27    ගමට පාර හැදුන හැටි

සාමාන්‍යයෙන් සිංහළ භාෂාව කතා කරන විට භාවිතා කරන වදන් අතීතය තුල සිට පැවතඑන වදන් හෙයින් එය භාවිතයට හුරැය. පාර කියන්නේ මාවත, මාර්ගය යන වදනටම අයත් වදනකි.එහෙත් පැරනි කාළයේ පාරට අකමැති දේද එක්ව තිබිනි. ඒ කෝටු පාර වේවැල් පාර හා කස පාර වැනි පාරවල්ය.
    වෙලේ නියරෙන් අඩි පාරෙන්,දෙවට පාරෙන් තවමත් ගම් වලට ගෙවල් වලට යන්නට සිදුව ඇති ගම්මාන තිබේ. කුඹල්ඔළුව ගම්මානයද ගම් කිහිපයක එකතුවක් බව ඔබ කියවුයේය. ඒ ගම් වලට යන්නට පාරවල් හැදුනේ කෙසේද යන්න  මෙසේ සටහන් වෙයි.

වේයන්ගොඩ මල්හෑව මාර්ගය වර්තමාණයේ සේම අතීතයේද ප්‍රධාන අතුරැ මාර්ගයක් විය. එම මගින් අඩු දුරකින් මීරිගම වැනි නගරවලටද යාම පහසු විය.එම හේතුව මත එය තාරදමා සකස් කලේ ඉංග්‍රිසි ආණ්ඩුව වෙයි.දිවුලපිටිය  තිබු පාලන කාර්යාලය හා දිසාපති කාර්යාල මගින්  එය පාළනය විය එහෙත් අන්ගම් වලට එදා යාමට මාර්ග  නොවි‍ය.ඒ වනවිට ගම්සභා ක්‍රමය ක්‍රියාත්මනව තිබින.

Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\DSC_0000125.JPG  Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\DSC_0000130.JPG

දෙල්ගහමැඩිල්ල  පාර
                               හළලිය පාසැල ලඟින් මල්හෑව මාර්ගයට සම්බන්ධව ඇරඹෙන නිට්ටඹුව නගරය කරා දිවෙන මාර්ගය එයයි. එවකට ගම්වාසින් එක්ව මෙම මාර්ගය සකස් කරදෙන්නැයි  ගම්සභාවෙන් තල ඉල්ලීම මත  ගම් සභාපතිවු කොට්ටල ජයවර්ධන රාළහාමි පළාත් වාසීන්ගේ සහයෝගයෙන් හළලිය සිට තල්ගස් මොටේ දක්වාවු මාර්ගය සකස් කර ඇත.
  මෙම මාර්ගයට ඉඩම් අළුත්වත්තේ වීරක්කොඩි පවුලේ අයගෙන්ද ඉන්පසු ගමෙහි වු අයගෙන්ද ලැබී ඇත

මේ අයුරින්ම ගම්වාසීන් එක්ව දෙල්ලගොඩ ආදී හැම මාර්ගයක්ම සකස් කරගත්බව ගම්පුවත් කියයි.වර්තමාණයේ ගම්සභාව වෙනුවට ප්‍රාදේශීය හා පළාත් සභා ක්‍රියාත්මකව පනතී.
 

  

 24    කුඹල්ඔළුවේ මායිම් ගම්මාන

වේරගොඩ     කුඹල්ඔළුවට ආසන්නතම ගමක් වන මෙගම තුල වර්තමානයේ ඉදිවු විහාරස්ථානය වනුයේවෙහෙරහේන පුරාන රජමහා විහාරය වේ.ඉතා ප්‍රසිද්ධ දෛවඤ්ඤයෙකුද මෙහි වාසය කලබව කියවේ.සකළකළා වල්ලභ රජුන් විසින් මෙගමට නම්තැබු බව සඳහන් වෙයි.ගම් කිහිපයටම වු  එකම කම්මලද මෙහි වු වටිනා ස්ථානයකි.

ගල්ගමුව    කීනවල දුම්රිය ස්ථානයට නුදුරැවු මෙම ගමෙහි  ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානයක් වු චෛත්‍යාරාම විහාරස්ථානය  පිහිටා ඇත.මෙහෙනින් වහන්සේලා වැඩවසන විහාරස්ථානයක්ද මෙහි වෙයි.  - 

පල්ලෙවෙල    -කුඹල්ඔළුවට දැඩි සම්බන්ධතාවයන් ඇති නගරයක් වෙයි. පෙර කුඹල්ඔළුව ගමට  විදුලි පනිවිඩ බෙදුයේ පල්ලෙවෙල තැපල් කාර්යාලය මගිනි.දුම්රිය ස්ථානයද වැදගත් තැනකි. පිරිවෙනක් සහිත විහාරස්ථානයද ප්‍රචලිත තැනකැයි කියවෙයි.මහා විද්‍යාලයක්ද පිරවුම් හලක් හා සති පොළක් ඇති මෙම ගම සම්පුර්නවු අවශ්‍යතා සහිත ගම්මානයකි. රජයේ වෛද්‍ය මධ්‍යස්ථානය,කම්මල, ප්‍රසිද්ධ කැඩුම්බිඳුම්  රෝහල  හා අංග සම්පුර්න වෙළඳසැල් එගමෙහි දියුනුව හෙලි කරයි.කුඹල්ඔළුවේ සිට වේරගොඩ හරහා කිමී 4ක දුරකින් පිහිටා ඇත.

හුඹුටියාව     - කුඹල්ඔළුව හා නිට්ටඹුව යාකරන මහවිදුහල ආසන්නයෙන් ඇරඹෙන මාර්ගය තුලවු ගම්මානයකි. එය කවියෙකු හා ගුරැවරයෙකුවු පී.ඩී.චාල්ස් මහතාගේ ගමද විය. මේ ගමේ ඇති ප්‍රජාශෘලාව පුස්තකාළයකින් සමන්විත ස්ථානයකි.එහි දක්ෂ වොලිබෝල් කරැවන් බිහිකල ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය.

මොට්ටුන්න        දේවාලය හා පන්සල නිසා රටෙහි නමක් දිනු ගම්මානයකි. මොට්ටුන්නේ දේවාලය ඇරඹුනේ පෙර පන්සල තිබු ස්ථානයේ බව කියවෙයි. නිතරම ජලයෙන් යටවීම මත බන්සල උසි ස්ථානයකට ගෙනගිය අතර එහිවු බෝධිය ඉතිරි විය. එතැන දෙවොලක් ඉදිකර එය පාළනය කලේ ජෝන් කපු මහතාය.ඉන්පසු බුරම්පි සහ කරෝලිස් කපුමහතුන් දේවාගයේ කාර්යභාරයන් ඉටු කලහ.
                
 මොට්ටුන්නේ  දේවාලය
     
දේවාලයේ වත්මන් කපු මහතා වන මානෙල් කපුසමහතා වත්මන් දේව කාරිය ඉටුකරයි.අද ඉතා විශාල දියුනුවක් ඇති දේවාලය හාස්කම් සහිත ස්ථානයක් බව සඳහන් වෙයි.මානෙල් කපු මහතා දේවාලය සියළු අවශ්‍යතා සපුරන ස්ථානයක් බවට පත් කරන්නට දැඩි උත්සාහයක් ගන්නා කපුමහතෙකු වෙයි.



ශ්‍රී කිරීටාරාම විහාරස්ථානය ලෙස නම් දරන මොට්ටුන්නේ පන්සල රටෙහි නම දැරෑවන් ගේ උපකාර ලබන වෙනත් පන්සල් වල දක්නට නොලැබෙන බොහෝ දේ දැකගත හැකි ස්ථානයකි. රන් ආලේපිත කළු ගලින් නිමවන ලද බුදුරැව එහිවු විශිෂ්ඨතම ලක්ෂනයකි.පන්සලෙහි දියුනුව ගැන සොයා බලන විහාරාධිපති වහන්සේ චතුර ධර්ම දේශකයෙකි.

 කොට්ටල    -ගම්වැසියනට රැකියා මාර්ග ඇති කල ආයතන දෙකක් මෙහි විය.එසේම කොට්ටල ජයවර්ධන මැම්බර් තුමාද ගමට උපකාරකල අයෙකි. රෙදි ස්කෝලය ලෙස හැඳින්වු පේෂතර්ම ආයතනය නුල් සැකසීමේ සිට රෙදිවියා සායම් කරන අවස්ථාව දක්වා වු සියල්ලම ඉගෙන්වු ආයතනයකි.එවකට එහි භාරකරැ වුයේ ගල්ගමුවේ ධුමසේනමහතාය. දිවංගත බණ්ඩාරනායක මැතිඳුන් ගේ විවාහ මංගල්ලයට ඇඳුම් වියුවේ කොට්ටල රෙදිස්කෝලය බව ගම්පුවත් සඳහන් කරයි.



 අත්යන්ත්‍ර රෙදිපිලි නිෂ්පාදනය ගැන කියවෙන විට කුවේනිය ගේ කතාවද සිහිපත් වෙයි.තම්මැන්නා ප්‍රදේශයේ කපු වගාවක් තිබු බවද කුවේනිය කපුකැටු බවද ඉතිහාසය කියයි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන් දේශීය කර්මාන්ත ඇති කිරීම සඳහා මහනුවර දොලපිල්ල මහතා ජපානයට යවා අත්යන්ත්‍ර රෙද්පිලි නිපචවීම ගැන පුහුනු කිරීමෙන් පසුව මෙම කර්මාන්තය අරඹා තිබේ.
 ඉන්දීය අගමැති තුමන් හා ඉන්දිරා ගාන්දි මැතිනියද කොට්ටල රෙදි ඉස්කෝලයට පැමින තිබේ.බලවේග පේෂකර්මය නිසා අත්යන්ත්‍ර නිෂ්පාදනය බිඳ වැටුනද  කොට්ටල ‍අත්යන්ත්‍ර රෙදිපිලි නිෂ්පාදනය සඳහා පළාත්සභා මන්ත්‍රිනි කෝකිලා මැතිණිය අනුග්‍රහය ලබාදීම මගින්  එහි නිෂ්පාදන කටයුතු සිදුවන බව ගම්පුවත් සඳහන් කරයි.


1955  වසර වල පමන කොට්ටල කොහුමෝලද එවකට ගම්වැසියනට රැකියා ලබාදුන් ආයතනයක් විය.

       
පනාවල ග්‍රාමය
               පනාවල සුන්න අමාරස වලට ප්‍රසිද්ධ වුයේ පියසේන මහ.ා නිසාය. විශාල පිරිසකට රැකියා ලබාදෙන්නට එම කර්මාන්තයට හැකිවිය. පනාවල පන්සලද ඉතා දියුනුවු විහාරස්ථානයකි. උපාධිධෘරී ගුරැ පදවියක් හෙබවු  එහි නායක ස්වාමීන් වහන්සේ මෙම කෟතිය සැකසීම සඳහාද තොරතුරැ ලබාදුන්හ.කුඹල්ඔළුව ගම පමනක් නොව පන්සල් පාසැල් ආදී සියළු දේ ගැනද උන්වහන්සේ බොහෝ දේ දැන සිටියහ.ජයවර්ධනාරාමයේද උන්වහන්සේ වැඩසිටි බව පන්සල් පුවත් සඳහන් කරයි.

නිට්ටඹුව ගම්මානය --
                  කුඹල්ඔළුවේ සිට කිමී 4 කින් දුරකින් පිහිටි නගරයකි.නුවර කොළඹ මාර්ගයෙහි පිහිටි එගම සියළු අවශ්‍යතා සපුරන වෙළඳසැල් සහිතය. සියළු බැංකු ශාඛාවන්, පොළිසිය, වෛද්‍ය මධ්‍යසථාන ආදී පහසුකම් සපිරි ගමකි. 

නිට්ටඹුවේ පිරිවෙනෙහි ඇති සංඝයා වහන්සේලා වෙනුවෙන් වසර ගනනාවක් ගතකරමින් තනවන ලද නාන ළිඳ අපුරැ නිමවුමකි.පතුලේ සිට ගලින් බැඳි එය විශාල ළිඳක් වෙයි          


 28   අතීත සිදුවීම් හා සිරිත් විරිත්

කුඹල්ඔළුවේ වැසියන්ගේ ජීවනෝපාය වුයේ වී වගාව බව සටහන්හි දැක්විනි. බොදු පරිසරයක් පැවති ගමෙහි ගොයම් කපා අවසන්වු පසු කුඹුරැ යායවල් වලට නිදහසක් නැති තරමට ඒවා ක්‍රීඩි පිට්ටනි බවට පත්විය. කුඹල්ඔළුව ගමට පොදු ක්‍රීඩා බිමක් නොවීය. වොලිබෝල් ක්‍රීඩාවට පිට්ටනිය වුයේ පාසැල ඉදිරිපිටවු වෛදමහතාගේ ඉඩමය.එහි එකල වොලිබෝල් තරඟද පැවැත්විනි.ගමේ ගැටවරයන් ගේ ක්‍රිඩාව වුයේ එල්ලේ ක්‍රීඩාවයි. එයට මුදල් වැය නොවීය. ආරක්ෂක මෙවලම් නොවීය. සරම කැහැපොට ගහගෙන උණලී පිත්ත අතට ගෙන බෝලයට පහර දීම හා රවුමක් දිවීම එහි ලකුණු ගන්නා ක්‍රමය විය.
 උණගහක අග නොටස පුරැක් 3ක් හෝ හතරක් ඇතිව කපාගෙන පිත්ත තනයි. අතීතයේ රබර්වතු වලින් කිරි කපනවිට එකතුවන ඔට්ටපාළු වලින් බෝලය තනා ගත්හ.ඉන්පසු ළමා,ගැටවර,මැදිවිය ආදී කවුරැන් වුවද වෙළට එක්වුහ.ගම පමනක් නොව අවට ගම් වලද එල්ලේ කන්ඩායම් සිටියහ. බොහෝවිට එල්ලේ තරඟ පැවැත්වුයේ උත්සවාකාරයෙනි.වර්තමානයේ එල්ලේ ක්‍රීඩාව යනු ජාතික ක්‍රීඩාවය.

ඇඳුම් පැළඳුම්    සිංහලයන්ට ඒඒ අවස්ථාවන්ට උචිතවු වසත්‍රාභරන විය.එසේම ස්ථානය අනුව ඇඳුමේද වෙනසකම් සිදුවිය.සාමාන්‍යයෙන් ගම්වැසියන්ගේ ඇඳුම සරමක් හැඳ තුවාය හෝ අමුඩ ලේන්සුව කරට දමා ගත්හ.නිලබල ඇත්තෝ උඩුකය වැසෙන්නට මේස්බැනියම ඇන්දාහ.ස්ත්‍රීහු  චීත්ත රෙද්ද හැඳ හැට්ටයෙන් ූඩුකය වැසුහ.සමහරැ ඔසරිය හැඳි බවද පෙනේ.
ගම්වැසියන් උඩුකය වැසුවේ වැදගත් අවස්ථාවක පමනි.කුඹුරට වෙලට ගියේ අමුඩය පමනක් හැඳ ගෙනය.අමුඩය ගලවන්නේ සවස් යාමයටය. අවමංගල උත්සව හා පන්සල් වලට එක්වුයේ සුදු  ඇඳුමෙනි

පානය   - බුලත්විට සැපීම ඔවුනගේ විනෝදාංශයක් විය. පසු කාලයක යාපනයෙන් ගෙන ආ කළු සුරැට්ටුව උරවීමද පුරැද්දක් විය.සමහරැ කළු සුරැට්ටුවේ කුඩාපැත්ත කටින් හපා තලා දැමුහ. රා වාඩියද එවකට ජනප්‍රිය තැනක් විය. එහි කිතුල් රා  සහ පොල් රාද අලෙවි කෙරිනි. රා කට්ටක් පානය කර සීපද ගායනා කරන වැඩිහිටියන් එවකටරැසක් සිටියහ.

ගමේ  කෝපිකඩ නොවුනද තේකඩ තිබිනි.එහි එළකිරි වලසිට  කැඳ වරග පවා අලෙවි කෙරිනි. එවන් කඩයක නමවුයේ මයිල ගහලඟ කඩය ලෙසිනි. මෙවන් කඩවල දාන් ලෑල්ලක්ද විය. එය හැමගේම ප්‍රිය ජනක ක්‍රීඩාවක් විය. එයට අමතරව කාඩ් සෙල්ලමද කලහ.

සිංහළ අවුරැදු කාළයටද පොරපොල් ගැහීමද,කුකුලන් කෙටවීම හා කාඩ් සෙල්ලම කෙරිනි. පිරිමින්ට ගමේ තොරතුරැ කතාබහ කරන්නට කඩේ බංකුව කදිම තැනක් විය.එහෙත් ගැහැනුන් එයට තෝරා ගත්තේ නාන ළිඳය.නැත්නම් තොටුපලය.එවකට ගමෙහි විදුලිය නොතිබිනි. හැමම ස්නානය කලේ වත්තේ ළ‍ෙඳන් හෝ ඇලෙහි තොටුපලෙනි.

ඇල හා තොටුපල තරැන හා ළමයින් ගේ විනෝදයටද මාර්ග ඇති කලේය. දියබුං ගැසීම, පිහිනීම  ළමා සහ තරැන පෙලට කදිම ක්‍රීඩාවක් විය.

 එකල ගම්වැසියන් ගේ ගෞරවයට පාත්‍රවුයේ වෙද මහත්තයා ,ගම්මුලාදෑනියා,‍ස්කෝල මහත්තයා සහ හාමුදුරැවෝය,නොතාරිස් මහත්තයා සහ දෙවඤඤ මහතුන්ය

රස්සාවත් වයසත් කුමක් වුවත් පෝය දිනයට පනසල් යන්නට කවුරැත් මැලිවුයේ නැත. දරැවන්ද පන්සලට යාම බෙහෙවින්ම ප්‍රිය කළහ. හාමුදුරැවෝ බණ දේශනා කලේ ජාතක කතාවක්ද බණ දෙසුමට එක්කර ගනිමිනි.දහස්වරක් අසා තිබුනද ඒමොහතේදී එය අසන්නට ප්‍රිය වෙන ලෙස දේශනා කළහ.



Comments

Popular posts from this blog