18   රැකියා හා ආදායම් මාර්ග                
අපේ ගමේ අතීතය තුල ප්‍රධාන ආදායම් මාර්ගය වුයේ වී ගොවිතැන විය. අනෙක් අය වෙනත් රැකියා කල බවද පෙනේ. වඩු කර්මාන්තය කල අයටද ගෙවල් තැනු අයටද එතරම් උපකරන නොවුවද ඔවුන් සෑදූ ගෟහ භාණ්ඩ අදද දකින්නට පුළුවන.පරම්පරා ගණනක් ගෙවුනද ඒවා තැනු දැව ඉස්තරම් වීමත් වැද්දුම් ආදිය සවිමත් වීමත් එම භාණ්ඩ කල් පැවැත්මට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.

අදද වලව් වල දක්නට ලැබෙන එවන් භාණ්ඩ වර්තමාණයේ ලක්ෂ ගණනක මිළයට වුවද අලෙවි කළ හැකිය.එදා අල්මාරිය වී පෙට්ටිය කැටයම් සහිත භාණ්ඩ නවීන උපකරන යොදා වුවද සකසන්නට  නොහැකි තරමටම සියුම් කැටයම් යොදා ඇත. ඒ ගැන සිතන විට එවන් භාණ්ඩ නිපදවන්නට කොතරම් ඤාණයක් තිබිය යුතුද යන්න වැටහේ. පැරන් සිංහලයා විහ්කම් වැඩ වලට අති දක්ෂයන් වු බවට වෙනත් සාධක අවශ්‍ය නොවේ.
එදා ධනවතුන් පරිහරනය කල මෙවන් භාණ්ඩ තවමත් පැරනි වලව් වල හා කටුගෙයි දක්නට ලැබේ.රජවරැ හිඳ ගන්නා සිහසුන පවා නිපදවුයේ අපේ පැරනි වඩු කාර්මිකයා බව අමතක නොකල යුතුය.වඩුවගෙ ගෙදර පුටුවක් නැතැයි යන කතාවේ ඇත්ත නම් ඔහුට ඒවා අගය නොවීමත් ඒවාට වුවද ඔහු කාළය ගත නොකල බවත්ය.අපේ ගමේ වඩු කාර්මිකයාද එවන් කුශලතා පිරි අයෙක් බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නොවේ.
  එසේම පෙදරේරැ කාර්යය කල බාස් උන්නැහැලාද අහස උසට මාලිගා ඉදි කලහ. ගමේ ගෙවල් තනන්ට ඔහුට තිබුන දැනුම අද නවීන උපකරන භාවිතයෙන් කරන ඉදි කිරීමකට වඩා ශක්තියෙන් උසස්ය.
ගමක් ගොඩ නැගෙන්නට වඩුවන් පෙදරේරැවන් අවශ්‍යමය.එයට අතිරේකව දැලි රැවුල කපා ගන්නට කරණාවෑමියන්ද, ඇඳුමක් සකසා ගන්නට මැහුම් කරැවන්ද ආදී වශයෙන් ගමකට හැම අංශයකම ශිල්පීන් අවශ්‍ය වේ.අපේ ගමේද ඒ සියල්ලන් සිටියහ.කඩ වෙළඳාම් කරන්නන් කිරි මාළු මස් වෙළඳුන් ආදී ගමකට අවශ්‍යවු හැම වෟත්තියකටම පුහුනු වුවන් අපේ ගමේද සිටියහ.
පැරනි කම්මල් කරැවන් නගුලේ සිට කඩුව පිහිය දෑකැත්ත ආදී හැම දෙයම නිපදවුහ.නුතන තාක්ෂනය ගමට ආ පසු ඒ වෟත්තින් නවීන ක්‍රමයට හැඩ ගැහුනු බව දක්නට ලැබේ.අද නවීන දේවල් ජීවිතයට එක්වුවද එදා තරම් නිදහසක් මිනිසා භුක්ති විඳින්නේද නැත.


Comments

Popular posts from this blog