අපි අපේ ගමවු කුඹල්ඔළුව ගම්මානය ගැන නිරතුරැව ලියන්නයි අදහස් කරන්නේ-ඔබටත් පුළුවනි එයට එකතුවන්න.ඔබ ගමගැන ලියු පොත කියවුවානම් විස්තර දන්නවා ඇති.ඒත් දැන් ගම වෙනස් වෙලා.ඉඩකඩම් පුංචි වෙලා.පවුල් සංඛ්‍යාව වැඩිවෙලා. අපේගමේ දරැවන්ට උපකාර කරන්න අපි විවිධ මාර්ග අනුගමනය කරනවා.අපට අද පත්වෙලා ඉන්න මන්ත්‍රිතුමිය කොකිලා ගුනවර්ධන මැතිනියත් අපට ආසන්නවු චරිතයක් නිසා එතුමියත් අපට උපකාරවේයයි අප විශ්වාශ කරනවා. එහෙනම් අන්තර්ජාලයට යන ඔබත් සතියකට වතාවක් හරි කුඹල්ශළුව වෙබ්පිටුව කියවා බලන්න වගෙම අළුත් තොරතුරැ එවන්නත් පහත ලිපිනය හා දුරකතන අංකය භාවිතා කරන්න. අපේගම අනිත් ගම්වලට වඩා වෙනස් දියුනු ගමක් කරන්න නම් අප එකතුවෙලා මෙය කරන්නම ඔන නේද ? දුරකතනය- 0755229367,ඊමේල් අංකය- kumbaloluwa@gmail.com මම නාල්ස් නිශ්ශංක- ඔයාලට හුරැ පුංචි මිනිහාමයි. ඔයාලගෙ දරැවන් ඉංග්‍රිසි හා ගණිතයෙන් දක්ෂයන් කරන්න මා සැකසු උපකාර පොත් ලබා ගන්න. පළමු වසර සිට 11 වසර දක්වාම සකසා ඇතිනිසා කතාකරල ගෙන්වා ගන්න.ගාස්තුව මුද්‍රණ වියදම පමනයි.පොත් සකසන්න උපකාරවු මහත්ම මහත්මීන් ගැනත් මම ඉදිරිලිපියෙන් කියන්නම්. දරැවනටම කියවන්න ලියු ගමගැනවු පොතත් ලබා ගන්
Posts
- Get link
- X
- Other Apps
කුඹල්ඔළුව රා වාඩිය හා රාමයියලා ගේ කතාව 1930 වර්ෂවල කුඹල්ඔළුවෙ පටන් ගැන්මවු කොට්ටල පාලම අසලවු ඉඩමක රා තැබෑරැමක් පැවති බවත් පසුව එහි කොහු නිෂ්පාදන කම්හලක්දපැවතුන බවත් කියවේ. ඉන්දියාවේ කාටින් ප්‍රාන්තයෙන් මෙහි පැමිනි කොච්චි නැමැති ජනවාර්ගිකයන් කොටසක් රට හැම ප්‍රදේශයකම කිතුල් හා පොල්ගස් වලින් තෙලිදිය හා රා නිපදවීමේකාර්යයකයෙදුනාහ.ඒවසර50කටපමනය.එහෙත් ශ්‍රීලංකාවේ රජවරැ පාළනය කළ සමයේ පවා මෙරට රා නිෂ්පාදනය සිදුව ඇත.එම කාළයේ රා නිපදවන්නන් හැඳින්වුයේ රා මදින්නන් ලෙස බව ඉතිහාසය දක්වයි.මේ කවිය බලන්න කළුවන් කළුරැවයි අපෙගම මදින්නා මන්ඩි නැතිව රා ගමටම - බෙදන්නා එනඑන ළපටි මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අපගම -මදින්නා මෙය සිංහල සාහිත්තයට එක්වු බෙහෙවින් ජනප්‍රියවු කවියකි.එය මෙරට රා බිෂ්පාදනය වු බවට සාක්ෂියකි.එම කාළයෙන් පසුව ඉහතකී ජනවාර්ගිකයන් රට පුරා රා නිපදවු බව කියවේ.රාමයියා යනු එවන් රා මදින්නෙක් විය. හෙතෙම මේ ගමෙහි පදිංචිව රා නිෂ්පාදනය කළේය. කිතුල් ගස් වලට ගොඩ වන්නට ගැට සහිත උණලීය භාවිතා කරයි.සාමාන්‍යයෙන් උණග
- Get link
- X
- Other Apps
27 ගමට පාර හැදුන හැටි සාමාන්‍යයෙන් සිංහළ භාෂාව කතා කරන විට භාවිතා කරන වදන් අතීතය තුල සිට පැවතඑන වදන් හෙයින් එය භාවිතයට හුරැය. පාර කියන්නේ මාවත, මාර්ගය යන වදනටම අයත් වදනකි.එහෙත් පැරනි කාළයේ පාරට අකමැති දේද එක්ව තිබිනි. ඒ කෝටු පාර වේවැල් පාර හා කස පාර වැනි පාරවල්ය. වෙලේ නියරෙන් අඩි පාරෙන්,දෙවට පාරෙන් තවමත් ගම් වලට ගෙවල් වලට යන්නට සිදුව ඇති ගම්මාන තිබේ. කුඹල්ඔළුව ගම්මානයද ගම් කිහිපයක එකතුවක් බව ඔබ කියවුයේය. ඒ ගම් වලට යන්නට පාරවල් හැදුනේ කෙසේද යන්න මෙසේ සටහන් වෙයි. වේයන්ගොඩ මල්හෑව මාර්ගය වර්තමාණයේ සේම අතීතයේද ප්‍රධාන අතුරැ මාර්ගයක් විය. එම මගින් අඩු දුරකින් මීරිගම වැනි නගරවලටද යාම පහසු විය.එම හේතුව මත එය තාරදමා සකස් කලේ ඉංග්‍රිසි ආණ්ඩුව වෙයි.දිවුලපිටිය තිබු පාලන කාර්යාලය හා දිසාපති කාර්යාල මගින් එය පාළනය විය එහෙත් අන්ගම් වලට එදා යාමට මාර්ග නොවිය.ඒ වනවිට ගම්සභා ක්‍රමය ක්‍රියාත්මනව තිබින. දෙල්ගහමැඩිල්ල පාර හළලිය පාසැල ල ඟින් මල්හෑව මාර්ගයට සම්බන්ධව ඇරඹෙන නිට්ටඹුව නගරය කරා දිවෙන මාර්ගය එයයි. එවකට ගම්වාසින් එක්ව මෙම මාර්ගය සක
- Get link
- X
- Other Apps
25 කුඹල්ඔළුවේ වාරිමාර්ග හා කුඹුරැ නාමයන් උතුරින් හා බස්නාහිරෙන් දී- ඇල්ලේ ඔයෙන් ගම මායිම් වන්නේ වී වගාවට අවශ්‍ය ජලයද ලබා දෙමිනි.එහෙත් දෙල්ලගොඩ කුඹුරැ සඳහා ජලය ලැබෙන්නේ වර්ෂාවෙන් පමනකි. ගල්බොක්ක නමින් හඳුන්වන කුඹුරැ යාය අස්වද්දන්නට හැකි වනුයේ වර්ෂා ජලයෙන් පමනකි. එම කුඹුරැ සඳහා ජලය සපයන ඇල මාර්ගය ඇරඹෙනුයේ දුමුන්නේගෙදර ගම්මානයෙනි. 1) දෙල්ලගොඩ වෙල්යාය - ගල්බොක්ක 2) දෙල්ගහමැඩිල්ල පන්සල අසල වෙල්යාය - හළලිය වෙළ 3) පහලගමට උතුරින් - සියඹලාව 4) උකුල්වෙල අසල - හිටහිටියාව 5) විලඉස්මත්ත _ විලකුඹුර 6) හළලිය පන්සල අසල - අඹකුඹුර 7) පන්සලට ඉහල - දැරෑන්ද මෙම සෑම කුඹුරක්ම නිර්මාණය කර ඇත්තේ ගමකට යාවු පහත් බිම් වලය. ඒවාට ජලය ලබා ගන්නටද ජලමාර්ගද රජදවස ක්‍රමවත්ව සකසා තිබිනි. එය ආදිතමයන්ගේ පාරිසරික ඤාණය විදහා දක්වන්නක් වන්නේය. 26 ගමගැන තවත් යමක් ශ්‍රී ලංකාවේ ගම්මාන ගැන සොයා බලන විට සමහර ගම්මාන වල විශේෂිත වු ලක්ෂණයන් දක්නට නොලැබේ.ගම්මාන කිහිපයක හැරැන විට අනෙක් ගම්වල පෞරාණික වු වස්තුන්ද දක්නට නොලැබේ.ඒනිසාම ගම්වල අතීතයන් හාරා අවුස්සා බ
- Get link
- X
- Other Apps
22 නැටුම් ගැයුම් හා වාදන ගම පෙර ඈත අතීතයේ පටන් ගමේ නැටුම් ශ්ල්පීන් වාසය කල නැටුම් ගැබවට තොරතුරැ ලැබිනි. සකළ කළා වල්ලභ රජතුමන් මිනුවන් ගොඩ රාජධානියේ වාසය කළ කාළයේ ගමේ සිටි නැටුම් හිල්පීන් හට පෙළපත් නාම ප්‍රදානය කලා සේම ඔවුන් රාජකීය උත්සව වලට කැඳවු බව කියවේ. එවකටද නාට්්‍යාංගනාවන්ද සිටි බවද කියවේ. කුඹල්ඔළුව ගමේද විවධ නැටුම් ශිල්පීන් සිටියහ.එහි පාසැල්වල මෙන්ම නැටුම් ශිල්පීන් තම වෟත්තිය සඳහාද ශිල්පීන් පුහුනු කළහ. ඔවුන් උත්සව,පෙරහැර,දේවාල මෙන්ම සංදර්ශන සඳහාද යොදා ගත්හ. ශ්‍රීලංකාවටම ආවේනිකවු නැටුම් කළාවක්ද තිබේ. එසේම නැටුම සමග බැඳී පවතින විවිධ වාදන භාණ්ඩද වාදනයද ඒසමග පුහුනු කෙරේ.මැත භාගයේ විසු නටන ජේමිස් නමලද ජේමිස් මහතාද එවන් දක්ෂ ශිල්පියෙක් විය. වත්මන කුඹල්ඔළුවේ සේතගුරා සහශිල්ප ගුරා යන මහත්වරැද එවන් දක්ෂ ශිල්පීන් බව ගම්පුවත් සඳහන් කරයි. වර්තමාණයේද දෙවෙල් නැටුම්, තොවිල් නැටුම්, උඩැක්කි,බෙර,තම්මැට්ටන් වාදනය පුහුනු කරන ස්ථාන කුඹල්ඔළුවේ තිබේ. සමහර ස්ථානවල ගාස්තුවක්ද අය නොකරයි.එවැනන්ගෙන් එම සංස්කෟතික දායාදය රැක ගන්නට ලැබෙන පිටුවහල අගය කල යුතුය. වත්ම
- Get link
- X
- Other Apps
20 ගී පොතක පිටුවක් පියෙකු ගේ කවියක් වියතුන් සභා මැද ශිල්ප දැන සිටින්නයි මා නොදුටු නව ලොවක රෑ සොබා දකින්නයි මගෙ පුතා මට වඩා පියවරක් මනින්යි ඒ සුභා කෙලෙස හෝ මගෙ නෙතින් දකින්නයි දිනක අවසන් සුසුම මගෙ මුවින් නික්මුනත් නුඹ ගන්න සුසුම වී නුඹ තුලම රැෙඳන්නයි පුතු සෙනෙහෙ නිදන් වු ඇට මිදුලු දිරැණු දා පොළෙවෙ පස ලෙසින් මම නුඹ දරා සිටින්නයි නිශාන් මෙන්ඩිස් ( කුඹල්ඔළුව ) මගෙ නංගි මට වඩා ඩිඟිත්තක් පොඩි වුනත් හරියටම දඟකාරි අකුරැ මැද සිරකාරි ශිල්ප පොත අත රැඳුන අකුරැ ගැනගැන ඉන්න කාළයක් නෑ නගේ බෑ අපට තනිවෙන්න මට වඩා ඉදිරියෙන් ගිහින් නුඹ හිනැහියන් මට දැනේවී එවිට ලෝකයම දිනුව සේ ! රිසිමිණි - ගල්ගමුව 2 1 කුඹල්ඔළුවේ වාරිමාර්ග හා කුඹුරැ නාමයන් උතුරින් හා බස්නාහිරෙන් දී- ඇල්ලේ ඔයෙන් ගම මායිම් වන්නේ වී වගාවට අවශ්‍ය ජලයද ලබා දෙමිනි.එහෙත් දෙල්ලගොඩ කුඹුරැ ස ඳහා ජලය ලැබෙන්නේ වර්ෂාවෙන් පමනකි. ගල්බොක්ක නමින් හඳුන්වන කුඹුරැ යාය