කුඹල්ඔළුව රා වාඩිය හා රාමයියලා ගේ කතාව
1930 වර්ෂවල කුඹල්ඔළුවෙ පටන් ගැන්මවු කොට්ටල පාලම අසලවු ඉඩමක රා තැබෑරැමක් පැවති බවත් පසුව එහි කොහු නිෂ්පාදන කම්හලක්දපැවතුන බවත් කියවේ.
ඉන්දියාවේ කාටින් ප්‍රාන්තයෙන් මෙහි පැමිනි කොච්චි නැමැති ජනවාර්ගිකයන් කොටසක් රට හැම ප්‍රදේශයකම කිතුල් හා පොල්ගස් වලින් තෙලිදිය හා රා නිපදවීමේකාර්යයකයෙදුනාහ.ඒවසර50කටපමනය.එහෙත් ශ්‍රීලංකාවේ රජවරැ පාළනය කළ සමයේ පවා මෙරට රා නිෂ්පාදනය සිදුව ඇත.එම කාළයේ රා නිපදවන්නන් හැඳින්වුයේ රා මදින්නන් ලෙස බව ඉතිහාසය දක්වයි.මේ කවිය බලන්න
කළුවන් කළුරැවයි අපෙගම මදින්නා මන්ඩි නැතිව රා ගමටම - බෙදන්නා එනඑන ළපටි මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අපගම -මදින්නා
මෙය සිංහල සාහිත්තයට එක්වු බෙහෙවින් ජනප්‍රියවු කවියකි.එය මෙරට රා බිෂ්පාදනය වු බවට සාක්ෂියකි.එම කාළයෙන් පසුව ඉහතකී ජනවාර්ගිකයන් රට පුරා රා නිපදවු බව කියවේ.රාමයියා යනු එවන් රා මදින්නෙක් විය. හෙතෙම මේ ගමෙහි පදිංචිව රා නිෂ්පාදනය කළේය.
කිතුල් ගස් වලට ගොඩ වන්නට ගැට සහිත උණලීය භාවිතා කරයි.සාමාන්‍යයෙන් උණගසක් කිතුල් ගසකට වඩා උස යන බැවින් මෙන්ම එහි රිකිලි හිනිමගක මෙන් පය තබන්නට හැකි බැවින්ද බොහෝ කටයුතු සඳහා උණගස භාවිතා වේ.
උණගසේ ආධාරයෙන් කිතුල් ගසට ගොඩවන මදින්නා එහි පිත්තක් උඩ හිඳගෙන කාර්යය අරඹයි. පළමුව කරන්නේ තරමකට වැඩුන මෝරා නැති මළක් තොරා ගැනීමය. ඉන්පසු එහි ආවරනයවු හනස්ස යලිත් මලට තදකර බැඳීමය.එය ප්‍රමාණවත් නොවන්නේ නම් පමනක් සකස් කල කොළපතක් තබා බඳින අවස්ථාද ඇත.සම්පුර්ණයෙනම ඉහිරැන මල් එම කාර්යයට සුදුසු නැත.මලක් වෙලන්නට භාවිතා කරන්නේ සකස් කරගත් වැල් හෝ පොල්පිති නාරටිය වේ. මල සම්පුර්නයෙන් වෙලීමක්ද නැත.වෙලාගත්මල පදම් කල යුතුය. එයද සුදුසු ලීයක්ම යොදාගත යුතුය.
දින කිහිපයක් පදම් කලපසුව මල කැපීම අරඹයි.එයට භාවිතා කරන පිහිය වෙනත් කාර්යයන්ට භාවිතා නොකෙරේ.සියුම්වු තුඩක් සහිත පිහිය බාවිතා කිරීමද ප්‍රවේශමෙන් කලයුත්තකි.ක්‍රමානුකුලව මල කැපීමෙන් පසු ලනුවක ආධාරයෙන් මුට්ටියක් රඳවනු ලැබේ.මේ හැම කාර්යයක්ද කරන්නේ චාරිත්‍ර අනුගමනය කරමිනි
මුළින්ම කළයට වැගිරෙන කඳූළු වල තත්වය අනුව මල කැපීම කල යුතුය.නියමිත ලෙස පදම් නොවු මලක් පදම් කිරිමේදී හෝ කැපීමේදී කුණු වන්නටද පුළුවන.නැතිනම් මලින් දියර ලෙස සෙමින් ගලන යුෂය මුට්ටියට එකතු වෙයි.එය තෙලිදිය වේ. තෙලිදිය පැනි රසය. එය ශක්තිය වඩවන ආහාරයක්ද වෙයි. නමුත් වැඩියෙන් පානය කලොත් මත් වන්නටද පුළුවන.
මෙසේ ලබාගත් තෙලිදිය කළවල හෝ වෙනත් බඳුනක දමා සුලං වදින ලෙස තැබිය යුතුය.එම තෙලිදිය වාතයේ පාවෙන යීස්ට් සමග එක්වී ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් ලෙස රා බවට හැරේ.රාවල මධ්‍යශාර(ඇල්කොහොල්) ප්‍රමාණය වැඩිය.

33 තොවිල්පවිල් හා මන්ත්‍ර ගුරැකම් -
තාක්ෂණය උපරිමය අක්වා දියුනු වුවද තවමත් යන්ත්‍රමන්ත්‍ර ගැනවු විශ්වාශය බිඳවැටී නැත. එයට හේතු රැසක් සාධකයන්ව ඇත. සමහර නුතන උගතුන් මෙය බැහැර කරන්නට උත්සාහ කලද අමනුෂ්‍ය බලවේග ගැනවු විශ්වාශයන් හා තොරතුරැ අදද හෙළිවේ.ආගම් දේශනා තුලද මෙවන් පීඩාවන් ගැන නිබඳව සටහන් වෙයි. යමෙකු මියගිය බව කීවද එය එසේ නොවන බවට සාධක හෙළිව ඇත. එවන් කෙනෙකුන් මරණයට පත්වීමෙන් පසු ඔහු කළ හොඳ කරක මත නැවත උපදින බවද පාපයන් අධික වීම හෝ අවශන් චේතනාව හෝ සිතිවිල්ල අයහපත් වන්නේ නම් නැවත ආත්ම භවයක් නොලබන අතර කළ පාපයන් ගෙවා ගන්නට නොහැකිව හා මව් කුසක් ලබාගත නොහැකිව තැවෙන අතර එම පවින් මිදෙන්නට ජීවත්ව සිටිනවුන් හා සම්බන්ධකම් පවත්වන්නට පෙළඹෙන බවද කියවේ.යමෙකුගේ ග්‍රහ යන්ගේ බලපෑම දුර්වලවු විට ඔහුට බලපෑම් කරන්නට එවන් අමනුෂ්‍යයන්ට හැකියාව පවතී.එසේ අමණුෂ්‍ය බලපෑම් ඇතිවු විට ඒවා දුරැ කරන්නට තොවිල්පවිල් හා යන්ත්‍ර මන්ත්‍ර උපයෝගී කරගන්නා හැට් පුරාණ ඉසිවරයන් පෙන්වා දී ඇත.
එනමුත් නිවැරිදිව එය ඉටු කරන අයුරැ නොදන්නා පිරිසක් එම කාර්යයේ යෙදීම මත සත්‍යවු එම ගුරැකම් ගැනවු වීශ්වාශය තරමක් පළුදු වුවද නිවැරිදිව එමගින් සහන හා සුවය ලබාදෙන වෙදමහතුන් අදද වෙසෙති. එවන් පරම්පරා වලින් පැවතෙන දක්ෂ වෙදදුරන් අදත් කුඹල්ඔළුව ගම වෙසෙන බවට තොරතුරැ තිබේ.එවන් තොරතුරැ වල ඈත අතීතයේ පරම්පරා වල ශක්තිය ගැබ්වී ඇතිබව කිව යුතුය. එසේ කියවෙන්නේ මේ සියල්ලම පෙර සිටි ඉර්සිවරයන් දායාද කල ඒවා බැවිනි.නියමිත ගන පිහිටුවා නිවැරිදි උච්චාරනය අනුව එහි බලය රැඳී පවතී. එවැනි ශිල්පීන් සහ වෙදදුරන් ගමතුලද පෙරදා මෙන්ම අදද වෙසෙති.වෛයිද්ද අත්තා සහ පොඩි මාමා හළලිය විසු එවන් දකෂ මන්ත්‍රධාරියෝ, වෙදදුරෝ වෙති.ඉහළ කුඹල්ඔළුවේ බෙර කරැවෝද ඒවාට සහය වු දක්ෂයෝ වෙති..
අතීතය තුල පැවති සමාජය තුල ජීවත්වු ගම්වැසියන් විවිධාකාරවු දිවිපෙවෙත් වල යෙදුනාහ. එහෙත් දිවිපෙවෙත කුමක් වුවද දරැවන් ලැබෙන්නට ඉන්න අම්මාවරැන්ට යම් යම් කරදර හිරිහැර සිදුවන විට කළහ තැබීම නම්වු කාර්යයක් කරන අතර දරැවා බිහිවු පසු යාගයක් කර කළහ බිඳිති. එවන් තොවිලයක් චමත්කාරයද විනෝදයද තරමක බියක්ද හට ගන්වයි. සැඳෑ වරැවේ අරඹන තොවිලය අවසන් වන්නේ පසුදා උදේය. වෙස් මුහුනු බැඳගත් යකැදුරන් බෙර වාදනය අනුව චාරිත්‍ර අනුගමනය කරමින් නටමින් සෙත් පතන අයුරැ දකින්නටද චමත්කාරය. කණුඋඩ බැඳි මැස්සක නැග විවිධ යක්ෂ මුහුනු බැඳ ගෙන රංගනයක යෙදෙන අයුරැ දුටුවොත් ඔබට කිසිදාක අමතක නොවන තරමටම මතකයේ රැඳී පවතිනු ඇත.
උපත ලබන දරැවෙකුට නමක් තබන්නටද උපකාර කරන්නේ මෙම මන්ත්‍රධාරීන්ය. හඳහන් බැලීම නැකැත් පුහුර්ත සැකසීම ආදී සියළු කාර්යයන්ට මෙම ගුරැන්නාන්සේලා ගෙන් උදව් ලැබේ.වර්තමානයේ සමහරැ මේවා නොතැකුවද පැරනි සෟෂිවරයන් සොයා ගෙන ඇති ජෝතිෂය අසත්‍යයක් නොවන බවට සාධක තිබේ.බොහෝ ආයුර්වේද වෛද්‍යවරැන්ද මන්ත්‍ර ශාස්තරය අගය කරති.
කුඹල්ඔළුව ගමතුලද එවන් මන්ත්‍රධාරියෝ කළබව කියන දේවල් විශ්මිතය.එවන් කතාපුවත් වල සඳහන් වන මන්ත්‍රධාරින් අතර රාහුල හිමියන් වැනි සංඝයා වහන්සේලාද වෙති. මන්ත්‍ර ශාස්තරයේ බලයෙන් අහසින් ගිය අය ගැනද කියවේ. පෙර රජුවරැද යම් වැදගත් කාර්යයක් ආරම්භ කළේ ශුභ නැකතින් බවට පැරනි සංදේශ කතා පුවත් වලද සඳහන් වේ.
සරනේලිස් නොහොත් වෛද්ද අත්තා අපේ ගමේ විසු අති දක්ෂ වෙදදුරෙකි. පරම්පරානුගත ගුරැන්නාන්සේලා අදත් අප ගමෙහි වෙසෙති.සලාගුරා හා සේතගුරා හා ශිල්ප ගුරා යන නම් වලින් හැඳින්වෙන ගුරැන්නාන්සේලා පාරමපාරිකව පැවත එන දක්ෂ වෙදගුරැන්නාන්සේලාය. ඒ පරපුර ඉදිරියට ගෙන යන්නටසිරිපාල සහ සෝමසිරි ගුරැන්නාන්සේලා වර්තමානයේ එම කාර්යයන් ඉටු කරති. මන්ත්‍ර ගුරැකම් පමනක් නොව බෙර,තම්මැට්ටන්,දවුල් ආදී කුමන වර්ගයක වුවද භාණ්ඩ වාදනයට අති දක්ෂයෝ වෙති.
හළලියේ ප්‍රේමකුමාර කපුමහතාද දෙල්ගහමැඩිල්ලේ සිරිවර්ධන කපුමහතාද දේවාල භාර කපුමහතුන් වෙති. මන්ත්‍ර ශාස්ත්‍රය මැනවින් හදාරා දහස් ගනනකට සහනය සුවය ලබාදුන් එතුමනලා අදද සිය කාර්යයන්හි නිරතව සිටින්නෝ වෙති. අමනුෂ්‍ය දෝෂ පමනක් නොව අනෙක් සයළු කාර්යයන්ද එතුමන්ලා ඉටුකර දෙති. ඇත අතීතයේ මෙන්ම වර්තමානයේද කුඹල්ඔළුව ගම මෙවන් දක්ෂයන් ගෙන් සිටීම ගමට පමනක් නොව රටටම යහපතකි.
25 කුඹල්ඔළුවේ
වාරිමාර්ග හා කුඹුරැ නාමයන්
උතුරින් හා බස්නාහිරෙන් දී- ඇල්ලේ ඔයෙන් ගම මායිම් වන්නේ වී වගාවට අවශ්‍ය ජලයද ලබා
දෙමිනි.එහෙත් දෙල්ලගොඩ කුඹුරැ සඳහා ජලය ලැබෙන්නේ
වර්ෂාවෙන් පමනකි. ගල්බොක්ක නමින් හඳුන්වන කුඹුරැ යාය අස්වද්දන්නට හැකි වනුයේ වර්ෂා
ජලයෙන් පමනකි. එම කුඹුරැ සඳහා ජලය සපයන ඇල මාර්ගය ඇරඹෙනුයේ දුමුන්නේගෙදර
ගම්මානයෙනි.
1) දෙල්ලගොඩ වෙල්යාය - ගල්බොක්ක
2) දෙල්ගහමැඩිල්ල පන්සල අසල වෙල්යාය - හළලිය වෙළ
3) පහලගමට උතුරින් - සියඹලාව
4) උකුල්වෙල අසල - හිටහිටියාව
5) විලඉස්මත්ත _ විලකුඹුර
6) හළලිය පන්සල අසල - අඹකුඹුර
7) පන්සලට ඉහල -
දැරෑන්ද
මෙම සෑම කුඹුරක්ම නිර්මාණය
කර ඇත්තේ ගමකට යාවු පහත් බිම් වලය. ඒවාට ජලය
ලබා ගන්නටද ජලමාර්ගද රජදවස ක්‍රමවත්ව සකසා තිබිනි. එය ආදිතමයන්ගේ පාරිසරික ඤාණය
විදහා දක්වන්නක් වන්නේය.
Comments
Post a Comment