22       නැටුම් ගැයුම්  හා  වාදන   

ගම පෙර ඈත අතීතයේ පටන් ගමේ නැටුම් ශ්ල්පීන් වාසය කල නැටුම් ගැබවට තොරතුරැ ලැබිනි. සකළ කළා වල්ලභ රජතුමන් මිනුවන් ගොඩ රාජධානියේ වාසය කළ කාළයේ  ගමේ සිටි නැටුම් හිල්පීන් හට පෙළපත් නාම ප්‍රදානය කලා සේම ඔවුන් රාජකීය උත්සව වලට කැඳවු බව කියවේ. එවකටද නාට්්‍යාංගනාවන්ද සිටි බවද කියවේ.

    කුඹල්ඔළුව ගමේද විවධ නැටුම් ශිල්පීන් සිටියහ.එහි පාසැල්වල මෙන්ම නැටුම් ශිල්පීන් තම වෟත්තිය සඳහාද ශිල්පීන් පුහුනු කළහ. ඔවුන් උත්සව,පෙරහැර,දේවාල මෙන්ම සංදර්ශන සඳහාද යොදා ගත්හ. ශ්‍රීලංකාවටම ආවේනිකවු නැටුම් කළාවක්ද තිබේ. ‍එසේම නැටුම සමග බැඳී පවතින විවිධ වාදන භාණ්ඩද වාදනයද ඒසමග පුහුනු කෙරේ.මැත භාගයේ විසු නටන ජේමිස් නමලද ජේමිස් මහතාද එවන් දක්ෂ ශිල්පියෙක් විය. වත්මන කුඹල්ඔළුවේ සේතගුරා සහශිල්ප ගුරා යන මහත්වරැද එවන් දක්ෂ ශිල්පීන් බව ගම්පුවත් සඳහන් කරයි.

   

වර්තමාණයේද දෙවෙල් නැටුම්, තොවිල් නැටුම්, උඩැක්කි,බෙර,තම්මැට්ටන් වාදනය පුහුනු කරන ස්ථාන කුඹල්ඔළුවේ තිබේ. සමහර ස්ථානවල ගාස්තුවක්ද අය නොකරයි.එවැනන්ගෙන් එම සංස්කෟතික දායාදය රැක ගන්නට ලැබෙන පිටුවහල අගය කල යුතුය.
   
වත්මන් සමාජය බුදු දහමේ ආභාසය ලද අතර දහම් පිලිවෙතට අනුව දිවි ගෙවන්නටද උත්සාහ කළහ.ඒ නිසාම නැටුමද යම්යම් ක්‍රියාවන් අතර සීමාවන් අතර බැඳීමන්ද තිබිනි. බුදුන් වහන්සේ දවස පෙළහැර පෑම සිදුවුවද ඉන්පසු එයට සමතුන් දක්නට නොලැබිනි.ඒ අඩුව වැහෙන්නට මෙන්ම පන්සලෙහි අගය වැඩි කරන්නටද පෙරහැර ඇරඹුනු බව පෙනේ. පෙරහැරට ගැමියන් සතු සියළු කුශලතාවයන් එක්විය

නැටුම දේශීය  හා භාරතීය ආභාසය ලදබව පෙනේ.විවිධ ඇඳුම් ආයිත්තන් වලින් හැඩ ගැන්වුන ඇඳුමද නැටුමේ අගය වැඩි කරයි.නටන්නටද පුහුනුවක් අවශ්‍ය වේ. ක්‍රමානුකූලව අත්පා මෙහය විය යුතුය.එය වාදනයටද අනුකුල විය වුතුය.

දෙවොල් නැටුම් මෙන්ම වෙනත් නැටුම් වර්ගද තිබේ.ඒවා වන්නම් නැටුම් වන අතර සාසැල් වලද විශයක් ලෙස ඉගැන්වෙයි.නැටුමකදී විවිධ වාද්‍යභාණ්ඩ වැයෙන අතර ඒවා ගැනද දැන සිටිය යුතුය.

තොවිල් නැටුම  

    
23        දේවාල හා වත් පිලිවෙත්                                  

එදා ගස්ගල් පවා වන්දනා කරන සමයක්වු අතර විවිධ බිය ගැන්වීම් වලටද ගම්මුන් මුහුන පෑවේය. එතැනින් බලි තොවිල් යාග ක්‍රමයන් ඇති වන්නට ඇත.සත්‍ය වශයෙන්ම තොවිලයෙන් කරන්නේ මනස තුල ඇතිවු බිය ක්‍රමානුකුලව ඉවත් කිරීමය.නවීන මනො විද්‍යාවේ එන මෝහනයට හා  තොවිලය සමානය.එහිදී සිදුවන්නේද මනස විවර කර බිය නැතිකර දැමීමය.




එහෙත් දේවාල පිලිවෙත එයට වෙනස්ය.නොපෙනෙන අදශ්‍යමාන බලවේගයන් පවතින බව සත්‍යයකි.සත්වයෙකු නොවන්නා ශරීරයක් නැත්තෙකි.මරණයෙන් සිරැරෙන් ඉවත්වන සිතද යලි මව්කුසක් ලබනා තුරැම පාවෙන බව කියවේ.එහෙත් අවාසනාවකට අවසන් හැඟුමම අයහපත් නම් ඔහු මව්කුසක් නොලබන්නේය.එවිට මව්කුසක් ලබන්නට එම පාවෙන සිත උත්සාහ දරයි.මෙවන් විටෙක තමන් ඇසුරැ කලවුන් ගැනවු මතකය පාවෙන සිතෙහි ඇතිවන අතර ඔවුනගේ උපකාරය පතන්නටද එමසිත වෑයම් කරයි. 
එවන් විටෙක අමනුෂය දෝෂ ඇතිවන අතර ඒවා සමනය කරන්නට එයට වඩා බලගතු බලවේගයන්හි පිහිට අවශ්‍ය වේ. පුන්‍ය කර්මයන් හේතුකොට ගෙන දේවත්වයන් ලබන බව දහමින් ඉගෙන් වේ.එවන් දේවත්වයන් ලබන්නා බලගතු බවක්ද ඔහුනට බොහෝ දේ කලහැකි බවටද විශ්වාශයක් අතීතයේ සිටම පැවතේ.දෙවියන් පිහිට පතන්නට එයද එක් හේතුවක් ලෙස සැළකිය හැකිය.
කුඹල්ඔළුව ගම්වැසියන් තුලද දෙවියන් කෙරේ ඉමහත් විශ්වාශයක් පැවතිනි.සිය ජීවිතයේ දී මතුවන විවිධවු ගැටළු වලදී හා කරදර හිරිහැර වලදීද දේව පිහිට පතා දේවාලයට යෑම පුරැද්දක්ව තිබිනි. දෙවියන් කෙරේවු මෙම අචල භක්තිය නිසාම  දෙවියන් වෙනුවෙන් පවත්වන සියළු කාර්යයන්ට ගම්වැසියන්ද එක්වුහ. දරැවෙකු උපත ලැබීමෙන් පසු ඔහු මුලින්ම දෙවියන් දකින්නට දේවාලයට රැගෙන යාමද ආශිර්වාද ලබා දීමද අදත් කෙරෙන කාර්යයකි. ගොයම් කැපීමෙන් පසු ගෙට ගන්නා වී වලින් වෙන් කරන වී සහල් මංගල්ලය සඳහා පුදන අතර කපුමහතා ගෙන්ගෙට විත් වී තැලීමද කර දොස් දුරැ කරන්නේය. එසේම වාර්ෂිකව පවත්වන කප් සිටුවීම සඳහා වු මංගල්ලයද ගමට සෙත් පතන උත්සවයකි. මේ අනුව  ගම්වැසියන් හා දේවාල අතර සමීප සබඳතවයක් වු බවට සාධක ලැබේ.


   

එසේම තමන්ට වු අසාධාරනකට හේ විපතකට පවා දෙවියන් යැදීම අදද දක්නට ලැබේ.එවිට වරද කළවුනට දඩුවම් දෙන්නට දෙවියන් කටයුතු කෙරෙතැයි යන විශ්වාශය මත වරද කළවුනට දඩුවම් දීමට පවා දෙවෙලට යාම හා දෙවියන් යැදීම අදද කෙරේ.

දේවත්වය ලබනුයේ පින් කලහොත් පමනැකැයි කියවේ.එසේම හැම ආගමකම දෙවියන් ගැනද කියවේ.එහෙයින් දෙවියන් ගැන යම් වීශ්වාශයන් හැම ආගමක්ම ලබාදෙයි. දේවාලය දෙවියන් වෙනුවෙන් කරවන ලද්දකි.දෙවියන් වෙනුවෙන් කරන පුදපුජාවන් මෙහිදී කරනු ලබන අතර දෙවියන් ගේ ආශිර්වාදයද දෙවොලකින් ලද යුතුය.කපු මහතුන් කියන්නේ දෙවියන්ට ආවතේව කරමින් දෙවියන් ගේ සිත දිනාගෙන ඒ මගින් දේවාශිර්වාදය ලබාදෙන තැනැත්තාටය.

කුඹල්ඔළුව ගමේද දේවාල ඇත.ඉන් ඈත එනම් මායිම් ගම් වලද දේවාල ඇත. සමහර පන්සල් වලද  දේවාල තිබේ.දෙල්ගහමැඩිල්ලේ විෂ්නු දේවාලය ඉන් එකකි. හළලියේ ශ්‍රී විජයාරාම මාවතේ තවත් දෙවොලක් පිහිටා තිබේ. ඒවා ගැන පොතේ සටහනක් තබා ඇත. ඉහල කුඹල්ඔළුවේද 5 කනුව අසල තිබේ.

    

   මෙම හැම දෙවොලකින්ම කෙරෙන කාර්යයන් එක සමාන නොවුවද සාමාන්‍ය සේවාවන් ගැන දළ සටහනකි. බොහෝ දේවාල වල අමනුෂ්‍ය පීඩාවන්ට සුවය ලබාදෙන අතර ඒ සඳහා නිශ්චිතවු ගාස්තුවක් අය නොකරති.දෙවියන් හා කෙරෙන කටයුතු පුන්‍ය කාර්යයන් වීම එයට හේතුව වන්නට පුළුවන.එසේම මන්ත්‍රගුරැකම් ආදියද හදිහුනියම් කැපීමද අපල උපද්රව සඳහා ආශිර්වාද ලබාදීමද මෙම දේවාල වල කාර්යභාරයන් බවද කියවේ.

   

සමහර දේවාල වල කපුමහතුන් ගෙන බෙර ආදී වාදන භාණ්ඩයන් හසුරවන ආකාරය ගැනද ඕනෑම අයෙකුට පුහුනුවක් ලබා ගත හැකිය.දෙවොල් නැටුම් ගැනද පුහුනුවක් මෙම දේවාලයන්හි කපුමහතුන් හමුවීම  මගින් ලබන්නටද පුළුවන.අතීතයේ සිටම දේවාල කටයුතු සඳහා පෙළපත් නාමයන්ද රජවරැන් ලබාදී ඇත. මෙයින් කියවෙන්නේ ගමක මෙන්ම රටක වුවද දේවාලයට මුල් තැනක් හිමිව තිබු බවයි. 

දේවාලයකට යනවිට පිලිපැදිය යුතු චාරිත්‍රද ඇත.දෙවියන් වැඩ සිටින භුමිය බලගතුය.එහියන්නෙක් එම දෙවියන් කෙරේ විශ්වාශයක් තිබිය යුතු සේම පිරිසිදුව යාම වැදගත් බව කියවේ. ගමේ පන්සල මෙන්ම දේවාලයද ගම් වැසියන් ගේ ගෞරවයට අද මෙන්ම මතුද ප්‍රාත්‍ර වන ස්ථානයන් වනු ඇත.  

දෙවියන් ජීවිතයට කොතෙක් ලංව ඇත්ද යන්න සනෘථ වන වදන් සමාජයේ අසන්නට ලැබේ.දෙවියන් පිහිටයි ,දෙයියො අතපෑව වගේ ,දෙයියම්පල්ල , අනේ දෙයියනේ ,ඒ එවැනි වදන් වෙයි.හැම ආගමකම දෙවියන් වෙනුවෙන් කරන යාතිකා ඇත.බුදුදහම තුල දෙවියන්ට පින් දීම මගින් සහන අත්වන බවක් කිය වෙයි.


          

23       
දෙවියන් ජීවිතයට කොතෙක් ලංව ඇත්ද යන්න සනෘථ වන වදන් සමාජයේ අසන්නට ලැබේ.දෙවියන් පිහිටයි ,දෙයියො අතපෑව වගේ ,දෙයියම්පල්ල , අනේ දෙයියනේ ,ඒ එවැනි වදන් වෙයි.හැම ආගමකම දෙවියන් වෙනුවෙන් කරන යාතිකා ඇත.බුදුදහම තුල දෙවියන්ට පින් දීම මගින් සහන අත්වන බවක් කිය වෙයි.


          




Comments

Popular posts from this blog