8  කුඹල්ඔළුවේ   පාළනය     

ශ්‍රී ලංකාව ලන්දේසි ප්‍රතිග්‍රිසි ඉංග්‍රීසින් පාළනය කළේ රජවරැන් ගේ පාළනයට පසුවය.ඒ අතීත කතා ඔබ ඉතිහාසය මගින් කියවන්නට ඇත.රජ පාලනයේදී වු තනතුරැ එලෙසින්ම වාගේ  අනෙකුත් පාළනයන්හිදීද ක්‍රියාත්මකවු බැවින් අද දක්වාම පෙළපත් නාමයන්හි එතරම් වෙනසක් වු බව පෙනෙන්ට නැත.එහෙත් ඉංග්‍රිසි පාළනය තුල තිබු ආඤා ස්වරෑපය එම පාළනය අවසන්වු පසුද දක්නට ලැබෙන බව අතීත සටහන් පෙන්වා දෙයි.             

ගම්මුළාදෑනින්ට පොලිස් බලතල තිබු බැවින් වරද කරැවනට දඩුවම් කල අතර ඒ සඳහාම වු දඩුකඳද ඔවුන් ගේ තේජස පෙන්වන්නක් විය.දඩුකඳ යනු ලීයෙන් තැනු මැදහරියේ පයෙහි දනහිසට පහල කොටසේ ප්‍රමානයට සිදුරැ දෙකක් ඇති පියන් දෙකකින් සැදුන උපකරනයකි.

     


16     කුඹල්ඔළුවේපාළනය                                                

අතීතය ගැන සාමාන්‍ය කටවහරරින් කියවෙන්නේ කෝපි කාලෙ වැඩ  යනුවෙන් බව ඔබට මතක ඇත. එහෙත් කෝපි කාළයේ සිදිවු සිදුවීම් සියල්ලම සිනහවට භාජනය නොවේ. අද සිදුවන සමහර සිදුවීම් අතීතයේ සිදු නොවුයේ තාක්ෂනය හා දැනුම එදා රටට අහිමිවු බැවිනි.

ආරච්චිල,මුහන්දිරම්,විදානේ යන සමුහ පාලනයෙන් මිදී  1800 වර්ෂ වල ඉංග්‍රිසි පාළනයේදී ගමගැන ආණ්ඩුවට වගකියන ගමෙහි පාළකයා පොළිස් විදානේ විය. ආණ්ඩුවේ පාලන බලය 1948 න් පසු රටවැසියන්ට අත්වීම මත පොළිස්විදානේ ගම්මුළාදෑනියා විය.

මෑත අතීත තොරතුරැ දක්වන ගම්පුවත් අනුව කුඹල්ඔළුවට පත්වු ගම්මුළාදෑනින් අතර ලුණුගම්මුල්ලේ රාළහාමි ,මාටින් රාළහාමි සහ ගුනපාල වීරක්කොඩි තවමත් ගැමියනට අමතක නොවු චරිතයන් වේ.පියදාස රාළහාමි ගම්මුළාදෑනින් නැති විටක ඒ වෙනුවට කටයුතු කලේය. කුඹල්ඔළුවට පත්වු මුල්ම ග්‍රාම සේවක නිළධාරියා බෝගහවත්තේ එන්.ඒ.සිරිසේන මහතාය.

ගම්මුළාදෑනියා වන්නට බලපෑවේ උගත්කම නොවේ. ධනවත්කම බව පෙනේ.එයින් අදහස් වුයේ ඔහු කිසිවෙකුට අතනොපාන  ගමෙහි බලවතෙක් වීම වැදගත් වුබවයි. උගත්කම නොවු බැවින් ගම්මුළාදෑනින් ගේ සමහර ක්‍රියාවන් එවක ගැමි සමාජය පෙලන සිදුවීම්ද සිදුවු බව ගම්පුවත් හෙලි කරයි.සමහර විටෙක එවන් කතා රසවත් මෙන්ම කණගාටුදායක සිදුවීම් වෙයි. ඉන්පසු ග්‍රාමීය සමාජීය තත්වයන් පෙරට ගෙන යන්නට ග්‍රාසේවක තනතුර රජයෙන් ඇති කලේය.ග්‍රාම සේවක තනතුරට සුදුස්සන් පත් කෙරැනුයේ තරඟ විභාගයක් මතය.ඒ අනුව ග්‍රාමීය තත්වයන් දියුනු කිරිමට රජයට පහසු වෙතැයි අපේක්ෂා කෙරෙයි.

ශ්‍රී ලංකාව ලන්දේසි ප්‍රතිග්‍රිසි ඉංග්‍රීසින් පාළනය කළේ රජවරැන් ගේ පාළනයට පසුවය.ඒ අතීත කතා ඔබ ඉතිහාසය මගින් කියවන්නට ඇත.රජ පාලනයේදී වු තනතුරැ එලෙසින්ම වාගේ  අනෙකුත් පාළනයන්හිදීද ක්‍රියාත්මකවු බැවින් අද දක්වාම පෙළපත් නාමයන්හි එතරම් වෙනසක් වු බව පෙනෙන්ට නැත.එහෙත් ඉංග්‍රිසි පාළනය තුල තිබු ආඤා ස්වරෑපය එම පාළනය අවසන්වු පසුද දක්නට ලැබෙන බව අතීත සටහන් පෙන්වා දෙයි.

       

සිය උරහිස මතවු අමුඩ ලේන්සුව අතට ගෙන හාමුදුරැවනේ කියමින් වැඳ වැටෙන යුගය කුඹල්ඔළුව ගම තුලද එසමයෙහි පැවතින.එහෙත් සුද්දන් ගේ ජවය අතට ගත් වලව්වක් හෝ වලව්කාරයන්  ගමේ සිටියේ නැත.නමුත් විදානෙ මහත්තයා ,නිලෙමෙලා , ආරච්චිලා ,ගම්මුලාදෑනියා සහ උප මුළාදෑනියා ගම්වැසියන්ගේ ගෞරවයට පාත්‍රවුවන් විය.පොළිස් බළතල තිබු බැවින් ගැමියන් ගම්මුළාදෑනින්ට රාළහාමි හා උප රාළහාමි ලෙසින්  ඔවුන් ඇමතුහ.උප රාළහාමි ගම්මුළාදෑනියා නොමැති විට ඔහු වෙනුවෙන් කටයුතු කළේය.ඔහුට රාජකාරි බළතල නොතිබුන බවද කියවෙයි.

ගම්මුළාදෑනින්ට පොලිස් බලතල තිබු බැවින් වරද කරැවනට දඩුවම් කල අතර ඒ සඳහාම වු දඩුකඳද ඔවුන් ගේ තේජස පෙන්වන්නක් විය.දඩුකඳ යනු ලීයෙන් තැනු මැදහරියේ පයෙහි දනහිසට පහල කොටසේ ප්‍රමානයට සිදුරැ දෙකක් ඇති පියන් දෙකකින් සැදුන උපකරනයකි. 

    

දඞුකඳ (ලීයෙන් සාදන ලද්දකි )

   

අතීතය අනාගතයට පෙරදසුනක් කරගන්න. එයින් වර්තමානය සැකසෙයි. අනාගතය නිවැරිදි වෙයි. මන්ද අතීතයේ සිදුවු බොහෝ දේ යලි සිදු නොවන බැවිනි. (නාල්ස්-)

 


Comments

Popular posts from this blog