5   ගමේ අතීත ලක්ෂණ                                                                                      
මින් ඈත අතීතයට එනම් වසර දෙතුන් සියයකට පෙර ගම පුරා තිබුනේ එක දිගටම කැලෑබරවු ඉඩම්ය.සමහර විට ගෙයක් දකින්නේ සැතපුම් කාලක් පමන ගිය විටය.ඈත අතීතය නොව මෑත අතීතයේද  ගමතුල විසිරැන අනෙක් ගම් වලට යාමට මාර්ගයක් ( පාරක්) නොවු අතර ගැමියන් තම ගෙපැලට ගියේ කුඹුරෙහි වු නියර දිගේය.වැසි කලට ජලයෙන් යටවන්නේ කුඹුර පමනක් නොව්. ගෙපැලද යටවෙයි.ජලය බැස යන ඇළ මාර්ග  එදා ගොවියන් ශුද්ධ පවිත්‍ර කර ගත්තේ එය ඔවුනගේ ජීවනාලිය වැනි වී ගොවිතැනට අත්‍යාවශ්‍යවුසාධකයක් බව දැනසිටි බැවිනි.  
                                   
වරිච්චියෙන් හෝ තාප්පයෙන් බිත්ති බැඳ වහලයේ පොල්අතු සෙවිලි කර ගොම මැටි ගෑ ගෙබිමක් සහිත ගෙවල් එදා බහුලවිය. ගැමියන්ගේ මුල් ජීවනෝපාය වුයේ ගොවිතැනය.වගා කළේ මාවී නම් වී වර්ගය වන අතර අස්වනු නෙලන්නට මාස හයක් ගතවිය.එදා  පොහර වුයේ ගොම අළු හා ඇට පොහොරය.
කෟමියන් ගෙන් වන හානි සඳහා සතර කොනේ මල්පැල් බැඳ කෙම්කිරීමහාපහන් දැල්වීමද කළහ. මීයන් ගෙන්වන අලාභ වලකන්නට කුඹුර මැද පොල් පිති සිටුවා තැබීමද කෙරින.  පොල් පිත්තේ හිසට රාත්‍රියේ වැටෙන මඳ එලියෙන් වුවත් එය දිලිසෙන විට නයෙකුගේ පෙනයේ ස්වභාවය දක්වන නිසා මීයන් පලායන බව ගොවියන් කියති. එසේම දහවලට කුඹුරට එන කුරැල්ලන් එහි වසා ගොයම් ගස්වලවු පත්‍රයන්හි සිටින දළඹුවන් හා කෟමීන්  ගිල දමති. එනිසා පොල්පිති සිටුවීම දෙයාකාරයකින් ප්‍රයෝජනවත් වෙයි.
වපුරන විටද ගොයම් මඩවන විටද විවිධවු කෙම්පහන් තැබීමද කළ බැවින් සාර්ථක අස්වැන්නක් ලදහ. කුඹුරේ වැඩට බසින ගැමියන් ඒ සියල්ලම කළේ ඉමහත් ගෞරවයකින් බව පෙනේ.කමතෙහි භාවිතා කළේ විශේෂිතවු භාෂාවකි. අම්බරැවා, කමත්බත,මැඩුවන් ආදී වදන් එහි කියවින.හරකුන් යොදා ගෙන සීසෑම,පෝරැගෑම,මට්ටන්කිරීමආදීදහසක් කාර්යයන් කළහ.ගොයම් නෙලීම,සිටුවීම,වල්ඉදිරිම ,අස්වනු නෙලීම.ආදී කාර්යයන් කළේ එකමුතුවය.ඒවා කරන විට ඇතිවන වෙහෙස නිවා ගන්නට නෙළුම් කවි,සීපද කියුහ. එකල දරැවන් ඉගෙනුමට යාම වෙනුවට කුඹුරට ගියෝය. ඒ බඩවියත රැක ගන්නට ඇති එකම සම්පත කුඹුර බව දැනසිටි බැවිනි.එසේම අඟහිඟකම් පොතපත ඇඳුම් පැලඳුම් ගෙන දෙන්නට තම දෙමාපියනට වත්කමක් නොවු  බැවිනි. ඒ තරමටම ආර්ථික අතින් පිරිහුන සමාජයක් ගම තුලවු බව ඔබ මෙතෙක් දැන නොසිටින්නට ඇත.    
   
ටිකෙන් ටික ජනගහනය වැඩිවන විට තැනින් තැන ගෙවල ඉදිවිය. එවකට පාළකයන් වුයේ බිත්‍රාන්‍යය යයි ඔවුනගේ බලතල ක්‍රියාත්මක කළ පහලම නිළධාරියා වුයේ ගම්මුළාදෑනියායි.එවකට ගෙවල එංගලන්ත මහ රැජිනගේ ජායාරෑපයකින් සැරසු ඉස්තෝප්පුව කියා පෑවේ එතුමියගේ  බලය ගැනයි.එම රෑප  සමහර ගෙවල  ගෝණ අංතට්ටුවක්ද සමග ඉස්තෝප්පුවේ එල්ලා තිබිනි. මෙවන් රැජිනගේ ජායාරෑප එල්ලා තබන්නට නීතියක් වු බව සඳහන් නොවුවද ගමෙහි වෙසනා ගම්මුන්ට රාජ තේජස පෙන්වන්නට හා තම බලය පතුරවන්නට ගම්මුළාදෑනින් නිළමේවරැ විදානෙලා  එය උපයෝගී කර ගන්නට ඇත. අද වර්තමානයේ වුවද පාළකයන්ගේ ජායාරෑප තම ආයතන වල එල්ලා ඇති අයුරැ ඔබද දකින්නට ඇත.  නිදහස සමග රැජිනගේ රැපය ගෙවලින් ඉවත්ව ඇතත් කළවන් කල භාෂා ස්වරෑපය තවමත් දක්නට ලැබේ.
       ගමේ මායිම් හා සීමා                                                                                                                                            
රටකින් රටක්ද පළාතකින් පළාතක්ද ගමකින් ගමක්ද වෙන්වනුයේ සීමා නොහොත් මායිම් අනුවය. එය රටකට වුවද ගමකට වුවද අත්‍යාවශ්‍ය සාධකයකි.තම භුක්තිය නිරවුල්ව භුක්ති විඳින්නට හා ගැටුම් වලින් මිදෙන්නට සීමාවන් වැදගත්ය.
පුරාතනයේ නිශ්චිතවු සීමා මායිම් නොවීය.ඇළදොළ කඳුවැටි උස්පහත් ආදී ස්වභාවික භුමි ලක්ෂන මායිම් ලෙසින් නම් කරන්නට එදා පාළකයන් කටයුතු කළ බවට සාධක තිබේ.විශාල ඉඩමක් තම දුදරැවන් අතර බෙදීමේදීද එම ක්‍රමයම භාවිත විය.අර අගලෙන් මෙහා  නුඹට අර ගහෙන් එහා නුඹ කාපන් ආදී ලෙස මායිම් පැනවින. අපේ ගම යයි තමගම වෙන් කර ගන්නට එදා ගැමියෝ උනන්දු වුහ.ඒ අනුව සීමා මායිම් පැනවින. නමුත් මෑත කාළය වනතුරාම නීශ්චිත මැනුම් නොවිනි.දියුනු වු අවබෝධය හා ක්‍රමවත් බවද ශිල්පීය ඤාණයද එක්වු අතර ඉන් නිවැරිදි මායිම් ඇතිවිය. එයට විශේෂිත හේතුවක් වුයේ පාළනය කිරීම අවශ්‍යතා ලබාදීම ජනගහනය ගනනය කිරීම වැනි කටයුතු වලට නිශ්චිත සීමා මෘයිම් අත්‍යාවශ්‍ය වීම බව කිව යුතුය.
ඈත අතීතයේද ගම්වල වු ඉඩම් වලට මායිම් තිබින. බොහෝ අය මායිම් වලට ගස් සිටවුහ. එවන් ගස් නිසා ආරාවුල් ඇතිවු බවද පැරනි කතාපුවත් සඳහන් කරයි. මායිමට ගැමියන් සිටවුයේ වැටමාර පැළඉනිය. ඒවා එතරම් විශාල නොවන නිසාත් එහි අතු කොළ පොහොරක් වන නිසාත් ගැමියනට නිරවුල් මායිමක් සේම පොහොරක්ද ලැබිනි.මෙම මායිම් ගස් හරහා පුවක් හෝ උණ ගසින් පලා සකස් කරගත් පටි වැල් වරග භාවිතාකර බඳින අතර එය කඩාගෙන සතෙකු වුවද ඇතුල් වන්නේ කළාතුරකිනි.එනමුත් වර්තමානයේ මෙම තත්වය නැත. අද ගස් වෙනුවට සිටවන්නේ කොන්ක්‍රීට් කනුය. එය හරහා කටු කම්බි ඇද බඳිති. සමහරැන් දැල් ඇද සවි කරති.  හතර වටේම තාප්ප බැඳ ගනිති. 
    


Comments

Popular posts from this blog