14      කුඹල්ඔළුවේ  පාසැල්  
ඉංග්‍රීසි පාළන කාළයේ අපේ ගමේ සිටි දුප්පත් දරැවන්ට ඉගෙන ගන්නට අකුරැ කරන්නට මගක් උදා වුනේ අද දියුනු වු මේ පාසැල් දෙක නිසාය. ඒත් ස්කෝලෙ හැදුනේ බාධක මැද්දෙ බව ඔබට මෙම ලිපිය කියවන විට පැහැදිලි වේවි.
 අතීතයේ සිටි ගුරැනාන්සෙලා සහ ස්කොලෙ මහත්තුරැ යන වදන් අද භාවිතයෙන් ඉවත් වුවද ස්කෝලෙ ගොඩ නැගුනෙ එතුමන්ලා ගෙ අනුග්‍රහය නිසා බව ගම්පුවත් සාධක සහිතව සනාථ කරයි.
 මහ විදුහල සහ බාලිකා විද්‍යාලය
සිප් සතර හදාරන්නට අතීතයේ තිබුනේ පන්සලය.වැලිපිල්ලේ අකුරැ ලියු හැටි තබා ගල්ලෑල්ලේ අකුරැ ලියු හැටිවත් අද දරැවන් දන්නේ නැත. .අල්පප්ප්‍රාන මහප්ප්‍රාන අකුරැ ලියන්නට එදා ගුරැන්නාන්සේලා ස්කෝළමහත්තුරැ හා හාමුදුරැවන් කියා දුන්නේ වේවැල ඉදිරියෙන් තබාගෙනය.පන්සලේදී සිංහළ අකුරැ පමනක් නොව පාළි අකුරැද දරැවන් උගත්හ.එහෙත් වර්තමාණයේ භාෂාවේ සම්මිශ්‍රනයක් ඇතිවී ඇත්තේ විදෙස් පාලනයේ බලපෑම මතය.
කුඹල්ඔළුව මහ ව්දුහල හා බාලිකා විදුහල  ගම් සීමාව තුලවු පාසැල් දෙක වේ.  1940 වර්ෂවලද වත්මන් මහ විදුහල ඉදිරිපිට  පාර අයිනට වන්නට දෙල් ගසක් තිබු අතර එය පසුපස පොල් අතු වහලයකින් සමන්විතවු  පංති කාමරයක් සහිත කුඩා පාසැලක්ද විය. එය වර්ෂ 1960 පමන වන තුරැ තිබු බව කියවෙයි. අනෙක් ගොඩනැගිල්ලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන්වු අතර එය සමත් වු සංඛයාව නම් ඉතා අඩුය.එයට හේතුවු කරැනු රැසක්ම තිබිනි.එම කාළයේ සිටි ගුරැවරැන් ගෙන් සමහරැ  මොනිටර් ගුරැ පදවිය ලත් ගුරැ උතුමන්ලාය.
පාසැලේ ඉදිරිපිටවු නාගස් දෙක අදත් ඉහලින් වැජඹෙයි.පසුපස තිබු දුලියන්ගා ගස්ද  අතීතය කියන යෝ්ධයන් වෙයි. පාසැල ඇරඹුනේ කුමන වසරකදැයි කියන්නට තරම්  මතකයක් අද වැඩිහිටියනට පවා නැත.එහෙත් ගම හා පාසැල් ගැන තොරතුරැ සමහරැන්ට හොඳට මතකය.ඒ අතීතය ගම්පුවත් මෙලෙස දක්වයි.
 ඉහළට ඉගෙන ගන්නට තරම් වු හෝ අඛන්ඩව පාසැල් එන්නට තරම් වු හෝ දිරියක් එකල දරැවනට නොවුයේ එවකට මෙම ගම සමාජය තුලවු අල්ප දැනුම මෙන්ම අයහපත් ආර්ථික ත්වයද හේතු වන්නට ඇත. ගොවිතැන මුල්ම ආදායම් මග ව්මද කුලීවැඩවල යෙදීමද නිසා දරැවන්ගේ ඉගෙනීම ගැන එතරම් සැලකිල්ලක් වැඩිහිටියන් තුල නොවීය. අද මෙන් සර්ලා එකල පාසැල තුල නොවු අතර ගුරැවරැ සමාජයෙන් පිදුම් ලද්දේ ස්කෝලෙ මහත්තයා යන ගෞරව නාමයෙනි. ඉතාමත් ගෞරවනියවු දිවියක උරැමකම් සහිතව ගුරැවරැ දිවිය ගෙවීම නිසා ස්කෝලෙ මහත්තයාට සමාජය තුල විශාල ගෞරවයක් තිබින. 
මෙම ගමවු පාසැල් දෙක පාලනය වුයේද වෙනවෙනමය.අනෙක් පාසැල අදද ගැමියන් හදුන්වන්නේ ගෑනු පාසැල ලෙසමය.ගැහැනු දරැවන් යැවුයේ එයටය. බොහෝ විට එම ගැහැනු දරැවන්ද පාසැල්දිවිය අවසන් කරන්නේ මැහුම් ගෙතුම් ආදී ශිල්පයන් ගැනද මනා අවබෝධයකින් බව කියවේ.
වත්මන් කාළය වනවිට ගම අර්ධ නාගරිකත්වයකට පත්ව අවසන්ව ඇත.ස්කෝළ මහත්වරැ සමාජය තුලින් බැහැරව ගොස්  ඇත. පාසැල්ද තිබු ගොඩනැගිලි එසේම තිබියදී අළුතින් ගොඩනැගිලි හා පුස්තකාළයන්ද විද්‍යාගාරයන්ද සමග නවීකරනයව ඇත. ගමට පාසැලක් අළුතින් පිහිටවුනේ  වෑකඩේ වත්ත තුල බව පාසැල් පුවත් කියයි. 
මහ විදුහල  -කුඹල්ඔළුව
                
අද පාසැල ඉදිරිපිට යෝදයන් සේ වැජඹෙන නා ගස්දෙක සිටවුයේමුහන්දිරම් නම් මහතෙකු බව සමහරැ පවසන අතරසමහරෙකුගේ මතය වනුයේ එය සිටවුයේ විතාන නමි මහතෙකු බවය..කෙසේ වුවද වසර 34 ක් පාළනය කළ විදුහල්පතිවරයා අද නොමැති බැවින් නිරවද්‍යතාවය සෙවිය නොහැකිය. පාසැල් අතීතය ලිපිය මෑතකදී සටහන් වුවක් වන බැවින්එයද එතරම් සාධක නොලද්දක් විය හැකිය. අතීත තොරතුරැ දත් අදත් ජීවත්ව සිටින අය බැවින් ඔවුන් ගේ ප්‍රකාශයන් සාධක සහිතව ඉදිරිපත් කරන බැවිනුත් නා ගස හා මුහන්දිරම් මහත්තයා පිළිබඳවු තොරතුරැ වඩාත්ම නිවැරිදි විය හැකිය..
අද මහ විදුහලක් වන මෙම පාසැල එදා පිරිමි පාසැලක් ලෙස  ආරම්භ වුනේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් වන ජෝන් ස්ටුවට් මැතිතුමන් විසින් 1869 දී ස්වභාෂා ඉගෙන්වීමේ පනත යටතේ ප්‍රසිද්ධ ඉගෙන්වීමේ දෙපාර්තමේන්තුව පිහිට වීමෙන් පසුව බව අතීත සටහන් දක්වයි. ඉන්පසු 1870 දී ස්වභාෂා පිරිමි පාසැලක් ලෙස ආරම්භවු මෙම පාසැල පොල්අතු සෙවිලි කල මඩුවක වෑකඩ වත්තේ ආරම්භ විය. පසුව වඩුමඩුව වත්තට ගෙන ආ පාසැල නැවත කොට්ටල වත්ත නම් ස්ථානයට ගෙනගොස් තිබේ. එහි පාසැල පවත්වා ඇත්තේ දින 13 කි.ගමිවැසියන් ගෙන් එල්ලවු විරෝධතාවයන් නිසා ගොඩනැගිල්ලක් තනන තුරැ හළලිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ බණ මඩුවෙහි සිසුන් 20 ක්හට ගුරැමහතුන් 5 ක් ඉගෙන්වීම කර ඇත.
ඉන්පසු රජයේ අනුග්‍රහය මත මෙම ඉඩමේ තෝමස් පෙරේරා මුහන්දිරම් මහතාගේ පුධානත්වයෙන් එහි පාසැල ආරම්භ විය. 1923 ට පෙර අතිත සටහන් නැති වුවද 1823 සිට 1952 දක්වා ඩී.ජේ.විජේසංහ ලොකු ගරැතුමා සහ එස්.එස්.ඩී විතාන මහතාද සේවය කළබවද සඳහන් වෙයි.
වැදගත් සිදුවීම් -
 * 1979.මැයි පළමුවන දින දී මහ විදුහලක් බවට උසස් කරන ලදී  
* පල්ලෙවෙල ජේ.එම්.පියසේන මහතා පුස්තකාළයක් තනවා පරිත්‍යාගකළේය 
*1981 දී ජපන් කුමරැන් විසින් අතිගරැ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ඇරයුම මත සුදුහඳුන් පැළයක් රොපනය කර ඇත.
*1985 දීබාලිකා විදුහල සහ මහ විදුහල ඒකාබද්ධ කර මිශ්‍ර පාඨශාලාවක් බවට පත් කරන ලදී.
* 1985දී ප්‍රාථමින අංශයේ සිට 5 වසර දක්වා බාලිකා විදුහලේ ඉගෙන්වීමටද 6 වසරේ සිට 11 වසර දක්වා මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා දීමටද පියවර ගෙන ඇත.
*පාසැල් සමිතිය ගොඩ නගන ලද බුදු මැදුර සඳහා විශ්‍රාමික පාඨශාලාචාර්ය ඩබ්ලිව්.ඒ.වීරසිංහ මහතා සහ එම මැතිනිය වු පාඨශාලාචාරිනි එල්.වීරක්කොඩි මහතමිය විසින් බුදුපිළිම වහන්සේ පරිත්‍යාග කළබවද සටහන් වේ.
තවද 1820 සිට 1889 දක්වා තොරතුරැ සඳහන් නො‍වන බවද කියවේ.1889 සිට 1923 දක්වා වසර 31 ක කාළයක් ගරැ මුහන්දිරම් එම්.ඩී.එස්.අබේසුන්දර මහතා විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ බව සඳහන් වේ.එවකට සිසුන් 40-50 අතර ප්‍රමාණයක්ප්‍රාථමික අංශයේ සිට අ:පො:ස: දක්වා ඉලෙනුම ලද බවද ගුරැ මහතුන් 07 ක් සෙවය කළ බවද කියවෙයි.  එම විදුහලේ සේවය කළ හා පාසැලට විශිෂ්ඨ සේවයක් කළ ඩී.එස්.රන්දෙනිය මහතා ගැනද පාසැල් ඉත්හාසය තුල සඳහන් වෙයි.
  
බාළිකා විද්‍යාලය   
 ගමෙහි වු පාසැල් දෙකෙන් එකක් වන බාලිකා විද්යාලය  ගම්වැසියන් හඳුන්වන ලද්දේ ගැහැනු පාසැල  නොහොත් ගෑණු ස්කෝලෙ යනුවෙනි.එය 1933 වර්ෂයේ ඇරඹුන බව සමහරැන් පවසති.මෙම පාසැලෙහි ඉගෙනුමලදඅයපවසනපරිදිපනාවල,වේරගොඩ,ගල්ගමුව,කොට්ටල,හුඹුටියාව,මොට්ටුන්න,දුමුන්නෙගෙදර ආදී ගැහැනු පිරිමි දරැවන් ඉගෙනුම ලැබුවේ මෙම පාසැල් දෙකෙනි. මාර්ග පහසුකම් හෝ වාහන පහසුකම් නොමැති එකල ඔවුන් පැමින ඇත්තේ පයින් ඇවිදගෙනය.කාන්තාවකට අවශ්‍යවු මැහුම් ගෙතුම්ද එකල අධ්‍යාපනය සමග ඔවුනට ලැබී ඇත.මෙම පාසැල් දෙක පාළනය වී ඇත්තේද වෙනවෙනමය.එහෙත් එකල උගත් ගැහැනු දරැවන් ගෙන් ඉහලටම උගත් සමහරැ ගුරැ වෟත්තිය පවා ලද බව ඔවුන් පවසන්නේ අප්‍රසිද්ධවු අතීතය  ගෞරවයෙන් යලි සිහිපත් කරමනි.එනමුත් එදා පාසැලේ සේවය කළ ගුරැ මහත්ම මහත්මීන් ගේ තොරතුරැ සොයා ගැන්මටගත් වෙහස අසාර්ථක විය.එම බාලිකා විදුහලෙන් සිප් සතර ලද අයට පවා අතීතය ගැන මතකයක් නැත. 
මෑතකාලීනව බාලිකා විද්‍යාලයේ ගුරැ මණ්ඩලයේ සේවය කල ඇලිස් නෝනා මිය(හමන්ගල්ල ) කුරැප්පු මිය සහ රනවීර මිය (කොට්ටල ) කරැණානායක මිය සහ හේමචන්දර මිය  හා පියශීලි මිය  ,හෙට්ටිආරච්චි මිය (දල්ගහමැඩිල්ල) සෝමලතා මිය සහ ලීලාවතී මිය (කන්දඋඩ ගෙදර) ජයලත් මිය (ගලගමුව)
එසේම එහි විදුහත්පතිනිය ලෙසජී.ඒ.මේරිනොනා වීරක්කොඩි මිය සහ ඕ.පී.ජී සෝමවර්ධන මියද සේවය කරඇත.
        අතීත තොරතුරැ දක්වන මෙහි ඇතුලත් කල ජායාරෑප එහි සිප්සතර කල ඉංග්‍රිස් පුහුනු  ගුරැවරියක වන ඩබ්ලිව්.ඒ.සී.ජේ.වීරක්කොඩි මහත්මිය ලබාදුන් බව ස්තුතිපුර්වකව සඳහන් කරමු. එතුමිය ගේ පියානන්වු දොන් සෝමවර්ධන වීරක්කොඩි මහතා ගුරැවරයෙකු මෙන්ම සමුපාකාර පරීක්ෂකද විය.එසේම එතුමියගේ සීයාවු දොන් සියදෝරිස් වීරක්කොඩි මහතාද ගුරැවරයෙකි.
   
    
   
   
පාසැල් ගැන තවත් කථා    ඒ කාළයේ අපි ඉගෙන ගන්නකොට ගුරැ මණ්ඩලයේ  හිටියේ චාල්ස්,කුරැප්පු,රණසිංහ,ජයසේකර,ජයසේන,විජේසේන,නෙත්තසිංහ,ලක්ෂ්මී කියන මහත්ම මහත්මීන් බව මතකයි.මුල්ගුරැ වුනේ විජේසිංහ ලොතු මහත්තයායි.පසුව පාසැල මහා විද්්‍යාලයක් වුනා.එතකොට හිටියෙ රත්නවීර පෙරේරා මහත්තයයි.ඊටපස්සෙ විදුහල්පති වුනේ සෝමරත්න මහත්තයයි.
ඒකාලෙ ස්කෝලවත්තෙ තිබුන ලොකු කොස් ගස් දෙකක් වෙන්දේසි කරල ගත්ත මුදලෙන් මහශාලාවෙ කෙළවරින් ස්ටේජ් එකක් හැදුවා.වේදිකාවක් තියන එකම ස්කෝලෙ අපේ මහා විද්යාලෙ කියන එක ගමටම ආඩම්බරයක් නෙවෙයිද ?ස්තෝලෙ දියුනු වුනේ ගුරැ මුහන්දිරම් මහත්තයගෙ කාලෙ ඉඳල බව මට මතකයි.පෙරේරා මහත්තයා නොහිටින්න ස්කෝලෙට පුස්තකාළයක් ලැබෙන්නෙ නැහැ.එතුමා එතරම් එයට උනන්දු වුනා  (යසපාල මහතා)
අපි ගියෙත් කුඹල්ළඔළුවෙ ස්කෝලෙට.මුහන්දිරම් මහත්තය එතකොට හිටියෙ.ඔය නා ගස් දෙක හිටෙව්වෙ මුහන්දිරම් මහත්තය මිසක් වෙන කව්රැත් නොවෙයි.(වික්ටර් මහතා)
( වදනක් -අතීතය අනාගතයට පෙර දසුනකි.අමිහිරි වුවද අප්‍රසන්න වුවද එය අනාගතයට පාළමකි.නිවැරිදිව එතෙර වුවහොත්ප්‍රසන්නවු වර්තමාණයක්ලැබේ.)

සකලසිරින් පිරි සිරිලංකාවේ 
සියනෑ මැදපත්තුවෙ                 සොබනා
සකලකලාවල්ලභ නිරිඳුන්ගේ
 අනස යටමේ  ගම                      තිබුනා
එකලමෙකල වංහුං දිගහරිමින් 
 පුංචි පොතක් ලෙස එලි                දකිනා
මෙන්න බලන් සකි දිගහැරෙනා
 හැටි කුඹල්ඔළුවෙ ග්‍රාමයෙ            වරැනා


Comments

Popular posts from this blog