08         ගමට නමහැදුනේමෙහෙමයි                               කුඹල්ඔළුව ගමෙහි ඈත අතීතය ගැන කියවෙන ගම්පුවතෙහි ගමට සම්බන්ධ රජ යුගයේ තොරතුරැ සටහන්ව ඇත්තේ මෙලෙසිනි. එනම් රජවත්ත නම්වු ග්‍රාමයක කාවන්තිස්ස රජුගේ බිසවක්  විසු බවද ඉන් කියවෙයි.එම බිසවගේ පුතෙකු වු සකල කලා වල්ලභ නම්වු  ප්‍රාදේශිය රජු අප ගමට හා අවට ගම් වලට නම තබා ඇත එසේම පරම්පරා නාමයන්ද ලබා දුන් බව කියවේඑවකට කුඹල්ඔළුවේ මැටිගන්නාගාරය නම්වු ගමක් තිබු අතර එම ගම හැලිවළන් නිපදවීමට අවශ්‍යවු මැටි විශාල වශයෙන් තිබී ඇත. හැළිවළන් තනන්නට අවශ්‍යවු වළන් මැටි එම හැළිවළන් තනනු ලබන කුඹළුන් විසින් ලබාගෙන ගොඩවල් ගසන අයුරැ දුටු සකල කළා වල්ලභ ප්‍රාදේශීය රජතුමා මේ ගම කුඹලා ගේ ඔළුව වගේ යයි පවසා කුඹලා ගේ ඔළුළු යයි නම තැබු බව කියවෙයි. පසුව එම නමවු කුඹලා ගේ ඔළුව කෙටිවී කුඹල්ඔළුව වුයේ යයි අතීත තොරතුරැ වලින් කිය වෙන්නේය. කුඹලා ගේ+ ඔළුව = කුඹල්ඔළුව. (කුඹල් නම්වු වංශිකයන් ගේ රැකියාව වුයේ හැළිවළන් ආදී මැටි වලින් තනන නිෂ්පාදන තැනීමය ).රජමාළිගයට වලන්සැපයීම ඔවුනගේ කාර්යය  විය.කුඹල්ඔළුව ඇරඹුනේ (මායිම) මැටිගන්නාගාරයෙනි. එය ගමෙහි ඔළුව (ඉහලම කොටස) විය.මැටිගන්නාගාරය හා විළඉස්මත්ත යන ගම් වලින් අදද වළන් මැටි ගොඩ දමන බව ඔබද දකින්නට ඇත.. ඉන්පසු  පරම්පරා නාමද ප්‍රදානය කර ඇත..  මැටි කර්මාන්ත කරැවන් (කුඹල්) මැටිගන්නාගාරයෙන් හා විලඉස්මත්තෙන් ලබාගත් මැටි ගොඩ ගැසු වේරගොඩද එකට යාවු ගම්මාන වේ කෙසේ වුවද ජනගහනය වැඩිවන විට හා නිවා අධික වනවිට එම ගම් පාළනය කිරීමට හා තොරතුරැ ලබා ගැන්මට ඇතිවන අපහසුතාවයන් මගහැරවීම සඳහා ගම්වල සීමාවන් වෙනස් කරන්නට රජයට (ආණ්ඩුවට ) සිදුවේ.එවිට තිබුගම් ඉවත් වීමට හෝ අළුතින් එකතු වීමට ඇති ඉඩකඩ වැඩිය.ඒ අනුව රජවරැ පාළනය කල කාළයේ තිබු මායිම් සීමා වර්තමානයේ වෙනස් වන්නට බෙහෙවින් ඉඩකඩ වැඩිය.මෙය කියවන ඔබේ අවධානයට එයද ලක්විය යුතුය.

වැදගත්--මැටි ගන්නා- ආගාරය  නොහොත් මැටි ගන්නා වල පිහිටි නිසා එනම ලබන්නට ඇත. ආගාරය යනු විශාල වලකි. එසේම එවකට අද මෙන් නිශ්චිත මායිම් නොවු බැවින් එයද සීමාවක් ලෙස සලකා ඇත.(සීමා මායිම් ලිපිය බලන්න )ගම් කිහිපයක එකතුවක් වු  අපගමෙහි කුඹළුන් පදිංචිවු බවට සාධක නැත. එහෙත් ඔවුනගේ වෟත්තිය සඳහා මැටි එගමින් ලබාගත් බවට සාධක තිබේ. එම ගම කුඹල්ඔළුවට අයත් වු බැවින්ද වටිනා සම්පතක්වු මැටි ලබාගත හැකි කොටස එම ගමට වැදගත් හා ප්‍රධාන වු නිසා එය ඔළුව නොහොත් හිස වැනිය එනිසා එය කුඹලෙකුට (මැටිවැඩ කරන්නෙකුට) හිසක් වැනි වටිනා එකකි.ඒ අනුව එය කුඹලාගේ ඔළුළු වු අතර එම ගමම කුඹලාගේ ඔළුව නොහොත් කුඹල්ඔළුව වන්නට ඇතැයි නිශ්චය කළ හැකිය.

අතීතයේ ගම් වලට සීමාවන් පැනවීමේදී නිශ්චිත වු ක්‍රමවේදයක් පැවතුන බවට සාධක හමුනොවේ.ඒ අනුව සොයා බලන විට වෑබඩමුල්ල ගමද කුඹල්ඔළුවට අයිතිව තිබු ගමක් බවට සාක්ෂි හා සාධක තිබේ.රජවරැන්ගේ පාලන සමයේ විවිධ කාර්යයන්ට බෙදා වෙන් කර තිබු පවුල් හා ගම් පිළිබඳව සොයා බලන විට එය සනාථ කරන සාධක හමුවන්නේය. සකල කලා වල්ලභ රජතුමා ප්‍රාදේශීය රජෙකු ලෙස රාජ්‍යය කළේය.එතුමන් කාවන්තිස්ස  රජතුමන් ගේ බිසවකගේ පුතෙකු  බව සඳහන්වේ. රජවත්ත  නම් ග්‍රාමය ගැනද .එතුමාගේ-රාජධානිය-වුමිනුවන්ගොඩ රාජධෘනිය ගැනද පැරනි ශ්ලෝක හා කාව්‍ය වල කියවේ. එම කාව්‍යයන් වෙබ් අඩවියෙන් අසන්නට හැකියාව ඇත. කුඹල්ඔළුවට සොබා දහම්න් ලැබුන සම්පතක් වන වළන් මැටි මැටියෙන් තනන සියළුම දේ වන හැළිවළන් ඇතලි වැනි ගෟහ භාණ්ඩද මල් බඳුන් වැනි විසිතුරැ භාණ්ඩද මුර්ති නිපදවීමේ කළා කටයුතු වලටද යොදා ගැනේ. මැටි ලබා ගන්නා වළ අඩි 05 ක් පමණ ගැඹුරට කැපිය යුතුය. උඩවු පස් තට්ටුවට යවින් රොන්මඩද ඊලඟට වැලිද ඒසමග තද අළු පැහැතිවළන් මැටි හමුවේ. මෙම මැටි ගොඩගසා දින දෙකතුනකින් ගෙන යලි තුනී කොට ගල්වැලි ඉවත් කර .තලමින් පදම් කල යුතුය. එසේ පදම් කලවිට එය මෟදු බවට හැරෙන අතර ඉන්පසු සකපෝරැවේ ආධාරයෙන් භාණ්ඩ සෑදිය යුතුය. එසේ සාදන ලද භාණ්ඩ දර අවුළුවන පෝරනුවක තැන්පත්කර දර අවුළුවා වසා තබා ගින්නේ පිළිස්සෙන්නට හැරිය යුතුය. එසේ නිමවු භාණ්ඩ වල නවුන් සුවඳක් හා ලා රතු පැහැති මතුපිටක් දැකිය හැකිය.භාණ්ඩ වර්ණවත් කරන්නේ එම මතුපිට තීන්ත ආලේප කිරීමෙනි. නුතන තාක්ෂනය උපයෝගී කර ගනිමින් මැටි පදම් කිරීම හා පිලිස්සීම ගැන මැටි කර්මාන්තය නම් ලිපියේ විස්තර කර ඇත. අපේ ගමට ආසන්න වු ගම වන වෑබඩමුල්ල ගමද අතීතයේ සිටම කුඹල් කර්මාන්තයේ යෙදෙන ගමකි.අදද එහි මැටි කර්මාන්තයේ යෙදෙන පවුල් සංඛයාව 25 ක් පමන වන බව කියවේ.ලංකා රජය මගින්ද ඔවුනට අවශ්‍ය පහසුකම් ලබා දුන්නද එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට එම පහසුකම් ප්‍රමානවත් නොවන බවද ඔව්හු අප සමග කීහ.අතීතයේ මෙන් මැටි ලබා ගැනීමේදී ආසන්න ගම් වලින් අවසර නොලැබීමද ඔවුනට ඇති ගැයළුවක් වන්නේය. කෙසේ වෙතත් අතීතයේ සිටම කුඹල් වැඩ කරන අයගේ නිජබිම වනුයේ වෑබඩමුල්ලයි. එදත් අදත් ඔවුන් වාසය කරන්නේ එම ගමමය. අදද එවන් ගෟහ උපකරන එම ගම්වැසියන් නිපදවති.                                         හළලිය නම - හල යනු හැළු-ඉවත්කල-විසිකල අරැත දෙයි ලිය යනු ස්ත්‍රීයයි.(ගැහැනිය) ඒ අනුව හැලූ-ලිය අරැතින් හළ  + ලියක් නිසා , හළලිය වන්නට ඇතැයි කියවේ.  විළඉස්මත්ත නම මෙහෙමයි- .එසේම විල හෝ වෙල ඉහලින්(ඉස්මත්ත කියන්නේ ඉහල යන අරැතටය) පිහිටා ඇති ගම- විලඉස්මත්තේ ගම විය. වේරගොඩ නම මෙහෙමයි-මැටි කපා වෙහෙරක් සේ ගොඩ ගැසු බැවින් එම ගම වේහෙර-ගොඩ - වේරගොඩ විය. මොට්ටුන්න  මෙහමළු- මොටවු -උන පඳුරැ .නිසා මොට්ට වු-උන -මොට්ටුන්න විය. පහලගම - ස්වභාවයෙන්ම මේ ප්‍රදේශය පහත්ය. පහල පිහිටි ගම යන අරැතින් පහලගම විය. දෙල්ගහ මැඩිල්ල - ගමට යන පාර තිබුනේද පන්සල්වත්තේ වු දෙල්ගහ ලඟවු කමත අසලිනි.පාරේන් පන්සල් වත්තට පිවිසෙන තැනම ඇලකි.ඇල ලඟ කොටස මැඩිල්ල වේ.දෙල්ගහ ලඟවු මැඩිල්ල හරහා එම ගමට පිවිසිය යුතුය. එමනිසා දෙල්ගහ ලඟ+ මැඩිල්ල =දෙල්ගහ මැඩිල්ල විය.   සාමාන්‍යයෙන් හරකුන් ලවා ගොයම් පෑගවීමේදී කමතක් භාවිතා කෙරේ. කමත යනු සමතලාවු පොළොව මතවු බිම් කොටසක් ශුද්ධධ පවිත්‍ර කර ජලය ඉස මඩකර සකසා ගන්නා හිස් බිමකි.එහි හරිමැද හරකුන් බැඳීමට අවශ්‍යවු කණුවක් සිටුවන අතර සමහර විට පොල් හෝ වෙනත් ගසක් වටා ශුද්ධ කර එය කමත ලෙස සකසා ගන්නේය.ඉහත කතාව අනුව එම කමත සකසා ගෙන ඇත්තේ පදල්ගසක් වටා ශුද්ධකර සකසා ගැනීමෙනි.(ගොවිතැන ලිපිය බලන්න )            


Comments

Popular posts from this blog