3 -පෙරමග සටහන
කුඹල්ඔළුව
ගම්මානය ශ්‍රීලංකා අගනුවර වන කොළඹ සිට කි;මීටර 38 ක පමන
දුරින් පිහිටා ඇත. එය නිට්ටඹුවේ සිට කි;මි; 4 ක්ද වේයන්ගොඩ
සිට කි;මී; 4. ක්ද කීනවල සිට කි;මී;2 ක්ද පල්ලෙවෙල සිට කි;මී;3.1/2 ක් පමන ද වු
දුරකින් පිහිටි ගමකි.එහි වේලාව ප්රාදේශීය වේලා කලාපය ආසියානු / කොළඹ ලෙස නම් කර ඇත.බණ්ඩරනායක
ජාතියන්තර ගුවන් තොටුපලට කිමි; 15 ක් පමන දුරක් ඇත. මුහුදු මට්ටමේ උස අඩි 64 ක් පමන වේ.මෙම
ගම්මානය ශ්‍රී ලංකාවේ සියනෑ කෝරලයේ මැද පත්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම
මැතිවරන කොට්ටාශයේ පස්යාල ගොවි ජන මධ්‍යස්ථානය යටතේ පිහිටි ගමිමානයකි.ග්‍රාම
නිලධාරි කොටස් හතරකින් සමන්විතය.
දී-ඇල්ලේ
ඔය එක පසෙක මායිම සේම ගමේ පටන් ගැන්මද ඔය අසල පහත් බිමක් වන බණ්ඩරවත්ත හා පහලගම
නම්වු ගම්මාන වලිනි. සාමාන්‍ය වර්ෂා කිහිපයකට වුවද එම කොටස තුල ගංවතුර ඇති වුවද
වඩාත් පිඩාදායක නොවේ.එතැනින් ඇරඹෙන ගම ක්‍රමයෙන් උස් බිම් වලට යොමුව ඇත. එසේම
දෙල්ලගොඩ හරහා ගලන ඔයද එම උස් කඳු හරහා වැසි ජලය ගෙනෙන
ජලමාර්ගයකි. වළංමැටි හා වැලිද ගඩොල් කර්මාන්තයට එම මැටිද වටිනා මිනිරන්වර්ගයක් හා කළුගල් තිරිවානා ඛනිජ වර්ගද
බහුලවු වටිනා සම්පත් හිමි ගමක් වන්නේය.
ස්වාභාවිකවු සොබාදහමද ගමට අපුරැ සම්පතැකැයි කිව
හැකිය.වසරකට තුන් වරක් (කන්න තුනක්) කුඹුරැ වගාකලහැකි වීමම එහි විශිෂ්ථ බව පෙන්වන
ලක්ෂනයකි. අතීතයේදී විශාල ගමක් වුමෙය ගම් කිහිපයක එකතුවකි
1800 වර්ෂ වලද අතිවිශාල ගමක්වු කුඹල්ඔළුව මායිම්ව තිබුනේ
ඇලදොල හා කරත්ත පාරවලිනි මල්හෑව කල්එලිය හා වර්තමාන කොට්ටල පාර කරත්ත පාරවල් විය.
දුමුන්නෙගෙදර ගම සිට නිට්ටඹුව මාර්ගය
අඩිපාරවල් විය. අනෙක් ගම් වලට කුඹුරේ නියර
හැර අඩි පාරක් හෝ නොවීය.1900 වර්ෂයන්හි ඉංග්‍රීසි පාළකයන් රටෙහි දියුනුවට කටයුතු කරන්නට ගත් උත්සාහය
නිසා සහ ඒජන්ත කාර්යාල ඇතිවීමත් නිසා
සෙමින් මාර්ග ඇති වන්නට මුල ඇරඹිනි.
අනෙක් වැදගත්
ලක්ෂනය වන්නේ ගමේ මුල් පරම්පරාවන්
පිරිහීමට හා වෙනත් පරම්පරාවන් ගමතුල වර්ධනය වීමත් යන කරැනු වේ.මායිම් හා පරම්පරා පිටු
බලන්න.
කුඹල්ඔළුව පෙර රජවරැ පාළනය කල වකවානුවේ
නිශ්චිතවු මායිම් සීමා වලින් බැහරවු අති විශාල ගම්මානයක්වු කුඹල්ඔළුව ගම්
රැසක් එකතුවු ගමක් විය. වර්තමාන මල්හෑව
පස්යාල මාර්ගයෙන්ද අනෙක් පසින් දී-ඇල්ලේ ඔයෙන්ද
වටවු ගම්මානයක් විය.
මෙමගමටදුමුන්නෙගෙදර,වෑබඩමුල්ල,සමගවත්මන්කාළයේදඑක්වඇතිදෙල්ලගොඩ,දෙල්ගහමැඩිල්ල,
පහලගම,බණ්ඩාරවත්ත,විලඉස්මත්ත ,මැටිගන්නාගාරය අයත්ව තිබිනි. ඉංගිරිසි පාළන කාළයේ
අගභාගය (1800 ) දක්වාම එම සීමාවන්හි
වෙනසක් සිදුවු බවට සාධක හමුනොවේ. රජදවස ලත් ග්‍රාමීය නාමයන්ද පෙළපත් හා ගෞරවනීය
නාමයන්ද වර්තමානයවු 2018 වසර දක්වාම වෙනසකට භාජනය වීමක් සිදුව නැත.ඉංග්‍රීසි
පාලනයේ අගභාගයේදී පාලන පහසුව මත සමහරක්ගම් ගමින් වෙන්වු බවට සාධක හමුවේ.
කුඹල්ඔළුව ගම ශ්‍රීලංකා
මව්බිමේ ඇති විශිෂ්ථතම ගම්මානයකැයි කිවහැකි තරම් සාධක තිබේ. එය ඔබට ගැටළුවක්වන්නට පුළුවන.එහෙත්
එය සත්‍යයකි.රජදවස මැටි කර්මාන්තය නිසා ගමට නමක් හිමිවිය.එසේම
වර්තමාණයේමේගමවිද්වතුන්,ජනපතිවරැන්,තනතුරෙන් කළාවෙන් , වෙදකමින් නම දිනුවන් හිඳින්නේ කුඹල්ඔළුව නම්වු ග්‍රාමීය මාතාව ගේ
සෙවන තුලය.අපේ ගම ඇති වන්නට ඇත්තේ ශ්‍රී ලංකාව ආරම්භයේදී වන්නට ඇතැයි සිතෙන තරමට
ගම සම්බන්ධ කතා අදත් ගම්වැසියන් අතර ප්‍රචලතිව ඇත. ඒ කතා සත්‍ය වුවද නැතද ගමේ මුල්
පදිංචිකරැවන් තමන් ගැන කතා කරන්නේ රජදවස ලත් තාන්න මාන්න සිහිපත් කරමිනි..ගම හැමටම
තම පරම්පරාවන් ගැන කතා කරන්නට බොහෝ දේ
තිබේ. එයද සත්‍යයකි.ඒ
පරම්පරානුගත දක්ෂකම් හා එම පරම්පරාවන්ටම ආවේනික වු චාරිත්‍රවාරිත්‍ර ඔවුනටද හිමිව
ඇති බැවිනි.එසේම සිය පරම්පරාවන්හි විසුවන් පෑ දස්කම් විස්කම් සිහිපත් කිරීම හා ඒ
ගැන කතා කිරීම අනාගත පරපුර දිරි ගැන්වීමක්ද වන්නේමය.
කුඹල්ඔළුව ශ්‍රේෂ්ථ වන්නේ කොහමද? මෙම ගමේ ජනපතිවරයෙකු .සම්මානලාභී කළාකරැවන්
මුර්ති ශිල්පීන් වෛද්‍යවරැන් රංගන ශිල්පීන්
වාදකයින් සිටියහ. රටපුරා නම ප්‍රචලිත නොවුවද විවිධ භාෂා උගතුන් පරිවර්තකයන්
ගායකයන් කවිකාරයන් විවධ නිර්මාණ කරැවන්
ආහාර නිපදවන්නන් රචකයන් හිටිවන කවියන් දේශපාළකයන් සිටියහ. අදද සිටිති.
එපමනද නැත.ගෟහනිර්මාණ කරැවන් සැළසුම්
ශිල්පීන් වඩුකාර්මිකයන් විදුලි ඉළෙක්ට්‍රොනික ශිල්පීන් වාහන නඩත්තුකරැවන් පෙදරේරැවන් හා විවිධ නිපයුම් නිෂ්පාදකයින් වැනි
අති දක්ෂයනට උපන් බිමත් නිජබිමත් විය.අතීතයේ කුඹල්ඔළුව හැළිවළන් නිපදවන සෟජුවම රජදරැවන් හා සබඳකම් පවත්වන වීවිධ ඛනිජ සම්පත්
සහිත අනෙකුට අත නොපා ස්වයංක්‍රීය දිවියක් ගතකළ ගම්වැසියන් ජීවත්වු ගමක් විය.විවිධ
කුශලතාවයන් පිරි නිවහල්ව ගොවිතැන ජීවෝනෝපාය කරගත් මිනිසුන් දිවිගෙවු ගමක් විය.
කුළභේද වර්න භේද ධනභේද බැහැර කර සමානත්වය අගය කළ මිනිසුන් වෙසෙන ගමක් විය. ඉඳින්
මේගම ශ්‍රේෂ්ඨ නොවන්නේ යයි කිව හැක්කේ
කාටද?
පරම්පරා නාමය නොහොත්
පෙළපත කුමක් වුවද ඒ හැමටම තම පෙළපත ලොකු ගෞරවයකි.තමආදිමයන් පෙළපත් නාමය ලදුයේ එවකට
රට පාළනය කළ රජවරැන් විසින් පවරනු ලැබු
කිසියම්වු රාජ කාරියකට උපහාරයක් ලෙසය. එයින් කිසිදු පරපුරකට අවමානයක් හෝ උස් පහත්
බවක් ලබාදී නැත.හැමටම හැම දෙයම කළ නොහැකිය.එසේම කිසිදු කාර්යයක උස්වු හෝ පහත්වු හෝ ලක්ෂණයක්ද නැත. හැමටම
ඇත්තේ එකම වර්ගයක වු සිරැරකි. ඇට මස් ලේ
එක සමානය.සුදු මිනිසාගේ සිරැර සුදු වුයේ එම රටට වැටෙන හිරැ එලිය අඩු නිසාය.අප්‍රිකානුවන්
ගේ සිරැර කළුවුයේ එරටට තදින් හිරැ එලිය ලැබෙන නිසාය. එහෙත් භාෂාව වෙනස්ය. හමේ
වර්නය වෙනස්ය. එය සොබා දහම මත තීරනය වන්නකි.එසේම වර්තමානයේ ඒ කිසිවක්ම අගයන්නේද
නැත.බුදු න් වහන්සේද එම සත්‍යය මැනවින් පහදා දුන්හ.පෙළපත කුමක් වුවද මිනිස් ගති
තිබේ නම් ඔහු සැබැවින්ම මිනිසෙකි.අගය කළ යුත්තෙකි. 5
කුඹල්ඔළුව කියන්නේ
පුංචි ගමක් නොවේ.එයද ගම් කිහිපයකම එකතුවකි. මොට්ටුන්න ,හුඹුටියාව,වෑබඩමුල්ල,
වේරගොඩ ,ගල්ගමුව වැනි ගම් වලින් මායිම් වු අපේ ගම දුමුන්නෙ
ගෙදර-දෙල්ලගොඩ-දෙල්ගහමැඩිල්ල-පහලගම-විලඉසමත්ත මැටිගන්නාගාරයයන ගම් අපට එක්වු ගම්
වේ .ගම් කිහිපයක් එකතු වුවද කොටස්
නම වෙනස් වුවද පොදු කටයුත්තකදී හැමම එකතුවීම අන් ගම්වල දක්නට නොලැබෙන කුඹල්ඔළුව
ගමටම ආවේනිකවු ව්ශිෂ්ථ ලක්ෂණයක් බව සඳහන් කල යුතුය. මේ හේතුව නිසාම ගමේ පාසැලක පන්සලක
සිදුවන හැම කටයුත්තකටම හැමගේම සහය ලැබේ.එසේම ගමට ජලසම්පතද හොඳින් තිබේ. හැලිවළන් නිපදන වළන් මැටිද,කප්රැකක් බඳු
පොල්ගසද,දෙල් දොඩම්,දෙහි,ගස්ලබු, වැනි ශාකද ගෙවල් තනන මැටිද,වැළි වැනි සම්පත්ද
තිබේ.එලවළුද අල වර්ගද, වීවගා කළ හැකි කුඹුරැද ක්‍රමවත්වු ඇළදොළ සහිත වාරි මාර්ගද
තිබේ. ගමේ සොබාදහමින්ද ගමට ලබාදී ඇත්තේ
සතුටට පත්විය හැකි පරිසරයකි.
එදා රජදවසට වඩා අපේගම බෙහෙවින් දියුනුය.උගත්කම,
පුහුනුව,නව තාක්ෂණය අද ගමට අළුත් දෙයක්
නොවේ..හැම වෟත්තියකටම අවශ්‍ය වු දැනුම අද ලබා ගන්නට පහසුකම් තිබේ. ගම්වැසියනට එදා
ඉගෙන ගන්නටවත් මග නොතිබුනත් බිත්‍රාන්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජෝන් ස්ටුවට් මහතා
යෙදු මුල් අඩිතාලම නිසා ගමටද දැනුමේ ආලෝකය
ලබන්නට හැකිවු ඒ අතීතය ගම්පුවතෙහි සටහන් වුයේ මෙසේය.
රජවරැන් පාළනය කළ හැම රටකම වාගේ සැප සම්පත් වින්දේ සීමිතවු කොටසක් බව අපරට ගැන මෙන්ම අනෙක් රටවල් ගැනද සඳහන් වන අතීත කතාවන් සනාථ කරයි. 1815 දී මුළු රටම සිංහලේ කරන්නට නීති සම්පාදනය කළා පමනක් නොව එම නීති ක්‍රියාත්මක කරන්නටද ඉංග්‍රිසි ආණ්ඩුව පියවර ගත්තේය. උඩරටට පමනක් සිංහලේ යයි කීම පැවති කලක ගත් ඒ පියවර ශ්‍රීලංකාවේ හැම ගමකටම අළුත් ගමන්මගක් ඇති කළේය. කන්දත් විලත් ඇලත් මායිම් වු ක්‍රමවේදය අවසන් වුවා පමනක් නොව බලයෙන් මත්වු පාළක ශ්‍රේණිවල බලතල අකර්මන්‍ය වීමටද එය මුල්වු බව කිව හැකිය. ඉහළ හෝ පහළවු කුඹල්ඔළුවක් නැත. පාලනයට එය කොටස් කළද එදත් අදත් එය එකම ගමක් වන්නේය. අතීතයේවත් වර්තමානයේවත් ගමේ කුළභේදය ජාති භේදය වැනි පහත් ලක්ෂන තිබුනේ නැත. එය කුඹල්ඔළුව ගමෙහි වු තවත් උතුම් ලක්ෂණයකි.
ි1815 ,1823, 1923,1937, 1948,1958 වැනි වර්ෂයන් අපේ ගමටද විවිධ වෙනස්කම් ඇතිකල
වර්ෂයන් වේ. අතීතයේද වර්තමානයේද තවමත් ගමට
නිශ්චිතවු රැකියා සපයන මාර්ගයන් ඇතිවී නැත.ගමකට අත්‍යාවශ්‍යවු වෛද්‍යශාලා නැත. එදා
මෙන් අද ගොවිතැනින් ජීවත් වන්නට ඇති ඉඩකඩ
අඩුය.එසේ වුවද කුඹල්ඔළුවේ ගමේ වියපත් වැඩිහිටියන් පවා නිකරැනේ කාළය ගතනොකර
කුමන හෝ ප්‍රයෝජනවත් කාර්යයක නිරතව සිටිනු දැක්මද ගමෙහි විශේෂිත ලක්ෂනයක් නොවන්නේද
?
ගමටනමහැදුනේමෙහෙමයි
ගමෙහි ඈත අතීතය ගැන
සටහන් කරන ගම්පුවත් තුලින් ගමට සම්බන්ධ රජ යුගයේ තොරතුරැ ලැබින. එනම් මිනුවන්ගොඩ රාජධානියේ උඩුගම්පල රජකල සමයක රජවත්ත
නම්වු ග්‍රාමයක කාවන්තිස්ස රජුගේ බිසවක්
විසු බවද ඉන් කියවෙයි.එම බිසවගේ පුතෙකු වු සකල කලා වල්ලභ නම්වු ප්‍රාදේශිය රජු මෙම ගමට හා අවට ගම් වලට නම තබා
ඇති බවද, එසේම පරම්පරා නාමයන්ද ලබා දුන් බවද කියවේ
පසුව එම නම කුඹලා ගේ ඔළුව කෙටිවී කුඹල්ඔළුව වුයේ
යයි අතීත තොරතුරැ වලින් කිය වෙන්නේය. කුඹලා ගේ+ ඔළුව = කුඹල්ඔළුව. (කුඹල් නම්වු
වංශිකයන් ගේ රැකියාව වුයේ හැළිවළන් ආදී මැටි වලින් තනන නිෂ්පාදන තැනීමය
).රජමාළිගයට වලන්සැපයීම ඔවුනගේ කාර්යය
විය.කුඹල්ඔළුව ඇරඹුනේ (මායිම) මැටිගන්නාගාරයෙනි. එය ගමෙහි ඔළුව (ඉහලම කොටස)
විය.මැටිගන්නාගාරය හා විළඉස්මත්ත යන ගම් වලින් අදද වළන් මැටි ගොඩ දමන බව ඔබද දකින්නට ඇත.. ඉන්පසු
ජනගහනය, ඉඩම් ප්‍රමානය , ආදී හේතුන් රැසක් නිසා පාලනයට ඇති පහසුව මත
වෑබඩමුල්ල ගමින් වෙන්වු අතර දුමුන්නේ ගෙදර ගමින් කොටසක්ද වෙන්ව ඇත.
·
කෙසේ වුවද ජනගහනය වැඩිවන විට හා නිවාස අධික වනවිට එම ගම් පාළනය කිරීමට හා
තොරතුරැ ලබා ගැන්මට ඇතිවන අපහසුතාවයන් මගහැරවීම සඳහා ගම්වල සීමාවන් වෙනස් කරන්නට
රජයට (ආණ්ඩුවට ) සිදුවේ.එවිට තිබුගම් ඉවත් වීමට හෝ අළුතින් එකතු වීමට ඇති ඉඩකඩ වැඩිය.ඒ
අනුව රජවරැ පාළනය කල කාළයේ තිබු මායිම් සීමා වර්තමානයේ වෙනස් වන්නට ඇති ඉඩකඩ
බෙහෙවින් වැඩිය.මෙය කියවන ඔබේ අවධානයට එයද
ලක්විය යුතුය.
·
වැදගත්--මැටි
ගන්නා- ආගාරය නොහොත් මැටි ගන්නා වල පිහිටි
නිසා එනම ලබන්නට ඇත. ආගාරය යනු විශාල වලකි. එසේම එවකට අද මෙන් නිශ්චිත මායිම් නොවු
බැවින් එයද සීමාවක් ලෙස සලකා ඇත.(සීමා මායිම් ලිපිය බලන්න )ගම් කිහිපයක එකතුවක් වු
කුඹල්ඔළුව ගමෙහි වර්තමානයේ කුඹළුන්
පදිංචිවු බවට සාධක නැත. එහෙත් ඔවුනගේ වෟත්තිය සඳහා මැටි එගමින් ලබාගත් බවට සාධක
තිබේ. එම ගම කුඹල්ඔළුවට අයත් වු බැවින්ද වටිනා සම්පතක්වු මැටි ලබාගත හැකි කොටස එම
ගමට වැදගත් හා ප්‍රධාන වු නිසා එය ඔළුව නොහොත් හිස වැනිය එනිසා එය කුඹලෙකුට
(මැටිවැඩ කරන්නෙකුට) හිසක් වැනි වටිනා එකකි.ඒ අනුව එය කුඹලාගේ ඔළුළු වු අතර එම ගමම
කුඹලාගේ ඔළුව නොහොත් කුඹල්ඔළුව වන්නට ඇතැයි නිශ්චය කළ හැකිය.
·
සකල කලා
වල්ලභ රජතුමා ප්‍රාදේශීය රජෙකු ලෙස රාජ්‍යය කළේය.එතුමන් කාවන්තිස්ස රජතුමන් ගේ බිසවකගේ පුතෙකු බව සඳහන්වේ. රජවත්ත (මාලිගාතැන්න) නම් ග්‍රාමයේ
(මිනුවන්ගොඩ රාජධානියේ උඩුගම්පලට අයත්වු
එක ගමක් එයවිය එතුමන් එහි රජ කළබව කියවේ.එයට සාධක වු කතා සේම පෞරානික සාධකද
ඇතැයි කියවේ.
·
කුඹල්ඔළුවට
සොබා දහම්න් ලැබුන සම්පතක් වන වළන් මැටි මැටියෙන් තනන සියළුම දේ වන හැළිවළන් ඇතලි
වැනි ගෟහ භාණ්ඩද මල් බඳුන් වැනි විසිතුරැ භාණ්ඩද මුර්ති නිපදවීමේ කළා කටයුතු වලටද
යොදා ගැනේ. මැටි ලබා ගන්නා වළ අඩි 05 ක් පමණ ගැඹුරට කැපිය යුතුය. උඩවු පස් තට්ටුවට
යවින් රොන්මඩද ඊලඟට වැලිද ඒසමග තද අළු පැහැතිවළන් මැටි හමුවේ.
·
මෙම මැටි ගොඩගසා දින දෙකතුනකින් ගෙන යලි තුනී කොට ගල්වැලි ඉවත් කර .ලමින්
පදම් කල යුතුය. එසේ පදම් කලවිට එය මෟදු බවට හැරෙන අතර ඉන්පසු භාණ්ඩ සෑදිය යුතුය.
එසේ සාදන ලද භාණ්ඩ දර අවුළුවන පෝරනුවක තැන්පත්කර දර අවුළුවා වසා තබා ගින්නේ
පිළිස්සෙන්නට හැරිය යුතුය. එසේ නිමවු භාණ්ඩ වල නවුන් සුවඳක් හා ලා රතු පැහැති
මතුපිටක් දැකිය හැකිය.
·
එහෙත් මැටි පදම් කරන නව යන්ත්‍ර මගින් ගල් වැලි කුඩුකර මිශ්‍රකරන අතර එයට
සිහින්ව හලාගත් වැලි/පස්ද මිශ්‍ර කෙරේ.
·
කෙසේ වෙතත්
මැටි කර්මාන්තිකයන්ගේ(කුඹල් වැඩ කරන) එක් නිජබිමක් වනුයේ වෑබඩමුල්ලගමයි. එදත් අදත්
ඔවුන් වාසය කරන්නේ එම ගමමය. අදද එවන් මැටියෙන් තනන ගෟහ උපකරන එම ගම්වැසියන්
නිපදවති.
·
හළලිය නම -
හල යනු හැළු-ඉවත්කල-විසිකල අරැත දෙයි ලිය යනු ස්ත්‍රීයයි.(ගැහැනිය) ඒ අනුව
හැලූ-ලිය අරැතින් හළ + ලියක් නිසා , හළලිය
වන්නට ඇතැයි කියවේ.
·
විළඉස්මත්ත
නම මෙහෙමයි- .එසේම විල හෝ වෙල ඉහලින්(ඉස්මත්ත කියන්නේ ඉහල යන අරැතටය) පිහිටා ඇති
ගම- විලඉස්මත්තේ ගම විය.
·
වේරගොඩ නම
මෙහෙමයි-මැටි කපා වෙහෙරක් සේ ගොඩ ගැසු බැවින් එම ගම වේහෙර-ගොඩ - වේරගොඩ විය.
·
මොට්ටුන්න මෙහමළු- මොටවු -උන පඳුරැ .නිසා මොට්ට වු-උන
-මොට්ටුන්න විය.
·
පහලගම -
ස්වභාවයෙන්ම මේ ප්‍රදේශය පහත්ය. පහල පිහිටි ගම යන අරැතින් පහලගම විය.
·
දෙල්ගහ
මැඩිල්ල - ඇලකින් මායිම්වු ගමේ ඇල අයිනේ විශාල දෙල්ගහක් විය.එම දෙල්ගහ සමීපයේ
කමතක්ද විය. ගම හරහා යන පාර වැටී තිබී ඇත්තේ ඇල හරහා කමත මැදින් බව කියවේ. පෙර
ගොයම් පෑගීම කළේද එහිය. දෙල් ගහේ බැඳි හරකුන් ලවා ගොයම් මැඩවීම කළ බැවින් දෙල් ගහේ
මැඩවීම (මැඩිල්ල) දෙල්ගහේ මැඩිල්ල = දෙල්ගහමැඩිල්ල වු බව කියවේ.
·
පෙළපත් නම්
පරම්පරා නාමය නොහොත් පෙළපත්නම එකල ප්‍රදානය කළේ රජවරැන් විසින් බව අතීත කතා
සනාථ කරයි.කිසියම් කාර්යයක් පවරනුලබන අයට එයට උචිතවු පෙළපත් නමක්ද ලැබින.පැවරෙන
කාර්යය අනුව රජවරැනට ආසන්න වීම හා දුරස් වීමද පෙනේ.අද වර්තමානයේ වුවද එය එලෙසමය.
තනතුරේ උසස් බව ඇත්තන් පාළකයන්ට ආසන්නය. අන් අය දුරස්ය.මේ අනුව අද වුවද උස් පහත්
බව දක්නට ලැබේ.එහෙත් සත්‍යය නම් වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේ දුරස්වු අයමය.පෙළපත්
නාමය අනුව උස් පහත් බව ඇතිවීම සමාජීය ගැටුම් වලට පවා හේතුවන බව අතීතයෙන්ද ඔප්පු
වේ.
පෙර දවස ගමක මුල් පදිංචි කරැවන් සිය අනන්‍යතාවය හැම විටකම අගය කළහ.අදද පසුව
පදිංචි කරැවන් හඳුන්වන්නේ පිට ගම්කාරයන් ලෙසය.එසේම ගමක කටයුතු වලට වඩාත් සහය
දක්වන්නේද එම පිට ගම් කාරයන් බව දැකිය හැකිය.(පෙළපත් නාම බලන්න ) ගමේ පෙළපත් නාම ගණන විශාලය. එහෙත් අතීතයේ මෙහි
වාසය කළේ පරම්පරාවන් කිහිපයකි. මුල් පරම්පරාවන් ලෙස සැළකෙන්නේ එම පරම්පරාවන්
කිහිපය පමනෙකි. එය හැම ගමකටම පොදු ලක්ෂණයක් වන්නේය.
ගමේ අතීත ලක්ෂණ
මින් ඈත අතීතයට එනම්
වසර දෙතුන් සියයකට පෙර ගම පුරා තිබුනේ එක දිගටම කැලෑබරවු ඉඩම්ය.සමහර විට ගෙයක්
දකින්නේ සැතපුම් කාලක් පමන ගිය විටය.ඈත අතීතය නොව මෑත අතීතයේද ගමතුල
විසිරැන අනෙක් ගම් වලට යාමට මාර්ගයක් ( පාරක්) නොවු අතර ගැමියන් තම ගෙපැලට ගියේ
කුඹුරෙහි වු නියර දිගේය.වැසි කලට ජලයෙන් යටවන්නේ කුඹුර පමනක් නොව්. ගෙපැලද
යටවෙයි.ජලය බැස යන ඇළ මාර්ග එදා ගොවියන්
ශුද්ධ පවිත්‍ර කර ගත්තේ එය ඔවුනගේ ජීවනාලිය වැනි වී ගොවිතැනට අත්‍යාවශ්‍යවුසාධකයක්
බව දැනසිටි බැවිනි.

කටුමැටියෙන් හෝ වරිච්චියෙන් බැඳ පොල්අතු සෙවිලි කර ගොම මැටි ගෑ ගෙබිමක් සහිත
ගෙවල් එදා බහුලවිය. ගැමියන්ගේ මුල් ජීවනෝපාය වුයේ ගොවිතැනය.වගා කළේ මාවී නම් වී
වර්ගය වන අතර අස්වනු නෙලන්නට මාස හයක් ගතවිය.එදා
පොහර වුයේ ගොම අළු හා දිරාගිය කොළ වර්ග පමනෙකි.
කෟමියන් ගෙන් වන හානි සඳහා සතර කොනේ මල්පැල් බැඳ
කෙම්කිරීමහාපහන් දැල්වීමද කළහ. මීයන් ගෙන්වන අලාභ වලකන්නට කුඹුර මැද පොල් පිති
සිටුවා තැබීමද කෙරින.වපුරන විටද ගොයම් මඩවන විටද විවිධවු
කෙම්පහන් තැබීමද කළ බැවින් සාර්ථක අස්වැන්නක් ලදහ. කුඹුරේ වැඩට බසින ගැමියන් ඒ
සියල්ලම කළේ ඉමහත් ගෞරවයකින් බව පෙනේ.කමතෙහි භාවිතා කළේ විශේෂිතවු භාෂාවකි.
අම්බරැවා, කමත්බත,මැඩුවන් ආදී වදන් එහි කියවින.හරකුන් යොදා ගෙන
සීසෑම,පෝරැගෑම,මට්ටන්කිරීමආදීදහසක් කාර්යයන් කළහ.ගොයම් නෙලීම,සිටුවීම,වල්ඉදිරිම
,අස්වනු නෙලීම.ආදී කාර්යයන් කළේ එකමුතුවය.ඒවා කරන විට ඇතිවන වෙහෙස නිවා ගන්නට
නෙළුම් කවි,සීපද කියුහ. එකල දරැවන් ඉගෙනුමට යාම වෙනුවට කුඹුරට ගියෝය. ඒ බඩවියත රැක
ගන්නට ඇති එකම සම්පත කුඹුර බව දැනසිටි බැවිනි.එසේම අඟහිඟකම් පොතපත ඇඳුම් පැලඳුම් ගෙන දෙන්නට තම දෙමාපියනට
වත්කමක් නොවු බව තේරම් ගෙනසිටි බැවිනි. ඒ තරමටම ආර්ථික අතින් පිරිහුන සමාජයක් ගම තුලවු
බව ඔබ මෙතෙක් දැන නොසිටින්නට ඇත.


ටිකෙන් ටික ජනගහනය
වැඩිවන විට තැනින් තැන ගෙවල ඉදිවිය. එවකට පාළකයන් වුයේ බිත්‍රාන්‍යය යයි ඔවුනගේ
බලතල ක්‍රියාත්මක කළ පහලම නිළධාරියා වුයේ ගම්මුළාදෑනියායි.එවකට ගෙවල එංගලන්ත මහ
රැජිනගේ ජායාරෑපයකින් සැරසු ඉස්තෝප්පුව කියා පෑවේ එතුමියගේ බලය ගැනයි.එම රෑප අපේ සමහර ගෙවල ගෝණ අංතට්ටුවක්ද සමග ඉස්තෝප්පුවේ එල්ලා තිබිනි.
මෙවන් රැජිනගේ ජායාරෑප එල්ලා තබන්නට නීතියක් වු බව සඳහන් නොවුවද ගමෙහි වෙසනා ගම්මුන්ට රාජ තේජස පෙන්වන්නට හා
තම බලය පතුරවන්නට ගම්මුළාදෑනින් නිළමේවරැ විදානෙලා හා ධනවතුන් එය උපයෝගී කර ගන්නට
ඇත. අද වර්තමානයේ වුවද පාළකයන්ගේ ජායාරෑප තම ආයතන වල එල්ලා ඇති අයුරැ ඔබද දකින්නට
ඇත. නිදහස සමග රැජිනගේ රැපය ගෙවලින් ඉවත්ව
ඇතත් කළවන් කල භාෂා ස්වරෑපය තවමත් දක්නට ලැබේ.
ගමේ
මායිම් හා සීමා
රටකින් රටක්ද පළාතකින් පළාතක්ද ගමකින් ගමක්ද වෙන්වනුයේ සීමා නොහොත් මායිම්
අනුවය. එය රටකට වුවද ගමකට වුවද අත්‍යාවශ්‍ය සාධකයකි.තම භුක්තිය නිරවුල්ව භුක්ති විඳින්නට
හා ගැටුම් වලින් මිදෙන්නට සීමාවන් වැදගත්ය.
පුරාතනයේ නිශ්චිතවු සීමා මායිම් නොවීය.ඇළදොළ කඳුවැටි උස්පහත් ආදී ස්වභාවික
භුමි ලක්ෂන මායිම් ලෙසින් නම් කරන්නට එදා පාළකයන් කටයුතු කළ බවට සාධක තිබේ.විශාල
ඉඩමක් තම දුදරැවන් අතර බෙදීමේදීද එම ක්‍රමයම භාවිත විය.අර අගලෙන් මෙහා නුඹට අර ගහෙන් එහා නුඹ කාපන් ආදී ලෙස මායිම්
පැනවින. අපේ ගම යයි තමගම වෙන් කර ගන්නට එදා ගැමියෝ උනන්දු වුහ.ඒ අනුව සීමා මායිම්
පැනවින. නමුත් මෑත කාළය වනතුරාම නීශ්චිත මැනුම් නොවිනි.දියුනු වු අවබෝධය හා ක්‍රමවත්
බවද ශිල්පීය ඤාණයද එක්වු අතර ඉන් නිවැරිදි මායිම් ඇතිවිය. එයට විශේෂිත හේතුවක්
වුයේ පාළනය කිරීම අවශ්‍යතා ලබාදීම ජනගහනය ගනනය කිරීම වැනි කටයුතු වලට නිශ්චිත සීමා
මෘයිම් අත්‍යාවශ්‍ය වීම බව කිව යුතුය.
ඈත අතීතයේද ගම්වල වු ඉඩම් වලට මායිම් තිබින. බොහෝ අය මායිම් වලට ගස්
සිටවුහ. එවන් ගස් නිසා ආරාවුල් ඇතිවු බවද පැරනි කතාපුවත් සඳහන් කරයි. මායිමට
ගැමියන් සිටවුයේ වැටමාර පැළඉනිය. ඒවා එතරම් විශාල නොවන නිසාත් එහි අතු කොළ පොහොරක්
වන නිසාත් ගැමියනට නිරවුල් මායිමක් සේම පොහොරක්ද ලැබිනි.මෙම මායිම් ගස් හරහා පුවක්
හෝ උණ ගසින් පලා සකස් කරගත් පටි වැල් වරග භාවිතාකර බඳින අතර එය කඩාගෙන සතෙකු වුවද
ඇතුල් වන්නේ කළාතුරකිනි.එනමුත් වර්තමානයේ මෙම තත්වය නැත. අද ගස් වෙනුවට සිටවන්නේ
කොන්ක්‍රීට් කනුය. එය හරහා කටු කම්බි ඇද බඳිති. සමහරැන් දැල් ඇද සවි කරති. හතර වටේම තාප්ප බැඳ ගනිති.


කුඹල්ඔළුවේ පාළනය
ශ්‍රී ලංකාව ලන්දේසි
ප්‍රතිග්‍රිසි ඉංග්‍රීසින් පාළනය කළේ රජවරැන් ගේ පාළනයට පසුවය.ඒ අතීත කතා ඔබ
ඉතිහාසය මගින් කියවන්නට ඇත.රජ පාලනයේදී වු තනතුරැ එලෙසින්ම වාගේ අනෙකුත් පාළනයන්හිදීද ක්‍රියාත්මකවු බැවින් අද
දක්වාම පෙළපත් නාමයන්හි එතරම් වෙනසක් වු බව පෙනෙන්ට නැත.එහෙත් ඉංග්‍රිසි පාළනය තුල
තිබු ආඤා ස්වරෑපය එම පාළනය අවසන්වු පසුද දක්නට ලැබෙන බව අතීත සටහන් පෙන්වා දෙයි.
ගම්මුළාදෑනින්ට පොලිස් බලතල තිබු බැවින් වරද කරැවනට දඩුවම් කල අතර ඒ සඳහාම
වු දඩුකඳද ඔවුන් ගේ තේජස පෙන්වන්නක් විය.දඩුකඳ යනු ලීයෙන් තැනු මැදහරියේ පයෙහි
දනහිසට පහල කොටසේ ප්‍රමානයට සිදුරැ දෙකක් ඇති පියන් දෙකකින් සැදුන උපකරනයකි.


නිවාසහාගෟහසැළසුම්
අතීතයේ පමනක් නොව 1960 ගනන් වලද එනම් 1948 නිදහස ලද පසුද ගමේ ගෙවලින් තරමක්
අතමිට සරැ අයගේ ගෙවල තාප්ප බිත්තියෙන් බැඳ පොල් අතු වහලයෙන් නිමව තිබිනි. අනෙක්
ගෙවල වරිච්චි හෝ කටුමැටියෙන් ඉදිවින. එමෙන්ම බිමට මැටි අතුරා ඒමත මැටි සමග දියකල
ගවයන් ගේ ගොම ආලේප කළහ. මෙම ගොම මැටි ගෙබිම විශබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරන බවද
පැරැන්නන් විශ්වාශ කලහ.මෙවන් තත්වයකට හේතුව වන්නට ඇත්තේ එවකටද ගමේ ස්කෝල මහත්වරැ
නොහොත් පාසැල් ගුරැමහතුන් හා 17-අනෙකුත් රාජ්‍ය සේවකයන් සිටියේ කිහිප දෙනෙකු වීමය.
අනෙක් ගම්වැසියන් ගොවිතැන පමනක් කළ අය විමත් නිසාය.ගොවිතැන නොකල සමහරැන්
වඩුවැඩ,පෙදරේරැ වැඩ,හරකුන් එළුවන් ඇති කිරීම ආදී ආදායම් මාර්ග වල යෙදුනාහ. එමෙන්ම
ගොවිතැනට උගත්කම අවශ්‍ය නොවු බැවින් පාසැල් ගියේ තරමක වත්පොහොසත්කම් ඇති පවුල් වල
දරැවන් පමනක් බවද අතීත තතු පෙන්වා දෙයි.එසේම අතීතයේ රජමැදුර හැර අන් ගෙවල කපරාදු
කර සුදු හුණු ආලේප කිරීම තහනම් වු බව පැරණි පොතපතෙහි සඳහන්ව ඇත.
අපේ ගමේද ගෙවල් තනන අය වුහ.තාප්ප බැම්ම,වරිච්චි හා කටුමැටි ආශ්‍රිතව නිවාස
ඉදි නරන්නට ඔවුන්ට මනා දැනීමක්ද විය.අද මෙන් උපකරනද නොතිබු එවන් අවදියක ගංවතුරකින්
හෝ විනාශ නොවන ලෙස ශක්තිමත් ලෙස ගෙවල් තැනුහ. පොළවේ ස්වභාවය අනුව අත්තිවාරම යොදා
තවත් ශක්තිමත් වන්නට පහතට කයියෝරැවක්ද හදමින් අඩි 25 ක් පමන උස බිත්ති බැඳ නිම කලේ
තනිකරම පදම් කල මැටියෙනි. එවන් පැරනි නිවාස අදද අපේ ගමේ දකින්නට තිබේ.(පහත ජායාරෑප
වලින් එවන් අදද පවතින නිවාස දැකිය හැක.)මෙවන් නිවාස වල සාලය,ඉස්තෝප්පුව,නිදන හා
කෑම කාමර,මුළුතැන්ගෙය,මැද මිදුල හා කුස්සියක්ද වෙයි.
ඉපැරිනි නිවාස සැළසුම් සමාජයට ඉතා වැදගත්ය.එහි ආගන්තුකයන්ට නවාතැන් දීමට
කන්තෝරැ කාමරය යොදා ගැනිනි.ඉන් සිදුවිය හැකි අගෟරවයන්ද අපහසුතාවයන්ද නැති
විය.මැදමිදුල ගෙය සහ කුස්සිය අතර විය.එහි උක් පඳුරක් කහ පැළ හා ඉඟුරැ පැළද දක්නට
විය. හදිසි අවස්ථාවක අත් බෙහෙත් ලෙස භාවිතා වන ශාඛයන්ට එහි මුල්තැන ලැබින.
මෙවන් ගෙවල් තැනු ශිල්පීන් කවරදාකවත් පාසැලකට ගිය හෝ අකුරක් උගත් අයද
නොවේ.භුමි තාක්ෂනය නිවාස තාක්ෂනය ගැන ඔවුන් තුලවු දැනුම හා පුහුනුව අද නුතන
තාක්ෂනයටද අභියෝග කරන්නේය. උපකරන නොමැතිව ගෙය තනන්නට ඔවුන් සමත් වුහ.පස් කොටා
ජලයෙන් (වතුරෙන්) මිශ්‍ර කොට පයින් තෙරපමින් පදම් කර දින දෙකක් තැම්බෙන්නට වසා
තබති.ඉන්පසු ඒවා ගුලි කරන්නේ බෝල ලෙසය. එම මැටි බෝල නිසි අයුරින් පේලියකට අඩුක්
කරමින් හිස් තැන් මැටියෙන්ම වසමින් තාප්පය නිම කරති.ඉන්පසු ජලය බැස ගොස් ශක්තිමත්
වන්නට දින දෙක තුනක් තබා යලි පියවරෙන් පියවර තාප්ප බැම්ම ඉහල නංවති. මේ අයුරින්
තනන ගෙවල් වසර දෙතුන් සියයකට වඩා ආපදාවක් නැතිව පවතින බවට අප දැක්වු නිවාසම
සාක්ෂියක් වන්නේය. එවන් කුඹල්ඔළුවේ සිටි ශිල්පීන් අද ජීවත්ව නැතත් ඔවුනට උපහාරයක්
ලෙස නම් සඳහන් කරන්නෙමු. ඒ මැටි- ඒබරන් ,ගලපිටහේනේ ආර්.පී.චාර්ලිස්, ආර්.පී.තෝමස්, යන
ශිල්පීන් වේ. එවන් නිවාස කපරාදු කර හුණු හෝ කිරිමැටි දියකර ආලේප කර වැඩ අවසන්
කරති.
කුඹල්ඔළුව ගමේද 1960 ගනන් වලද ගෙවල වහලය පොල්අතුම විය. එවකට හිංගලඋළු
සෙවිලි කලේ නිළතල හා බළතල තිබු තරමක ධනවතුන් පමනෙකි.කෙසේ වුවද බොහෝ දෙනා කෙසේ හෝ වහලයට උළු සෙවිලි කරන්නට පෙලෙඹුනේ පොල්අතු
වහලය නිසා ඇතිවන කරදර වලක්වා ගැනීමටය. අදද මේ ගමේ එවන් පරන තාප්ප ගෙවල් දැක ගත
හැකිය. එම පැරණි ක්‍රමය යටතේ ගොඩ නැගුන හා චිතුපට කිහිපයකටද එක් වු විදානෙඅත්තා
නමින් හැඳින්වෙන මහතෙකුගේ නිවසක ජායාරෑපයක් මෙහි ඇතුලත් කළෙමු. (ජායා 2)_අනෙක් නිවස ආර්.පී
බාරොන් මහතා සතුව තිබුනකි.



වර්තමාණයේ එදා තිබු කටුමැටි ගෙවල ඉවත් වෙමින්
බ්ලොක් ගල හා කොන්ක්‍රීට් බැමි ආධාරයෙන් තට්ටු ගෙවල් ඉදිවෙන අයුරැ අද දැකගත හැකිය. අතීත සටහන් ලෙස තබාගත යුතු
පැරනි ගෙවල් හා විහාරස්ථාන වල ඇති සමහර දේද රැක ගතහොත් කුඹල්ඔළුව ගමටද කෞතික හා
පෞරාණික අගයක් ලැබෙනු ඇත. එවන් පැරණි ගෙයක් හා වෙද මහතෙකුගේ ඉපැරිනි වෙද පොත් හා
ගෟහ භාණ්ඩ සංරක්ෂනය කරන්නට අදහස් කරන අයද ගමේ සිටිති. එවන් ලෙස හෝ ගමට පෞරාණික
වටිණාකමක් ලබා දෙන්නට පියවර ගැනීම ගම්වාසීන්ගේ යුතුකමෙකි.
ගමේ ගමනාගමනය හා ප්රවාහනය-
වඩාත් ඈත අතීත තොරතුරැ
සොයා ගන්නට නොහැකිව ඇත්තේ කුඹල්ඔළුව ගමේ පෞරානික වස්තුන් හා රජදවස ශිලා ලේඛණ නැති
බැවිනි.ගමට ඇති පැරණිම වස්තුව හළලියේ පන්සල ,විල හා වාරි මාර්ගයි. අද ගම බෙහෙවින්
නාගරීකරණය වී ඇත.රජ දවස ගම තොරතුරැ අනුව ගමටද විවිධ වෟත්තීන් අනුව බෙදා වෙන් කල සමාජයක්
හා ඔවුනට උරැම කල පෙලපත් නාමයන්ද තිබිනි.එසේම ආරච්චිල හා මුලාදෑනි ක්‍රමය ,විදානෙලා ,හා භාෂා ස්වරෑපයන්
අනුවද කුඹල්ඔළුව ගමද රජවරැනගේ සෟජුමය පාලනයකට යටත්ව තිබු බවටද සාධක හමුවේ.එදා
රජවරැ ඇතු පිටින් අසුපිටින් යද්දී මෑත කාළයක් වනතුරැම අපේ ගමේ ප්‍රභූන් ගමන් කලේ
රේස් කරත්තය හෝ බක්කි කරත්තයෙනි.
බර කරත්තය නම්වු
හරකුන් දෙදෙනෙකු බඳින කරත්තය
බර ඇදීමට පමනක් නොව මංගල අවමංගල හා වන්දනා ගමන් වලටද ප්‍රයෝජනයට ගැනිනි.එදා
ගම්වැසියන් හරකුන් ඇති කලේ සීසෑමට හා කරත්තයටය.


ආදායම් මගක් ලෙස කිරි
දෙනුන් ඇති නොකලහ.ආදායම් මගක් ලෙස කිරි දෙනුන් ඇති කරන්නට පෙළඹුනේ මෑතකදීය.එනමුත්
අතීතයේ ගමන් යාමටද බර ඇදීමටද කරත්තය භාවිතා කලහ.මෑතක එවන් කරත්ත කරැවන් ලෙස ගමේ ප්‍රසිද්ධ
වු අය වුයේ ඩැනියෙල්,ආතර් හා දාබිලින් යන මහතුන්ය. ඔවුන් වේයන්ගොඩ හා නිට්ටඹුව
නගරවල සිට කුඹල්ඔළුවට ආහාර දව්‍ය හා පිටි ගෙනආහ.ලොරි හා ටැක්ටර් නොතිබු අතර බඩු ප්‍රවාහනය
වුයේ කරත්තයෙනි.


ජනගහනය හා ඉඩකඩම්
කුඹල්ඔළුව ගමේ සිංහළ බෞද්ධයන් හැරැන විට වෙනත් ජන
වාර්ගිකයන් හා ආගමිකයන්ද සිටිති .කතෝලික මුස්ලිම් හා දමිළ හින්දු භක්තිකයන්ද අපේ
ගමේ වෙසෙන බව වර්තමාන රාජ්‍ය සටහන් පෙන්වා දෙයි. මෙම තත්වය අනාගතයේදී තවත් ඉහළ
යන්නට පුළුවන.එසේම මෙමගින් සම්මිශ්‍රණය වු පරම්පරා බිහි වන්නට ඇති ඉඩතඩද වැඩිය.
වර්තමානය තුල පාසැල් දෙකක් හා පන්සල් තුනක් ඇති ගමේ අද නිවාස ප්‍රමාණය වේගයෙන් ඉහල යයි.තවත්
දිනෙන් දින මෙම ප්‍රමාණය ඉහල යන්නේ පවුල් වල සාමාජික සංඛ්‍යාව අනුවය.340 කුඹල්ඔළුව
කොටසෙහි ඉඩම් ප්‍රමාණය අක්කර 68 කි වගා කෙරෙන කුඹුරැ ප්‍රමාණය අක්කර 21 ක් පමනවේ.
ගොඩ ඉඩම් ප්‍රමාණය අක්කර 47කි
ි දේශගුණය හා මුහුදු මට්ටම26
නිරක්ෂයට ආසන්න වු රටක් වන අපේ රටෙහි ගමක් වන
බැවින් සෞම්‍යවු දේශගුනයක් ගමතුල පවතී .මුහුදු පට්ටමේ උස අඩි 65කට වැඩි බව සඳහන්
වේ.කළාතුරකින් සුළිසුලං ආපදාවන් හා ගංවතුර තර්ජනය බලපෑවද විශාලවු අලාභ තත්වයක්
මෑත කාළය තුල වාර්තාවී නැත. එහෙත් 1937
පමන වු ගංවතුර නිසා බරපතල හානි සිදුවු බව ගම්පුවක් සඳහන් කරයි.
ගමේ පාසල් මහ
විදුහල හා බාලිකාව
ඉංග්‍රීසි පාළන කාළයේ අපේ ගමේ සිටි දුප්පත් දරැවන්ට ඉගෙන
ගන්නට අකුරැ කරන්නට මගක් උදා වුනේ අද දියුනු වු මේ පාසැල් දෙක නිසා බව ගම්පුවත් සඳහන්
කරයි.ඒත් ස්කෝලෙ හැදුනේ බාධක මැද්දෙ බව ඔබට මෙම ලිපිය කියවන විට පැහැදිලි වේවි.එදා
සිටි ස්කොලෙ මහත්තුරැන් අද නැති වුනාට
පාසල ගොඩ නැගුනේ එතුමන්ලා ගෙ අනුග්‍රහයත් ධෛර්යත් නිසා බව පාසැල් පුවත් සනාථ කරයි.
භාෂාව හා අවබෝධය
කුඹල්ඔළුව ගමේ වැඩිම පිරිසකගේ
භාෂාව වුයේ සිංහළය. ඒ සිංහළයන් වු බැවිනි.
එය හුරැ පුරැදු වුයේද දෙමාපියන් ගේ භාෂාව
එයවු හෙයිනි.අද නමි තත්වය තරමක් වෙනස්ය. ඒ වර්තමානයේ වෙනත් වාර්ගිකයන්ද ගමෙහි
පදංචිව සිටින බැවිනි.
අතීත කාළයේ ගුරැවරැවු
ගුරැන්නාන්සේලා අකුරැ කියා දුන්නා වගෙම ලියන හැටිත් කියා දුන්නේ වැලිපිල්ලේය.
වැලිපිල්ල යනු ලෑල්ලක හලාගත් සිහින් වැලි අතුරා සකස් කළ එකකි. (ජායාරෑපය බලන්න )
පසුව ගල්ලෑල්ල භාවිතා විය. එහි ලියන්නට ගල්කුරක්ද විය. ලියු දේ මකමින් නැවත
ලියනිනට පුළුවන්වු නිසා හරියට අකුරැ ලියන්නට ඉගෙන ගැනීම අපහසු නොවීය. අද මෙන්
කුරුටු ගා ලියන පොත ඉවත ලන්නට සිදුවුයේ නැති නිසා දෙමාපියන්ටත් ලොකු සහනයක් විය.


මංඤොක්කා, වෙනුවට මයියොක්කා
ලියන්නට අද කියා දුන්නද එදා මයියොක්කා තිබුනේද නැත. ගුරැන්නාන්සේලා ගෙන් පසුව ආ
ස්කොළ මහත්වරැ හා නෝනමහත්වරැ අද සමාජය හඳුනන්නේද නැත. තවමත් ගමෙහි පැරණි අය
ස්කෝළමහත්වරැ ගැන කතා කරන්නේ ගෞරවයෙනි. එතුමන්ලා කළ ඉගෙන්වීම අවංකවම කළ නිසා ඉන්
සමාජයට අත්වු සෙත අවබෝධ කරගත් බැවිනි.
ගුරැන්නාන් සේලාත් ස්කෝළ
මහත්වරැත් පන්සලේ හාමුදුරැවෝත් අකුරැ කියාදුන් කාළය අවසන් වුවා සේම අකුරැ ටික
දන්නවා නම් ගෙදර ඉඳගෙනම ඉගෙන විභාගය සමත් වන්නට අද පුළුවන.ඒ දියුනුව ඇති නව
තාක්ෂණය හා එකතු වීමෙනි. අවබෝධයක් නැතත්
අද බොහෝ දේ ඉගෙන ගන්නට වගෙම කරන්නටද නව උපකරන තිබේ.
1820 ගනන් වල ගමේ ස්කොලෙකට ගියේ ටික දෙනෙකු වුවද 1860 දී හැම
ළමයෙකුම පාසැල් යැවීමට දෙමාපියන් උත්සාහ කළහ.1920 ගනන් වල මොනිටර් ගුරැවරැ පත්වුයේ
එවකට පාසැලට ගිය අයට ගුරැන්නාන්සේලා නිවැරිදිව සිප්සතර කියාදුන් බැවිනි.ආණ්ඩුවේ
විභාගය සමත් වු සියළුම දෙනා ගුරැ පත්වීම් භාර නොගත්තේ එවකට ගෙවු වැටුප ජීවත් වන්නට මදි නිසා බව අදත් ජීවත්ව
සිටින වියපත් ගැමියන් පැවසු බව පාසැල් පුවත් හෙලි කරයි.
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු
වැදගත්-- මෙම කෟතිය හළලිය නිශ්ශංක වන මාගේ රචනයක් වන අතර එය මුද්රනය කිරීම හා එයටඅවශ්‍යවු තොරතුරැ ලබාදීමට ආර්.පී.කරැණාරත්න මහතා කටයුතු කර ඇත.කෟතියේ මුද්රන අයිතිය සතුමා සතුවෙයි. මෙය මා වෙසෙන ගම ගැන ලියවුන කෟතියක් බැවින් එහි තොරතුරැ වල අයිතිය මා සතුවේ. මගෙන් අවසර රහිතව තොරතුරැ නොගන්න.
වැදගත්-- මෙම කෟතිය හළලිය නිශ්ශංක වන මාගේ රචනයක් වන අතර එය මුද්රනය කිරීම හා එයටඅවශ්‍යවු තොරතුරැ ලබාදීමට ආර්.පී.කරැණාරත්න මහතා කටයුතු කර ඇත.කෟතියේ මුද්රන අයිතිය සතුමා සතුවෙයි. මෙය මා වෙසෙන ගම ගැන ලියවුන කෟතියක් බැවින් එහි තොරතුරැ වල අයිතිය මා සතුවේ. මගෙන් අවසර රහිතව තොරතුරැ නොගන්න.
Comments
Post a Comment