18   රැකියා හා ආදායම් මාර්ග                  
අපේ ගමේ අතීතය තුල ප්‍රධාන ආදායම් මාර්ගය වුයේ වී ගොවිතැන විය. අනෙක් අය වෙනත් රැකියා කල බවද පෙනේ. වඩු කර්මාන්තය කල අයටද ගෙවල් තැනු අයටද එතරම් උපකරන නොවුවද ඔවුන් සෑදූ ගෟහ භාණ්ඩ අදද දකින්නට පුළුවන.පරම්පරා ගණනක් ගෙවුනද ඒවා තැනු දැව ඉස්තරම් වීමත් වැද්දුම් ආදිය සවිමත් වීමත් එම භාණ්ඩ කල් පැවැත්මට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.
     
අදද වලව් වල දක්නට ලැබෙන එවන් භාණ්ඩ වර්තමාණයේ ලක්ෂ ගණනක මිළයට වුවද අලෙවි කළ හැකිය.එදා අල්මාරිය වී පෙට්ටිය කැටයම් සහිත භාණ්ඩ නවීන උපකරන යොදා වුවද සකසන්නට  නොහැකි තරමටම සියුම් කැටයම් යොදා ඇත. ඒ ගැන සිතන විට එවන් භාණ්ඩ නිපදවන්නට කොතරම් ඤාණයක් තිබිය යුතුද යන්න වැටහේ. පැරන් සිංහලයා විහ්කම් වැඩ වලට අති දක්ෂයන් වු බවට වෙනත් සාධක අවශ්‍ය නොවේ.
එදා ධනවතුන් පරිහරනය කල මෙවන් භාණ්ඩ තවමත් පැරනි වලව් වල හා කටුගෙයි දක්නට ලැබේ.රජවරැ හිඳ ගන්නා සිහසුන පවා නිපදවුයේ අපේ පැරනි වඩු කාර්මිකයා බව අමතක නොකල යුතුය.වඩුවගෙ ගෙදර පුටුවක් නැතැයි යන කතාවේ ඇත්ත නම් ඔහුට ඒවා අගය නොවීමත් ඒවාට වුවද ඔහු කාළය ගත නොකල බවත්ය.අපේ ගමේ වඩු කාර්මිකයාද එවන් කුශලතා පිරි අයෙක් බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නොවේ.
  එසේම පෙදරේරැ කාර්යය කල බාස් උන්නැහැලාද අහස උසට මාලිගා ඉදි කලහ. ගමේ ගෙවල් තනන්ට ඔහුට තිබුන දැනුම අද නවීන උපකරන භාවිතයෙන් කරන ඉදි කිරීමකට වඩා ශක්තියෙන් උසස්ය. 






ගමක් ගොඩ නැගෙන්නට වඩුවන් පෙදරේරැවන් අවශ්‍යමය.එයට අතිරේකව දැලි රැවුල කපා ගන්නට කරණාවෑමියන්ද, ඇඳුමක් සකසා ගන්නට මැහුම් කරැවන්ද ආදී වශයෙන් ගමකට හැම අංශයකම ශිල්පීන් අවශ්‍ය වේ.අපේ ගමේද ඒ සියල්ලන් සිටියහ.කඩ වෙළඳාම් කරන්නන් කිරි මාළු මස් වෙළඳුන් ආදී ගමකට අවශ්‍යවු හැම වෟත්තියකටම පුහුනු වුවන් අපේ ගමේද සිටියහ.
පැරනි කම්මල් කරැවන් නගුලේ සිට කඩුව පිහිය දෑකැත්ත ආදී හැම දෙයම නිපදවුහ.නුතන තාක්ෂනය ගමට ආ පසු ඒ වෟත්තින් නවීන ක්‍රමයට හැඩ ගැහුනු බව දක්නට ලැබේ.අද නවීන දේවල් ජීවිතයට එක්වුවද එදා තරම් නිදහසක් මිනිසා භුක්ති විඳින්නේද නැත.




19      වෙළඳ ව්‍යාපාර හා ආපනශාලා -                
 අතීතයේ මුදල් වෙනුවට භාවිතා වුයේ බඩු හුවමාරැ ක්‍රමයයි.එහෙත් රජවරැන්ගේ පාළනය බිඳවැටී විදේශිකයන් මෙරට පාළනය ඇරඹු පසු මුදල් භාවිතය ඇරඹිනි.භාණ්ඩ අලෙවිය හා පඩිනඩි ගෙවන්නට මුදළ භාවාතා වීමට පෙර අපේ ගමේ මෙහෙකරැවන් හා කුලී කරැවන්ට කුළිය ගෙවුයේ සහල් හා අනෙකුත් දව්‍ය වලිනි.මුදල් හුවමාරැව සමග ඇතිවු වෙනස නිසා හැම කාර්යයකටම මුදල් ගෙවන්නට සිදුවිය.රිදී රන්කාසි ක්‍රමය අහෝසිව ශල්ලිය ශතය ශතදෙක ශතපහ ශතදහය ශතවිසිපහ වැනි කාසිද වටිනාකම වැඩි කඩදාසියේ මුද්රිත නෝට්ටුද  ගමට අළුත් දෙයක් නොවීය.එහෙත්  ගමේ වී ගොවිතැන පෙර කාළයේ මෙන්ම සාර්ථකව වගා කෙරැනේ එය හොඳ ආදායම් මාර්ගයක් මෙන්ම වෙනත් රැකියාවක යෙදුනද වගාවට යෙදෙන කාළය අඩුවු බැවිනි.අනෙත් කරැන වන්නේ ඉහල රැකියා ලබන්නට තරමට එකල ගම්වාසින් උගතුන් නොවු බැවිනි.




අපේ ගමෙහි වැසියන්ට අවශ්‍ය ආහාර හා  වෙනත් දෙය අලෙවි කරන හා මිළයට ගන්නා මුස්ලිම් හා දෙමළ වෙළඳුන් ගමෙහි මැතක් වනතුරැම සැරි සැරැවෝය.ජාතිවාදී කලබල අවසන්ව ත්‍රස්තවාදය මතුවන තුරාම එවන් වෙළඳුන් ගමට ආවද ඉන්පසු එය නතර විය.
 මෑත අතීතයේ ගම්වැසියනට සහල් සළාකයක් ලබා දෙන්නට ආණ්ඩු ගත් පියවර ට සමගාමීව ගමේ  සමහරැ  ව්‍යාපාර නොහොත් කඩසාප්පුද ආපනශාලා ද විවෟත කළහ. එවකට  ගමේ සමුපකාර වෙළඳසැල් නොතිබිනි. එහෙයින් ගමේ සිල්ලර කඩවලට සහල්සලාක නිකුත් කරන බලය පවා ලැබිනි.
   
ඈතම අතීත සාධක හමු නොවුවද 1930 ගනන් වලට පෙර සිටම මෙම ගමතුල සිල්ලර හා ආපන ශෘලා තිබුනද ඒවා ගැන විස්තර සඳහන් නොවේ.එවකට පිරිමි පාසැල ඉදිරිපිට මයිලගහ ලඟ කඩය යනුවෙන් නම්ලද ආපන ශාලාවක් පීතර මුදලාලි 1960 වනතුරැ කලබව දැක්වේ.එකල සිට හළලිය ගමේ  සිල්ලර වෙළඳාම හා ආපනශාලාවදකළේ සයිමන් මුදලාලි හා එන් කේ. විල්සන් (චුටින්) මුදලාලිලාය. ඇන් කේ ගුණසේකර මුදලාලිට සිල්ලර හා බෙහෙත් කඩයක් විය.ඩබ්ලිව් ඒ.ආරියපාලද සයිමන් මුදලාලි ගෙන් පසු වෙළඳාම කළහ. දෙල්ගහමැඩිල්ලේ කළුමහත්තයා සමග විජයපාලද වෙළුන්වත්ත කඩය කළේය. ඉහල කුඹල්ඔළුවේ මුහන්දිරම් මුදලාලිද ගුණසේකර මුදලාලිද ආරියපාල මුදලාලිද සිල්ලර  කඩ කළහ.විළඉස්මත්තේ බබ්බු කඩයද ආපන ශාලාවක් මෙන්ම වෙස් මුහුනු විකුණන වෙළඳසැලක් විය.එයට අමතරව සුටර් අප්පුහාමි භමිතෙල් කරත්තයෙන් අවට ගම්වලටද තෙල් අලෙවි කලේය.කුඹල්ඔළුව ගමට එම වකවානුවේ තිබු කඩ එපමනකි. 





Comments

Popular posts from this blog