13 නිවාස හා ගෟහ සැළසුම් අතීතයේ පමනක් නොව 1960 ගනන් වලද එනම් 1948 නිදහස ලද පසුද ගමේ ගෙවලින් තරමක් අතමිට සරැ අයගේ ගෙවල තාප්ප බිත්තියෙන් බැඳ පොල් අතු වහලයෙන් නිමව තිබිනි. අනෙක් ගෙවල වරිච්චි හෝ කටුමැටියෙන් ඉදිවින. එමෙන්ම බිමට මැටි අතුරා ඒමත මැටි සමග දියකල ගවයන් ගේ ගොම ආලේප කළහ. මෙම ගොම මැටි ගෙබිම විශබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරන බවද පැරැන්නන් විශ්වාශ කලහ.මෙවන් තත්වයකට හේතුව වන්නට ඇත්තේ එවකටද අපේ ගමේ ස්කෝල මහත්වරැ නොහොත් පාසැල් ගුරැමහතුන් හා අනෙකුත් රාජ්‍ය සේවකයන් සිටියේ කිහිප දෙනෙකු වීමත් අනෙක් ගම්වැසියන් ගොවිතැන පමනක් කළ අය විමත් නිසාය.ගොවිතැන නොකල සමහරැන් වඩුවැඩ,පෙදරේරැ වැඩ,හරකුන් එළුවන් ඇති කිරීම ආදී ආදායම් මාර්ග වල යෙදුනාහ. එමෙන්ම ගොවිතැනට උගත්කම අවශ්‍ය නොවු බැවින් පාසැල් ගියේ තරමක වත්පොහොසත්කම් ඇති පවුල් වල දරැවන් පමනක් බවද අතීත තතු පෙන්වා දෙයි.එසේම අතීතයේ රජමැදුර හැර අන් ගෙවල කපරාදු කර සුදු හුණු ආලේප කිරීම තහනම් වු බව පැරණි පොතපතෙහි සඳහන්ව ඇත. අපේ ගමේද ගෙවල් තනන අය වුහ.තාප්ප බැම්ම,වරිච්චි හා කටුමැටි ආශ්‍රිතව නිවාස ඉදි නරන්නට ඔවුන්ට මනා දැනීමක්ද විය.අද මෙන් උපකරනද නොතිබු
14 කුඹල්ඔළුවේ පාසැල් මුළාදෑනි රාළහාමිලා රජ කරන කාළයේ අපේ ගමේ සිටි දුප්පත් දරැවන්ට ඉගෙන ගන්නට අකුරැ කරන්නට මගක් උදා වුනේ අද දියුනු වු මේ පාසැල් දෙක නිසා බව ගම්පුවත් කියයි.ඒත් ස්කෝලෙ හැදුනේ බාධක මැද්දෙ බව ඔබට මෙම ලිපිය කියවන විට පැහැදිලි වේවි.අතීතයේ සිටි ගුරැනාන්සෙලා සහ ස්කොලෙ මහත්තුරැ යන වදන් අද භාවිතයෙන් ඉවත් වුවද ස්කෝලෙ ගොඩ නැගුනෙ එතුමන්ලා ගෙ අනුග්‍රහය නිසා බව ගම්පුවත් සාධක සහිතව සනාථ කරයි. මහ විදුහල සහ බාලිකා විද්‍යාලයසිප් සතර හදාරන්නට අතීතයේ තිබුනේ පන්සලය.වැලිපිල්ලේ අකුරැ ලියු හැටි තබා ගල්ලෑල්ලේ අකුරැ ලියු හැටිවත් අද දරැවන් දන්නේ නැත.ඒ කොපි පොත හා පැන්සල පෑන කුඩාවුන්ටද අද මාපියන් දෙන බැවිනි.අල්පප්ප්‍රාන මහප්ප්‍රාන අකුරැ ලියන්නට එදා ගුරැන්නාන්සේලා ස්කෝළමහත්තුරැ හා හාමුදුරැවන් කියා දුන්නේ වේවැල ඉදිරියෙන් තබාගෙනය.පන්සලේදී සිංහළ අකුරැ පමනක් නොව පාළි අකුරැද දරැවන් උගත්හ.එහෙත් වර්තමාණයේ සිංහළ කතා කරන විටදී පවා වෙනත් භාෂාවල වදන් එයට එක්වීම විදෙස් පාලනයේ බලපෑමක් විය හැකිය.කුඹල්ඔළුව මහ ව්දුහල හා බාලිකා විදුහල ගම් සීමාව තුලවු පාසැල් දෙක වේ. 1940 වර්ෂවලද වත්මන් මහ විදුහල ඉදිරිපිට පාර අයිනට වන්නට දෙල් ගසක් තිබු අතර එය පසුපස පොල් අතු වහලයකින් සමන්විතවු පංති කාමරයක් සහිත කුඩා පාසැලක්ද විය. එය වර්ෂ 1960 පමන වන තුරැ තිබු බව කියවෙයි. අනෙක් ගොඩනැගිල්ලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන්වු අතර එය සමත් වු සංඛයාව නම් ඉතා අඩුය.එයට හේතුවු කරැනු රැසක්ම තිබිනි.එම කාළයේ සිටි ගුරැවරැන් ගෙන් සමහරැ අට සමත්ව ගුරැ පදවිය ලත් අයබවද එඳහන් යවයි..ඒ මොනිටර් ගුරැ පදවිය ලත් ගුරැ උතුමන්ලාය.පාසැලේ ඉදිරිපිටවු නාගස් දෙක අදත් ඉහලින් වැජඹෙයි.පසුපස තිබු දුලියන්ගා ගස්ද අතීතය කියන යෝ්ධයන් වෙයි. පාසැල ඇරඹුනේ කුමන වසරකදැයි කියන්නට තරම් මතකයක් අද වැඩිහිටියනට පවා නැත.එහෙත් ගම හා පාසැල් ගැන තොරතුරැ සමහරැන්ට හොඳට මතකය.ඒ අතීතය ගම්පුවත් මෙලෙස දක්වයි. ඉහළට ඉගෙන ගන්නට තරම් වු හෝ අඛන්ඩව පාසැල් එන්නට තරම් වු හෝ දිරියක් එකල දරැවනට නොවුයේ එවකට අපගම සමාජය තුලවු අල්ප දැනුම මෙන්ම අයහපත් ආර්ථික ත්වයද හේතු වන්නට ඇත. ගොවිතැන මුල්ම ආදායම් මග ව්මද කුලීවැඩවල යෙදීමද නිසා දරැවන්ගේ ඉගෙනීම ගැන එතරම් සැලකිල්ලක් වැඩිහිටියන් තුල නොවීය. අද මෙන් සර්ලා එකල පාසැල තුල නොවු අතර ගුරැවරැ සමාජයෙන් පිදුම් ලද්දේ ස්කෝලෙ මහත්තයා යන ගෞරව නාමයෙනි. ඉතාමත් ගෞරවනියවු දිවියක උරැමකම් සහිතව ගුරැවරැ දිවිය ගෙවීම නිසා ස්කෝලෙ මහත්තයාට සමාජය තුල විශාල ගෞරවයක් තිබින. මෙම ගමවු පාසැල් දෙක පාලනය වුයේද වෙනවෙනමය.අනෙක් පාසැල අදද ගැමියන් හදුන්වන්නේ ගෑනු පාසැල ලෙසමය.ගැහැනු දරැවන් යැවුයේ එයටය. බොහෝ විට එම ගැහැනු දරැවන්ද පාසැල්දිවිය අවසන් කරන්නේ මැහුම් ගෙතුම් ආදී ශිල්පයන් ගැනද මනා අවබෝධයකින් බව කියවේ.වත්මන් කාළය වනවිට ගම අර්ධ නාගරිකත්වයකට පත්ව අවසන්ව ඇත.ස්කෝළ මහත්වරැ සමාජය තුලින් බැහැරව ගොස් ඇත. පාසැල්ද තිබු ගොඩනැගිලි එසේම තිබියදී අළුතින් ගොඩනැගිලි හා පුස්තකාළයන්ද විද්‍යාගාරයන්ද සමග නවීකරනයව ඇත. ගමට පාසැලක් අළුතින් පිහිටවුනේ මිනී කනත්ත අසල වු වෑකඩේ වත්ත තුල බව තතු දන්නෝ කියති.මහ විදුහල -කුඹල්ඔළුව අද පාසැල ඉදිරිපිට යෝදයන් සේ වැජඹෙන නා ගස්දෙක සිටවුයේමුහන්දිරම් නම් මහතෙකු බව සමහරැ පවසන අතරසමහරෙකුගේ මතය වනුයේ එය සිටවුයේ විතාන නමි මහතෙකු බවය..කෙසේ වුවද වසර 34 ක් පාළනය කළ විදුහල්පතිවරයා අද නොමැති බැවින් නිරවද්‍යතාවය සෙවිය නොහැකිය. පාසැල් අතීතය ලිපිය මෑතකදී සටහන් වුවක් වන බැවින්එයද එතරම් සාධක නොලද්දක් විය හැකිය. අතීත තොරතුරැ දත් අදත් ජීවත්ව සිටින අය බැවින් ඔවුන් ගේ ප්‍රකාශයන් සාධක සහිතව ඉදිරිපත් කරන බැවිනුත් නා ගස හා මුහන්දිරම් මහත්තයා පිළිබඳවු තොරතුරැ වඩාත්ම නිවැරිදි විය හැකිය..අද මහ විදුහලක් වන මෙම පාසැල එදා පිරිමි පාසැලක් ලෙස ආරම්භ වුනේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් වන ජෝන් ස්ටුවට් මැතිතුමන් විසින් 1869 දී ස්වභාෂා ඉගෙන්වීමේ පනත යටතේ ප්‍රසිද්ධ ඉගෙන්වීමේ දෙපාර්තමේන්තුව පිහිට වීමෙන් පසුව බව අතීත සටහන් දක්වයි. ඉන්පසු 1870 දී ස්වභාෂා පිරිමි පාසැලක් ලෙස ආරම්භවු මෙම පාසැල පොල්අතු සෙවිලි කල මඩුවක වෑකඩ වත්තේ ආරම්භ විය. පසුව වඩුමඩුව වත්තට ගෙන ආ පාසැල නැවත කොට්ටල වත්ත නම් ස්ථානයට ගෙනගොස් තිබේ. එහි පාසැල පවත්වා ඇත්තේ දින 13 කි.ගමිවැසියන් ගෙන් එල්ලවු විරෝධතාවයන් නිසා ගොඩනැගිල්ලක් තනන තුරැ හළලිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ බණ මඩුවෙහි සිසුන් 20 ක්හට ගුරැමහතුන් 5 ක් ඉගෙන්වීම කර ඇත.ඉන්පසු රජයේ අනුග්‍රහය මත මෙම ඉඩමේ තෝමස් පෙරේරා මුහන්දිරම් මහතාගේ පුධානත්වයෙන් එහි පාසැල ආරම්භ විය. 1923 ට පෙර අතිත සටහන් නැති වුවද 1823 සිට 1952 දක්වා ඩී.ජේ.විජේසංහ ලොකු ගරැතුමා සහ එස්.එස්.ඩී විතාන මහතාද සේවය කළබවද සඳහන් වෙයි.( නාගස් සිටවුයේද විතාන මහතායයි සමහර ගම්වැසියන් පවසති)
Popular posts from this blog
11 අතීතයෙන් තව පිටුවක් කුඹල්ඔළුව නම්වු ග්‍රාමීය මාතාව ගේ අතීත සත්‍ය සිද්ධීන් සමහර විටක එතරම් රසවත් නොවන්නට පුළුවන.එහෙත් ගම නැගුනහැටි කියනවිට ඒවාද වැදගත් වන්නේය.බෙහෙතක් තිත්ත වුවද එය ගුණදායකය.අතීතයද අනාගතයට වැදගත්ය.ඒ සමහර ඒවා යලි සිදු නොවිය යුතු බැවිනි. රාජසිංහ රජුගේ කෟරත්වය ඇහැලේපොළ කතාවෙන් කියවේ.වඩුග නායක්කර් වංශිකයෙක්වු ඔහුගේ පාළනය අවසන් කරන්නට ලක්දිවට ආ විදේශිකයන්ට රටෙහි බලය ලබාදුන්නා විය හැකියයි සිතන්නටද සාධක තිබේ.අද වුවද තමන් නුරැස්සන නායකයන් එලවා දමන්නට අනෙක් වාර්ගිකයන් ගේ සහය පතන දුර්වලයන් නිසා ඇතිවන ගැටළුතත්වයන් දකින්නට හැකිබව ගම්පුවත් දක්වයි. 1800 ට පෙර ඉංග්‍රීසි පාළණය තිබු කාළයේ කුඹල්ඔළුව ගමද අන්ගම් මෙන් මාර්ග පහසුව අහිමිවු හා ග්‍රාමීය සම්පත් නගා සිටුවීමේ ක්‍රියාවලියක් නොතිබු ගමකැයි ගම්පුවත් පෙන්වා දෙයි. 1815 දී ඉංග්‍රීසි රජය ගත් සුවිශේෂී පියවරවල් රැසක් ගම්මාන වල තත්වය තරමක් වෙනස් කරන්නට ඇත.එසේම එය අධ්‍යාපනය මාර්ග ආදියෙහි වෙනසක් වන්නට මග පෑදුවේය.ඉංග්රිසින් මාර්ග තැනුවේ ඔවුනගේ අවශ්‍යතා වලට වුවද ගම්මාන වල පිබිදීමකට එය මුල් විය.සුවිශේෂී වු පිරිසකට ඉහළ තන
6 කවියක් සිල්වත් හිමිවරැන් බෙදනා දහම අම කමතේ වෙලේ කව් සීපද ඇසුනු බිම සිංහලහාලෙ බත ඉදෙනා ගෙයක හැම සුන්දර කුඹල්ඔළුවයි මා උපන් ගම ( ආර්.පී.කරැණාරත්න ) සීමා කළත් ගම දීඇල්ලේ ඔයකින් සීමාවුනේ නෑ කුඹුරට එහි ජලයෙන් ඉපදුන නිසා මිනිසත්කමලැබ පිනකින් මටමගෙමව වගෙයි මේගම බැඳුන සිතින් (නාල්ස් ) 17 ගමේ ගොවිතැන හා වෙහෙස නිවු ගී සීපද කුඹුර සෙවන ලද තැනක් නොවේ.එහි වැඩ කරන විට හිරැ රැස තදින් සිරැරට වැටෙයි.දෙපය තරමක් සිහිල් වුවද කුඹුරැ වැඩ වෙහස කරය.වපුරන විට හානවිට සිරැරම මඩෙන් නැහැවෙන්නේය.නෙළන විට දෙපය ජලයේ ගිළුනද අන් සිරැරට තද හිරැරැස් පීඩා කරන්නේය.එහෙත් කිසි විටෙක හිරැට දොස් පවරන්නේ නැතුවා සේම හිරැ දෙවියන් හා සමානව ගෞරවයට ලක් වන්නේය. අතීත ගොවිතැන හා සත්ව පාලනය කුඹල්ඔළුවේ ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවෝනාපාය වුයේ වී ගොවිතැනයි. එයට උපකාරීවු හා පහසුවෙන් ඇති කලහැකිවු සතුන්ද ඇති කරන්නට ඔවුන් පෙළඹුනහ.එවකට අද මෙන් මස්හෝ මා
Comments
Post a Comment