9   ගමගැන තවත් යමක්   
   රජවරැන් රට පාළනය කලසමයේ වුවද කුඹල්ඔළුව වැදගත් ස්ථානයක් ලත් ගමකැයි කිව හැකිය.ඒ වළන් කර්මාන්තය කෙරැනු ලක්දිවවු ගම්මාන අතරින් මෙම ගමද ප්‍රධානවු ගමක් බවට පත්ව තිබු බැවිනි.එසේම අපගම තුල ජීවත්වුවන් ගේ පෙළපත් නාමය නොහොත් පරම්පරා නාමයද පරිත්‍යාග වී ඇත්තේ රජවරැන් ගෙන් බවට සාධක අපමනවත් ඇති බැවිනි.       
වත්මන් සමාජයේ අප කවුරැන්වත් නොදන්නා සමහර ශ්ලෝක ,දෙවොල් නැටුම් හා කාව්‍යවලද කුඹල්ඔළුව ගම ගැනවු වටිනා අතීත සිදුවීම් ගැබ්වී ඇත.එවන් සිදුවීම් ගමේ අතීතය විහිදා දක්වන කැටපතක් වන්නේය.බොහෝ පැරනි ගී ලියවී ඇත්තේ එදා සිදුවු යම්යම් සිදුවීම් මතය.ඒවා විචාරාත්මකව විමසා බලන්නෙකුට එදා අතීතය ගැන පමනක් නොව ජන ජීවිතය ගැනද මනාසේ වටහා ගත හැකිය.අතීතයේ සීපදයක් ගැයුවා නම් එහිද වුයේ එදා ජනදිවියේවු කිසියම් අත්දැකීමක් බවද කිව යුතුය.
අතීතයේ මෙම ගම පාළනය වුයේ මිනුවන්ගොඩ රාජධානිය යටතේය.එකළ රජකළ රජතුමන් වුයේ සකළකළා වල්ලභ නම්වු රජතුමන් බව අතීත තොරතුරැ දක්වයි.එම රජතුමන් එවකට රජ්‍ය පාළනයේ යෙදුන කාවන්තිස්ස නම් රජතුමාගේ බිසවකව ගේ පුත් කුමරා බවද එම තොරතුරැ දක්වයි. ගමට නම හැදුනේ හා පෙළපත් නාම ලැබුන අයුරැ වෙන ලිපියක දක්වා අති බැවින් එය මෙහි සහන් නොවේ.
ඉන්පසු රට පාළනය කළ රජවරැන්ගෙන් පසු පාළකයන්වු පෟතුග්‍රිසි ,ලන්දේසි හා ඉංග්‍රිසින් ගේ පාළනයන්හිදීද කුඹල්ඔළුව ගමට බලපෑම් එල්ලවු වු බව පෙනේ     රජදවස පාළනයේදීවු ගමේ සීමාවන් තරමකට වෙනස් වුයේ ඉංග්‍රිසි පාළන කාළය තුල පමනකි.රජවරැ පාළනය කළ කාළසීමාවන්හිදී කුඹල්ඔළුව ගම ඉතා විශාලවු ගමක් බවට සාධක තිබේ.සකළකළා වල්ලභ රජතුමා ගමට නම තබන කාළයේ වෑබඩමුල්ල ගමද අපේ ගමෞම කොටසක් විය. අදද අපේ ගම ගම් කිහිපක එකතුවක් බවඔබද දනී. එමරජු ගමට නම තැබුවේ කුඹල්ඔළුව වශයෙන් බවත් හයට හේතුවත් ඔබ කියවන්නට ඇත.එම කරැන නිරීක්ෂනය කරන විට මැටි කර්මාන්තය හා අපේගම අතරවු බැීම පැහැදිලිවම පෙනේ.එසේම මැටි ලබාගත් විළඉස්මත්ත හා මැටිගන්නා ගාරය  යන ගම්ද අපේ ගමට අයත්වු ගම්වේ. මෙම කරැනු මත වෑබඩමුල්ල ගමද එදා අපේ ගමේ කොටසක් වුබව පැහැදිලිවේ.වෑබඩමුල්ල ගමෙන් වෙන්වන්නට ඇත්තේ ඉංග්‍රිසි ආණ්ඩුවේ පාළනය උදෙසා ගම්වල සීමා වෙනස් කරීම නිසා බව පෙනෙන කරැනකි.              
     ඉංග්‍රිසි ආණ්ඩුව හා ඉංග්‍රිසින් රටවල් ආක්‍රමනය කලා සේම එම රටවල  සම්පත්ද ඔවුනගේ ප්‍රයෝජනයට ගන්නට උනන්දු වුහ..එහි ප්‍රත්පලයක් ලෙස මේ ගමද ඔවුනගේ දැඩි සැලකිල්ලය යොමුවු ගමක් වන්නට ඇත.ඉංග්‍රිසින් තම පාළන බලය තහවුරැ කර ගන්නට ගත් එක ක්‍රියා මාර්ගයක් වුයේ රජදවස ලද බලතල ඇත්තන් එලෙසම බලයේ තැබීමය. අපේ ගමේ වලව් කාරයන් නොසිටියද පුදලි පහන්දිරම්ලා,විදානෙලා, ආරච්චිලා සිටියහ. එවුන් සතු බලතල  එලෙසම රැවීම නිසා ඉංග්‍රිසින්ට පාළනය පහසුවිය.
ඉංග්‍රිසි පාළනයේ අවසන් කාළසීමාව වන විට ඔවුන් ඔවුනගේ අවශ්යතාවයන් මත ගම් වලට පාරවල් තනන්නට පෙළඹිනි. කුඹල්ඔළුව ගම හරහා වැටුන මාර්ගය අනෙක් ගම් වලට යාහැකි කෙටි මාර්ගයක් විය.අදද මෙම මාර්ගය ප්‍රධාන අතුරැ මාර්ගයක් ලෙස භාවිතා කෙරේ. ගම හරහා දිවෙන මාර්ගය ඉංග්‍රිසින් තනන්නට පියවර ගත්තේ ඒ නිසාය.ඉන්  ගමටද නව ජීවයක් ලබන්නට මං සැළසිනි. මේ වකවානුව වනවිට ඉංග්‍රිසි අාණ්ඩුවේ පළාත් භාර නිළධාරින්ද පත්කොට තිබිනි. ආණ්ඩුවේ ඒජන්තවරයා හැම අතින්ම බලගතු විය. එසේම එවකට ඉහළට උගත්තවුන්ද රටතුල සිටීම ආණ්ඩුවේ ගමන්මග වෙනස් වන්නට හේතුවක් වන්නට ඇත.                                                 
1820 ගනන් වල වුවද පාර තැනී තිබුනද අන් ගම්වලට මාර්ග නොවීය. ගමට අයත්වු ගමකට වුවද යාමට තිබුනේ දෙවට පාරක් හෝ වෙලේ නියරය.රටේ උගතුන් වැඩිවීමත් පාළකයන්ට තම ගමන් මග වෙනස් කරන්නට ඇතිවු බලපෑමක් විය. මේ අනුව ඉංග්‍රිසි පාළන මග වෙනස්ව ස්වභාෂා ඉගෙන්වීමේ මගකට යන්නට සිදු වන්නට ඇතැයි සිතිය හැකිය. ගම නැගෙන්නට පටන් ගත්තේ එතැනිනි.
අපේ ගමේ අතීතයේද මුල් ආදායම් මගවු වී ගොවතැනට අමතරව වෙනත් වෟත්තීන්හිද යෙදෙන්නන් වුහ.ගමන් පහසුවක් නොලදද සමහරැ වවිධ කෑම වර්ග නිපදවා ඒවා හිසමත කූඩවල රවා තබාගෙන ගෙන්ගෙට ගොස් අලෙවි කලහ.විජාතිකයන්ද වෙනත් වර්ග ගමට ගෙනවිත් අලෙවි කලහ.වඩු පෙදරේරැ කරණවෑමි ඇුම් මහන්නන් රෙදි පවිත්‍ර කරන්නන් පමනක් නොව මස්මාළු අලෙවි කරන්නන්ද අපේ ගමතුල වුහ. එය අතීතයේ ශතය හා සල්ලියද භාවිතාවු කාළයක් විය.
1823 පමන ස්ටවුට් මහතා ගේ මග පෙන්වීම මත පාසැලක් ඇරඹීම ගමතුල නව පිබිදීමකට මුල් වන්නට ඇත.පන්සල හා ගුරැගෙදරට ගොස් අකුරැ කළ ගැමි දරැවනට ඉහළට ඉගෙන ගන්නට මග සැලසිනි.එහෙත් පුහුනුවක් මිස උගත්කමක් අනවශ්‍ය වු රැකියාවන්හි යෙදුන ගම්වැසියන්තුල ඉගෙනීම ගැන එතරම් අනන්දුවක් නොතිබිනි.එහෙත් ගමෙහි ස්කෝල මහත්වරැන්ගේ පෙලඹවීම හා අවවාද නිසා සෙමින් වුවද එකල දරැවන් ඉගෙනුමට පෙළඹුනහ.එකල ගැමියන්ගේ අදහසක් වුයේ ලියුමක් කියවන්නට දැන ගත්තාම ඇති යන හැීමක් බව ගම්පුවත් එහන් කරයි.    
එම කාළයේ සතය හා සල්ලිය විශාල මුදලක් විය. සතයක් ගෙන කඩයකට ගියවිට අවශ්‍ය හැම දෙයම ලබා ගන්නට හැකිවිය.අතීත තොරතුරැ දක්වන සමහරැන් පැවසුවේ එකල කාරයක මිළ 250 ක් බවය. ඉඩම් අක්කරයක් රැපියල් 4.50 ක් වු බවද ඔවුන් පවසති.1950 ගනන් වල දෛනික වුටුප රැපියල් 2.50 කි.1970 ගනන් වලද කම්කරැවෙකුගේ දවසේ කුලිය රැපියල් 3ක් විය.කෙසේ වුවද 1900 පමන වනවිට අපේ ගමේද උගතුන් වැඩිවුවා සේම ආණ්ඩුවේ රැකියා ලද ගනනද  වැඩිවිය.සිංහලෙන් උගත්තද රැකියා අවශ්‍යතවෙය මත ඉංග්‍රිසි ඉගෙන ගන්නටද පෙළඹූන සංඛයාවද වැඩිවිය.එකල ඉංග්‍රිසිය  රැකියාවකට අවශ්‍යම විය.ඒ ආණ්ඩුවේ කටයුතු  ඉංග්‍රීසි භාෂාවට පමනක් සීමාවු බැවිනි.
        ඉංග්‍රිසි පාළනයෙන් මිදීමෙන් පසුව වුවද ගමෙහි වෙනසක් දකින්නට ලැබුනේ මෑත කාළයේදීය.ඒ බණ්ඩාරනායක මැතිුන් කුඹල්ඔළුව මාර්ගයට බස්රථයක් ලබාදීම හා සිංහළ රජබස වීම සමගය. එය මෑත කාලීන දරැවන් ගේ අධ්‍යාපනයට හා වෟත්තීය පුහුනුවට හේතු සාධක ව්ය.ඉන්පසුව ජයවර්ධන මැතිුන් ගමට විදුලිය ලබා දෙන්නට හා රටටම පොත් නොමිලේ ලබා දෙන්නට ගත් පියවර නිසාය.ස්වයං රැකියාවන්ට සහනයක් අත්කලේ ප්‍රේමදාස මැතිුන් ගේ ජනසවි දිමනාව බවද සහන් කළ හැකිය.අද ගමේ හා බාහිර පරිත්‍යාගශීලීන් නිසා පාරවල් තැනී ඇත.පන්සල් පාසැල් ඉදිව ඇත.යම්යම් අඩුපාඩු තිබුනද අද ගම උසස් දියුනුවක් ලබා තිබේ.    

                                                    

 12    පරම්පරා සහ පෙළපත් නාම                                                                                    
කුඹල්ඔළුළව ගමෙහි මුල් පදිංචිකරැවන් යයි සැළකෙන පරම්පරා කිහිපය හැරැනු විට පිටතින් ගම පදිංචිව පරම්පරා ඇරඹු පවුල් සංඛ්‍යාවද අද  ගමටම බැඳුන සිතැත්තෝ වෙති. ගම් වැසියන් ගේ මතකය අනුව අති විශාල පරම්පරා සමුහයක් අද කුඹල්ඔළුව ගම ස්ථිර පදිංචි කරැවන්ව ඇති බව ඔබට වැටහෙනු ඇත.පරම්පරා හෝ පෙළපත්නාමය කුමක් වුවද වර්තමාණ අප සමාජය එක්ව  සහෝදරත්වය හා සමානත්වයෙන් කටයුතු කරන්නට පෙළඹීම අප ගමේ එකමුතු බව පෙන්වන විශිෂ්ඨ වු ලක්ෂනයකි. එසේම රජදවස පෙළපත් නාම හරහා වෟත්තීන්ට වෙන් කළ අයුරැ අප මෙහි නොදක්වන්නේ සමානත්වය හා දක්ෂතාවය අප අගය කරන බැවිනි.
සමහර පරම්පරාවන්ට ඔවුනටම ආවේනිකවු වෟත්තීන් ඇත.එය රජදවස වු නියමයක් බවට පෙනුනද වර්තමාන තත්වය එයට හාත්පසින්ම වෙනස්ය. මිනිස්කම හමේ වර්ණයෙන් හෝ භාෂාවෙන් වෙන් කළ නොහැකිය. හැම මිනිසෙකුම වෙර දරන්නේ අනනුට අතනොපා දිවි ගෙවන්නටය.මුළාදෑනිකම ,නිළමෙ තනතුර ,විදානෙලා ආරචචිලා වැනි තනතුරැ දරන්නන් සිටි කාළයේ මෙන් අද කොටසක් වෙන් කරන්නට  හෝ සමාජයේ ඉහළ තනතුරැ වලට පත්වීම වළකන්නට හැකියාවක්ද නැත.ඉහළට යමින් එකිනෙකාට උපකාර කරමින් අප එකම ගමේය යන බැඳීමෙන් කටයුතු කරන සමාජයක් අප ගමතුල ඇතිවීම සතුටට කරැණක් නොවේද ? 
ගම්පුවත් සඳහන් කරන අන්දමට කුඹල්ඔළුවේ මුල් පරම්පරාවන් වන වීරක්කොඩි,හිටිගේ,ලියන හිටිගේ,රන්දෙනි පිදුම්වත්ත වැනි පෙළපත් ඇත්තන් විශාල ඉඩම් හිමිකරැවන් වුහ.එදා සමාජය තුල බලගතු වුයේ ඔවුන්ය.
පහලගම,හළලිය, ගල්කන්ද ඔවුනගේ ඉඩකඩම් බහුල විය.දෙල්ලගොඩ දෙල්ගහමැඩිල්ල රන්දෙනි පරපුර සතුවිය. ගල්කන්දේ සරදියෙල් අ්පුහාමි එහි බලවතෙක් විය පසුව ගුණරත්න ද බලවතෙක් විය එවකට සමකාලීනයන් වු විලඉස්මත්තේ ජෝන් අප්පුහාමි, මාටින් වෙදමහත්තයා සහ විජයසිංහ නොතාරිස් මහත්තයා ගමෙහි බලවතුන් හා සෙල්ලක්කාරයන් වුහ. තරැනවියේදී ඔවුන් කලකීදෑ උපහාසය හා විනෝදය දනවන සිද්ධීන් වෙයි.(රසකතා බලන්න)

හිටිගේ හා ලියන හිටිගේ පරම්පරාවන් ඉඩකඩම් හිමි බලවතුන් වුවද ආදායම් ගැන උනන්දු වුවන් නොවීය.සිය අවශ්‍යතා සපුරා ගැන්මට ඔවුන් සිය ඉඩකඩම් බදුදුන්හ. ඒවා බදු ගත්තේ ගල්ගමුව  සයිය පුනාන්දු නම් අයෙකැයි ගම්පුවත් සඳහන්කරයි. සම ඉඩම් තමන්ටම අයිති කරගත් සයිය ප්‍රනාන්දු හළලියේම පදිංචි විය. ඉන් එම පරපුර ඇරඹිනි. ගාර්දි පරපුර ඇරඹී ඇත්තේ හිටිගේ කතක සමග වු විවාහයකින් වන අතර ඔවුනද පසුව ඉඩම් හිමියන් වුහ. කුරීකොටුවේ සිට පැමිනි හෙන්දිරික් නිසා සඳගිරි  පරපුරද,බෝගහවත්තේ නිශ්ශංක නිසා නිශ්ශංක පෙළපතද බිහිවිය.
ඉහල කුඹල්ඔළුවේ සකළකළා වල්ලභ රජුගේ හේවායින් (පාබල හමුදාවක්) වු පරපුරට හේවා පෙළපත හිමිවු අතර ඔවුනද රජුගේ තුර්ය හා වාදක පරපුර වු නයි අන්ඩිකාර පෙළපතද හිමිව ගමෙහි පදිංචි කරැවන් වුහ.එම පරපුරෙහි වු සලාගුරා සහ සේතගුරා හා ශිල්පගුරා  මැත කාළයේ අති දක්ෂ තම්මැට්ටන් හා බෙර වාදකයන් වෙති .ඉන්පසු සමහරැන් ඉඩම් මිළයට ගැනීම මගින්ද සමහරැ විවාහයන් නිසාද පදිංචි කරැවනව ඇත.

කුඹල්ඔළුවේ මුල් පරම්පරාවන්
   සකළකළා වල්ලභ ප්‍රාදේශීය රජතුමන්  එදා විශාල ගමක්වු  කුඹල්ඔළුවේ සංචාරය කරන විට සිදුවු වැදගත් සිද්ධියක් ලෙස පුද්ගල පෙළපත් නාම ලබාදීමද සඳහන් කල හැකිය.දෙවොල් හානැටුම්  නාට්‍ය ශ්ලෝක ආදියෙහි කියවෙන පරිදි ඒ විස්තර මෙසේය. ( මෙම කාව්‍යයන් අන්තර්ජාල පොතෙහි ඇතුලත්ය)
එමරජු විසින් රජුගේ ලියන්නන් ලෙස කටයුතු කල පිරිස ලියන හිටිගේ ලෙස නම් කර ඇත. රජු ඉදිරියෙහි වු වීරකොට අට්ටාලයකට නැග කොඩියක් ගැසු අයට වීර ක්+ කොඩි =වීරක්කොඩි යන පෙළපත් නම ලෙසද ප්‍රදානය කලේ යයි එඳහන් වේ.
පරම්පරාවන්ඇති වන්නේ කොහමද ?  

රජදවස පරම්පරා නාම තිලින කලද එය එගමටම සීමා විය. නමුත් විවිධවු හේතුන් මත ගම හැරදා වෙනත් ගම්වල පදිංචි වන්නන් නිසාද එම ගම්තුල  ඔවුනගේ පරම්පරාවන් ඇති වෙයි.ආවාහ විවාහද එයට හේතුවක් වන්නේය.විදේශිකයන් මෙරට ගම්වල පදිංචිව ඔවුනගේ පරම්පරා ඇති කරයි.කුඹල්ඔළුවේද එවන් පරම්පරාවන් දක්නට ලැබේ.බොහෝවිට එයට පාදක වන්නේ පියවරැන්ය.මව් පාර්ශවයේ පරම්පරාවන්ද දක්නට ලැබේ.විවාහයන් හේතු කොටගෙන ඇතිවන පරමිපරාවන්ට මුලික වන්නේ එම පියාගේ පෙළපත දරැවන්ට ලැබීම හා එම දරැවන්ගේ විවාහයන් මත එම පම්පරාව වර්ධනය වීමත්ය.විශේෂිතවු හේතුවක් මත දරැවනට මවගේ පෙළපත් නාමය තැබීම මත එවන් පරම්පරාද ඇතිවේ.(ජායා5)


Comments

Popular posts from this blog