලන්නට නොපෙළෙඹුනද,. හැම ගමකටම එහිවු කිසියම් අතීතයක්ද ඒ අතීතය හා එක්වු අමරනීය මතකයක්ද පවත්නා බව ගම්පුවත් සහන් කරයි. එසේම මේ ලියන පොතට පාදකවු ගම්මානය වන්නේ කුඹල්ඔළුව නම්වු ගම්මානයයි.
කුඹල්ඔළුව කියන්නේ ශ්‍රී ලංකාවේ එනම ඇති එකම ගම්මානය නොවේ.මෙහි සඳහන් වන ගමෙහි තැපැල් කාර්යාල අංකය 11105 වේ. එය ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම  මැතිවරන කොට්ටාශය තුල වු ගම්මානයකි. තේ නිෂ්පාදනයට මුල්වු තලගමද   මාතලේ දිස්ත්‍රික්කයේද    කුඹල්ඔළුව නම්වු  වෙනත් ගම්මාන තිබේ.
සමහර විට ඔබ ලිපියක ලිපිනය ලියන විට එය මේ ගමට නගරය ලෙස සැලකෙන වේයන්ගොඩ යන්නද සඳහන් කළ යුතුමය.නොඑසේ නම් ඔබට ලිපි නොලැබෙන්නටද පුළුවන.එයට හේතුව මෙහි පාලන තැපැල් කාර්යාලය වේයන් ගොඩ වීමයි. සමහරැන් කුඹල්ඔළුවේ ග්‍රාමීය නගරය ලෙස හළලියද දක්වති. එයට හේතුව උප තැපල් කාර්යාලය,සමුපකාරය,සනස, ග්‍රාමීය බැංකුව   හා බොහෝ ව්‍යාපාර මෙහි වීමයි.
   පෙර ඈත අතීතය හාරා අවුස්සන විට කුඹල්ඔළුව නම්වු ගම්මානයටද පාදකවු අමිහිරි හා මිහිරි සිදුවීම් ඒකරාශීවු අතීතයක් පවතී. සමහර ගම් වලට මෙන් මෙම ගමටද පෞරානිකවු වස්තූන් නැති වුවද පෞරානිකවු අතීතයක් ඇත. ඒ අතීත සිදුවීම් මාලාව තුල එදා ගම ජීවත්වුවන්ගේ ජීවිතයන් කෙරේ බලපැ යම්යම් සිදුවීම් වර්තමානයට හා අතීතයට බලපෑ අන්දම කෙටියෙන් කිවහොත් කුළු මැදින් ආ ගමනැකැයි කිව හැකිය. කුඹල්ඔළුව නම්වු මෙම පොතින් ඒ අතීතය ලිහිල්ව විමසා බලන්නේ ගමගැන ලියවු අතීත ග්‍රන්ථයන් දක්නට නැති බැවිනි.
   රජවරැන් රට පාළනය කලසමයේ වුවද කුඹල්ඔළුව වැදගත් ස්ථානයක් ලත් ගමකැයි කිව හැකිය.ඒ වළන් කර්මාන්තය කෙරැනු ලක්දිවවු ගම්මාන අතරින් මෙම ගමද ප්‍රධානවු ගමක් බවට පත්ව තිබු බැවිනි.එසේම අපගම තුල ජීවත්වුවන් ගේ පෙළපත් නාමය නොහොත් පරම්පරා නාමයද පරිත්‍යාග වී ඇත්තේ රජවරැන් ගෙන් බවට සාධක අපමනවත් ඇති බැවිනි.
වත්මන් සමාජයේ අප කවුරැන්වත් නොදන්නා සමහර ශ්ලෝක ,දෙවොල් නැටුම් හා කාව්‍යවලද කුඹල්ඔළුව ගම ගැනවු වටිනා අතීත සිදුවීම් ගැබ්වී ඇත.එවන් සිදුවීම් ගමේ අතීතය විහිදා දක්වන කැටපතක් වන්නේය.බොහෝ පැරනි ගී ලියවී ඇත්තේ එදා සිදුවු යම්යම් සිදුවීම් මතය.ඒවා විචාරාත්මකව විමසා බලන්නෙකුට එදා අතීතය ගැන පමනක් නොව ජන ජීවිතය ගැනද මනාසේ වටහා ගත හැකිය.අතීතයේ සීපදයක් ගැයුවා නම් එහිද වුයේ එදා ජනදිවියේවු කිසියම් අත්දැකීමක් බවද කිව යුතුය.
අතීතයේ මෙම ගම පාළනය වුයේ මිනුවන්ගොඩ රාජධානිය යටතේය.එකළ රජකළ රජතුමන් වුයේ සකළකළා වල්ලභ නම්වු රජතුමන් බව අතීත තොරතුරැ දක්වයි.එම රජතුමන් එවකට රජ්‍ය පාළනයේ යෙදුන කාවන්තිස්ස නම් රජතුමාගේ බිසවකව ගේ පුත් කුමරා බවද එම තොරතුරැ දක්වයි. ගමට නම හැදුනේ හා පෙළපත් නාම ලැබුන අයුරැ වෙන ලිපියක දක්වා අති බැවින් එය මෙහි සහන් නොවේ.
ඉන්පසු රට පාළනය කළ රජවරැන්ගෙන් පසු පාළකයන්වු පෟතුග්‍රිසි ,ලන්දේසි හා ඉංග්‍රිසින් ගේ පාළනයන්හිදීද කුඹල්ඔළුව ගමට බලපෑම් එල්ලවු වු බව පෙනේ.
රජදවස පාළනයේදීවු ගමේ සීමාවන් තරමකට වෙනස් වුයේ ඉංග්‍රිසි පාළන කාළය තුල පමනකි.රජවරැ පාළනය කළ කාළසීමාවන්හිදී කුඹල්ඔළුව ගම ඉතා විශාලවු ගමක් බවට සාධක තිබේ.සකළකළා වල්ලභ රජතුමා ගමට නම තබන කාළයේ වෑබඩමුල්ල ගමද අපේ ගමෞම කොටසක් විය. අදද අපේ ගම ගම් කිහිපක එකතුවක් බවඔබද දනී. එමරජු ගමට නම තැබුවේ කුඹල්ඔළුව වශයෙන් බවත් හයට හේතුවත් ඔබ කියවන්නට ඇත.එම කරැන නිරීක්ෂනය කරන විට මැටි කර්මාන්තය හා අපේගම අතරවු බැීම පැහැදිලිවම පෙනේ.එසේම මැටි ලබාගත් විළඉස්මත්ත හා මැටිගන්නා ගාරය  යන ගම්ද අපේ ගමට අයත්වු ගම්වේ. මෙම කරැනු මත වෑබඩමුල්ල ගමද එදා අපේ ගමේ කොටසක් වුබව පැහැදිලිවේ.වෑබඩමුල්ල ගමෙන් වෙන්වන්නට ඇත්තේ ඉංග්‍රිසි ආණ්ඩුවේ පාළනය උදෙසා ගම්වල සීමා වෙනස් කරීම නිසා බව පෙනෙන කරැනකි.
     ඉංග්‍රිසි ආණ්ඩුව හා ඉංග්‍රිසින් රටවල් ආක්‍රමනය කලා සේම එම රටවල  සම්පත්ද ඔවුනගේ ප්‍රයෝජනයට ගන්නට උනන්දු වුහ..එහි ප්‍රතිපලයක් ලෙස මේ ගමද ඔවුනගේ දැඩි සැලකිල්ලට යොමුවු ගමක් වන්නට ඇත.ඉංග්‍රිසින් තම පාළන බලය තහවුරැ කර ගන්නට ගත් එක ක්‍රියා මාර්ගයක් වුයේ රජදවස ලද බලතල ඇත්තන් එලෙසම බලයේ තැබීමය. මෙම ගදතුල වලව් කාරයන් නොසිටියද මුදලි මුහන්දිරම්ලා,විදානෙලා, ආරච්චිලා සිටියහ. එවුන් සතු බලතල  එලෙසම රැවීම නිසා ඉංග්‍රිසින්ට පාළනය පහසුවිය.
ඉංග්‍රිසි පාළනයේ අවසන් කාළසීමාව වන විට ඔවුන් ඔවුනගේ අවශ්යතාවයන් මත ගම් වලට පාරවල් තනන්නට පෙළඹිනි. කුඹල්ඔළුව ගම හරහා වැටුන මාර්ගය අනෙක් ගම් වලට යාහැකි කෙටි මාර්ගයක් විය.අදද මෙම මාර්ගය ප්‍රධාන අතුරැ මාර්ගයක් ලෙස භාවිතා කෙරේ.  ගම හරහා දිවෙන මාර්ගය ඉංග්‍රිසින් තනන්නට පියවර ගත්තේ ඒ නිසාය.ඉන්  ගමටද නව ජීවයක් ලබන්නට මං සැළසිනි. මේ වකවානුව වනවිට ඉංග්‍රිසි අාණ්ඩුවේ පළාත් භාර නිළධාරින්ද පත්කොට තිබිනි. ආණ්ඩුවේ ඒජන්තවරයා හැම අතින්ම බලගතු විය. එසේම එවකට ඉහළට උගත්තවුන්ද රටතුල සිටීම ආණ්ඩුවේ ගමන්මග වෙනස් වන්නට හේතුවක් වන්නට ඇත.
1820 ගනන් වල වුවද පාර තැනී තිබුනද අන් ගම්වලට මාර්ග නොවීය. ගමට අයත්වු ගමකට වුවද යාමට තිබුනේ දෙවට පාරක් හෝ වෙලේ නියරය.රටේ උගතුන් වැඩිවීමත් පාළකයන්ට තම ගමන් මග වෙනස් කරන්නට ඇතිවු බලපෑමක් විය. මේ අනුව ඉංග්‍රිසි පාළන මග වෙනස්ව ස්වභාෂා ඉගෙන්වීමේ මගකට යන්නට සිදු වන්නට ඇතැයි සිතිය හැකිය. ගම නැගෙන්නට පටන් ගත්තේ එතැනිනි.
 ගමේ අතීතයේද මුල් ආදායම් මගවු වී ගොවතැනට අමතරව වෙනත් වෟත්තීන්හිද යෙදෙන්නන් වුහ.ගමන් පහසුවක් නොලදද සමහරැ වවිධ කෑම වර්ග නිපදවා ඒවා හිසමත කූඩවල රවා තබාගෙන ගෙන්ගෙට ගොස් අලෙවි කලහ.විජාතිකයන්ද වෙනත් වර්ග ගමට ගෙනවිත් අලෙවි කලහ.වඩු පෙදරේරැ කරණවෑමි ඇුම් මහන්නන් රෙදි පවිත්‍ර කරන්නන් පමනක් නොව මස්මාළු අලෙවි කරන්නන්ද අපේ ගමතුල වුහ. එය අතීතයේ ශතය හා සල්ලියද භාවිතාවු කාළයක් විය.
1823 පමන ස්ටවුට් මහතා ගේ මග පෙන්වීම මත පාසැලක් ඇරඹීම ගමතුල නව පිබිදීමකට මුල් වන්නට ඇත.පන්සල හා ගුරැගෙදරට ගොස් අකුරැ කළ ගැමි දරැවනට ඉහළට ඉගෙන ගන්නට මග සැලසිනි.එහෙත් පුහුනුවක් මිස උගත්කමක් අනවශ්‍ය වු රැකියාවන්හි යෙදුන ගම්වැසියන්තුල ඉගෙනීම ගැන එතරම් අනන්දුවක් නොතිබිනි.එහෙත් ගමෙහි ස්කෝල මහත්වරැන්ගේ පෙලඹවීම හා අවවාද නිසා සෙමින් වුවද එකල දරැවන් ඉගෙනුමට පෙළඹුනහ.එකල ගැමියන්ගේ අදහසක් වුයේ ලියුමක් නියවන්නට දැන ගත්තාම ඇති යන හැීමය.
එම කාළයේ සතය හා සල්ලිය විශාල මුදලක් විය. සතයක් ගෙන කඩයකට ගියවිට අවශ්‍ය හැම දෙයම ලබා ගන්නට හැකිවිය.අතීත තොරතුරැ දක්වන සමහරැන් පැවසුවේ එකල කාරයක මිළ 250 ක් බවය. ඉඩම් අක්කරයක් රැපියල් 4.50 ක් වු බවද ඔවුන් පවසති.  1970 ගනන් වලද කම්කරැවෙකුගේ දවසේ කුලිය රැපියල් 3ක් විය.කෙසේ වුවද 1900 පමන වනවිට අපේ ගමේද උගතුන් වැඩිවුවා සේම ආණ්ඩුවේ රැකියා ලද ගනනද  වැඩිවිය.සංහලෙන් උගත්තද රැකියා අවශ්‍යතවෙය මත ඉංග්‍රිසි ඉගෙන ගන්නටද පෙළඹූන සංඛයාවද වැඩිවිය.එකල ඉංග්‍රිසිය  රැකියාවකට අවශ්‍යම විය.
        ඉංග්‍රිසි පාළනයෙන් මිදීමෙන් පසුව වුවද ගමෙහි වෙනසක් දකින්නට ලැබුනේ මෑත කාළයේදීය.ඒ බණ්ඩාරනායක මැතිුන් කුඹල්ඔළුව මාර්ගයට බස්රථයක් ලබාදීම සමගය. එය මෑත කාලීන දරැවන් ගේ අධ්‍යාපනයට හා වෟත්තීය පුහුනුවට හේතු සාධක ව්ය.ඉන්පසුව ජයවර්ධන මැතිුන් ගමට විදුලිය ලබා දෙන්නට හා රටටම පොත් නොමිලේ ලබා දෙන්නට ගත් පියවර නිසාය.ස්වයං රැකියාවන්ට සහනයක් අත්කලේ ප්‍රේමදාස මැතිුන් ගේ ජනසවි දිමනාව බවද සහන් කළ හැකිය.අද ගමේ හා බාහිර පරිත්‍යාගශීලීන් නිසා පාරවල් තැනී ඇත.පන්සල් පාසැල් ඉදිව ඇත.යම්යම් අඩුපාඩු තිබුනද අද ගම උසස් දියුනුවක් ලබා තිබේ.


Comments

Popular posts from this blog