11        අතීතයෙන් තව පිටුවක් 
කුඹල්ඔළුව නම්වු ග්‍රාමීය මාතාව ගේ අතීත සත්‍ය සිද්ධීන් සමහර විටක එතරම් රසවත් නොවන්නට පුළුවන.එහෙත් ගම නැගුනහැටි කියනවිට ඒවාද වැදගත් වන්නේය.බෙහෙතක් තිත්ත වුවද එය ගුණදායකය.අතීතයද අනාගතයට වැදගත්ය.ඒ සමහර ඒවා යලි සිදු නොවිය යුතු බැවිනි.

රාජසිංහ රජුගේ කෟරත්වය ඇහැලේපොළ කතාවෙන් කියවේ.වඩුග නායක්කර් වංශිකයෙක්වු ඔහුගේ පාළනය අවසන් කරන්නට  ලක්දිවට ආ විදේශිකයන්ට රටෙහි බලය ලබාදුන්නා විය හැකියයි සිතන්නටද සාධක තිබේ.අද වුවද තමන් නුරැස්සන නායකයන් එලවා දමන්නට අනෙක් වාර්ගිකයන් ගේ සහය පතන දුර්වලයන් නිසා ඇතිවන ගැටළුතත්වයන් දකින්නට හැකිබව ගම්පුවත් දක්වයි.

1800 ට පෙර ඉංග්‍රීසි පාළණය තිබු කාළයේ කුඹල්ඔළුව ගමද අන්ගම් මෙන් මාර්ග පහසුව අහිමිවු හා ග්‍රාමීය සම්පත් නගා සිටුවීමේ ක්‍රියාවලියක් නොතිබු ගමකැයි ගම්පුවත් පෙන්වා දෙයි. 1815 දී ඉංග්‍රීසි රජය ගත් සුවිශේෂී පියවරවල් රැසක් ගම්මාන වල තත්වය තරමක් වෙනස් කරන්නට ඇත.එසේම  එය අධ්‍යාපනය මාර්ග ආදියෙහි වෙනසක් වන්නට  මග පෑදුවේය.ඉංග්‍රිසින් මාර්ග තැනුවේ ඔවුනගේ අවශ්‍යතා වලට වුවද ගම්මාන වල පිබිදීමකට එය මුල් විය.සුවිශේෂී වු පිරිසකට ඉහළ තනතුරැ ලබන්නට පාදකවු අධ්‍යාපනයද ගම්වල සාමාන්‍ය අයට ලබාගත හැකිවන ක්‍රමයක් ඇති විය.එහෙත් ගම්වල ආර්ථික රටාවේ එතරම් වැදගත් වෙනසක් නොදක්වයි.
1830 න් පසුව වුවද ගම් යාකරන (ගමින් ගමට යන )මාර්ග පද්ධතියක් නොවීය.බොහෝ ගම් වලට යාමට තිබුනේ දෙවට පාරක්  හෝ වෙළ නියරය.එනමුත් ගමිවල ස්වභාෂා හදාරන්නට වැඩ පිලිවෙලක් හා මාර්ග තනන්නට වැඩ පිලිවෙලක් ඇරඹුනි.ඒවා පාළනය වුයේ ඒජන්ත කාර්යාලය (දිසාපති -) හරහා බැවින් ගම්වල අයටද රැකියා මාර්ග අත්විය.එම කොන්ත්‍රාත් ගත්තේද ගම්වලවු තරමක වත්පොහෙසත්කම් ඇත්තන් බව කියවේ.මෙම මාර්ග වලට ඉඩම් පරිත්‍යාග කර ඇත්තේ ගම්වැසියන් බවද කියවේ.එසේම බොහෝ මාර්ග තැනුවේ ගම්වැසියන් එක්ව බවත් ඒවා ශ්‍රමදාන බවත් සදහන් වෙයි.

එවකට මාර්ග තැනීම හා ‍පාළම් බෝක්කු තැනීමේ කොන්ත්‍රාත්කරැවන් ලෙස හෙන්දිරික් අප්පුහාමි හා බියෙල් මුදලාලි නම්වු දෙදෙනෙකු කටයුතු කළබව ගම්පුවත් සහන් කරයි.ඒ 1920 වැනි අවුරැදු වල  පමනය.එම කාළයේ මාර්ග වලට කළුගල් එලා තාර දැමීම සහ වාරිමාර්ග කටයුතු පාළනය වුයේ කුඹල්ඔළුව වාරිමාර්ග කාර්යාලය වෙතිනි.වාරිමාර්ග කටයුතු පාළනය වුවේද එම කාර්යාලය මගින් බව කියවේ.ජලය බෙදාහැරීම හා නඩත්තුව එයින් සිදුවිය.එහි පවතින ජලබාධකය(ඇනිකට්එක) ඉදිකර ඇත්තේ 1950 බව  සඳහන් වේ.අද එම ජලබාධකයේ එක ඉවුරක් බිඳී ගොස් ඇති බැවින් ගල්ගමුව ඇල මාර්ග වලට ජලය නොසැපයෙන බවද ගැමියෝ පවසති.මේ නිසා විශාල කුඹුරැ ප්‍රමාණයක් අද වගා කලනොහැකි තත්වයක පවතී.

     

මෙම ජලබාධකය පිහිටුවන්නට පෙර ගැමියන් කුඹුරැ වගා කලේ ඔය දෙපස පොල්කණු සිටුවා එයට දෙකට පැළු පොල් කඳන් හරස් කර ජලය රඳවා ගැනීමෙනි.අදද සමහර ස්ථාන වල එම ක්‍රමය භාවිතා වේ. ගමට ඇති අනෙක් බාධකය වනුයේ උකුල්වෙලයි.එමගින්ද විශාල කුඹුරැ ප්‍රමාණයක් වගා කරන්නට ජලය සැපයෙයි.
  
      කැඩුනබංගලාව                        කැඩුන ඉවුර

මේහා සමාන විශාල සේවයක් ඉටුකල කුඹල්ඔළුව වාරිමාර්ග කාර්යාලය අද විනාශ වී ඇති අන්දම ජායාරෑපයෙන් පෙනේ.
හරකුන් බැඳගෙන සීසෑ ගොවියනට ඇති අත්දැකීම් වර්තමාණ ගොවියනට නැත.එදා වගාකළ මාවී නම්වු බීජයෙන් හට ගන්නා ගොයම් ගස පහසුවෙන්ආපදාවලටගොදුරැවන්නක්නොවේ.සීසෑම,පෝරැගෑම,මට්ටන්කිරීම,වැපරීම,නෙලීම,සිටුවීම,කැපීම,පෑගීම ආදී සියළු කාර්යයන් ඉටු කරන්නට ගොවියෙකු දරන වෙහෙස අප්‍රමානය.

Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\f7.jpgDescription: G:\Documents and Settings\anke\My Documents\My Pictures\hema_Fotor.jpg

1870 දී පාසැලක් ඇරඹුවද එයට ඉගෙනුම ලබන්නට එන්නට එකල සිසුවනට මාර්ග තිබී නැත.පනාවල,හුඹිටියාව,දුමුන්නෙගෙදර,මාහේන,වෑබඩමුල්ල,වේරගොඩ,ගල්ගමුව,කොට්ටල ආදී ගම්වල සිසුන් සිසුවියන් පාසැලට පැමින ඇත්තේ පයින් ඇවිද ගෙනය.ඒද මාර්ගවල නොවේ. දෙවට පාරවල් හා නියරවල් දිගේ මඩ ගාගෙනය.කුඹල්ඔළුවට තිබු එකම පාර නොහොත් මාර්ගය වුයේ මල්හෑව වේයන්ගොඩ  කරත්ත පාර (මාර්ගය) පමනකි.එවන් දුක්බර අතීතයක් ඇති  ගමේ ස්කෝලයෙන් බිහිවු ගුරැමහතුන් කළාකරැවන් ආදී වෟත්තිකයන් ගමට ආඩම්බරයකි

1948 න් පසු අප ගමටද මඳ එලියක් වැටී ඇත.ඒ ජේ.ආර් ජයවර්ධන ජනපතිතුමා මැදිහත්ව විදුලිය ලබාදීමත් පාසැල් පොත් ටික නොමිලේ ලබාදීමත්නිසාය. එසේම සිංහළ රජබස කරවු බණ්ඩාරනායක අගමැතිඳුන් පළමු බස්රථය ලබාදීමත් නිසාය.එසේම අාර්.ප්‍රේමදාස ජනපතිතුමන් ජනසවිය මගින් ලබාදුන් සහනය නිසා ස්වයං රැකියා මගින් දිවිපෙවෙත හදාගත් මිනිසුන් අදත් නිවහල්ව සිටින නිසාය.                                  `

පාසැලත් බස්රථයත් නිසා ගමේ උගතුන් බිහිවිය.ගමතුල නැතත් නගරයට ‍ගොස් පුහුනුව ලද වෟතිකයන් නිසා නවීන තාක්ෂනය ගමතුල ඇරඹින.සපමනක් නොවේ. අද ගමේ විවිධ වෟත්තිකයන් බිහිව ඇත.                                                                                      



 12    පරම්පරා සහ පෙළපත් නාම                                                                                    
කුඹල්ඔළුළව ගමෙහි මුල් පදිංචිකරැවන් යයි සැළකෙන පරම්පරා කිහිපය හැරැනු විට පිටතින් ගම පදිංචිව පරම්පරා ඇරඹු පවුල් සංඛ්‍යාවද අද  ගමටම බැඳුන සිතැත්තෝ වෙති. ගම් වැසියන් ගේ මතකය අනුව අති විශාල පරම්පරා සමුහයක් අද කුඹල්ඔළුව ගම ස්ථිර පදිංචි කරැවන්ව ඇති බව ඔබට වැටහෙනු ඇත.පරම්පරා හෝ පෙළපත්නාමය කුමක් වුවද වර්තමාණ අප සමාජය එක්ව  සහෝදරත්වය හා සමානත්වයෙන් කටයුතු කරන්නට පෙළඹීම අප ගමේ එකමුතු බව පෙන්වන විශිෂ්ඨ වු ලක්ෂනයකි. එසේම රජදවස පෙළපත් නාම හරහා වෟත්තීන්ට වෙන් කළ අයුරැ අප මෙහි නොදක්වන්නේ සමානත්වය හා දක්ෂතාවය අප අගය කරන බැවිනි.
සමහර පරම්පරාවන්ට ඔවුනටම ආවේනිකවු වෟත්තීන් ඇත.එය රජදවස වු නියමයක් බවට පෙනුනද වර්තමාන තත්වය එයට හාත්පසින්ම වෙනස්ය. මිනිස්කම හමේ වර්ණයෙන් හෝ භාෂාවෙන් වෙන් කළ නොහැකිය. හැම මිනිසෙකුම වෙර දරන්නේ අනනුට අතනොපා දිවි ගෙවන්නටය.මුළාදෑනිකම ,නිළමෙ තනතුර ,විදානෙලා ආරචචිලා වැනි තනතුරැ දරන්නන් සිටි කාළයේ මෙන් අද කොටසක් වෙන් කරන්නට  හෝ සමාජයේ ඉහළ තනතුරැ වලට පත්වීම වළකන්නට හැකියාවක්ද නැත.ඉහළට යමින් එකිනෙකාට උපකාර කරමින් අප එකම ගමේය යන බැඳීමෙන් කටයුතු කරන සමාජයක් අප ගමතුල ඇතිවීම සතුටට කරැණක් නොවේද ?
ගම්පුවත් සඳහන් කරන අන්දමට කුඹල්ඔළුවේ මුල් පරම්පරාවන් වන වීරක්කොඩි,හිටිගේ,ලියන හිටිගේ,රන්දෙනි පිදුම්වත්ත වැනි පෙළපත් ඇත්තන් විශාල ඉඩම් හිමිකරැවන් වුහ.එදා සමාජය තුල බලගතු වුයේ ඔවුන්ය.
පහලගම,හළලිය, ගල්කන්ද ඔවුනගේ ඉඩකඩම් බහුල විය.දෙල්ලගොඩ දෙල්ගහමැඩිල්ල රන්දෙනි පරපුර සතුවිය. ගල්කන්දේ සරදියෙල් අ්පුහාමි එහි බලවතෙක් විය පසුව ගුණරත්න ද බලවතෙක් විය එවකට සමකාලීනයන් වු විලඉස්මත්තේ ජෝන් අප්පුහාමි, මාටින් වෙදමහත්තයා සහ විජයසිංහ නොතාරිස් මහත්තයා ගමෙහි බලවතුන් හා සෙල්ලක්කාරයන් වුහ. තරැනවියේදී ඔවුන් කලකීදෑ උපහාසය හා විනෝදය දනවන සිද්ධීන් වෙයි.(රසකතා බලන්න)
හිටිගේ හා ලියන හිටිගේ පරම්පරාවන් ඉඩකඩම් හිමි බලවතුන් වුවද ආදායම් ගැන උනන්දු වුවන් නොවීය.සිය අවශ්‍යතා සපුරා ගැන්මට ඔවුන් සිය ඉඩකඩම් බදුදුන්හ. ඒවා බදු ගත්තේ ගල්ගමුව  සයිය පුනාන්දු නම් අයෙකැයි ගම්පුවත් සඳහන්කරයි. සම ඉඩම් තමන්ටම අයිති කරගත් සයිය ප්‍රනාන්දු හළලියේම පදිංචි විය. ඉන් එම පරපුර ඇරඹිනි. ගාර්දි පරපුර ඇරඹී ඇත්තේ හිටිගේ කතක සමග වු විවාහයකින් වන අතර ඔවුනද පසුව ඉඩම් හිමියන් වුහ. කුරීකොටුවේ සිට පැමිනි හෙන්දිරික් නිසා සඳගිරි  පරපුරද,බෝගහවත්තේ නිශ්ශංක නිසා නිශ්ශංක පෙළපතද බිහිවිය.
ඉහල කුඹල්ඔළුවේ සකළකළා වල්ලභ රජුගේ හේවායින් (පාබල හමුදාවක්) වු පරපුරට හේවා පෙළපත හිමිවු අතර ඔවුනද රජුගේ තුර්ය හා වාදක පරපුර වු නයි අන්ඩිකාර පෙළපතද හිමිව ගමෙහි පදිංචි කරැවන් වුහ.එම පරපුරෙහි වු සලාගුරා සහ සේතගුරා හා ශිල්පගුරා  මැත කාළයේ අති දක්ෂ තම්මැට්ටන් හා බෙර වාදකයන් වෙති .ඉන්පසු සමහරැන් ඉඩම් මිළයට ගැනීම මගින්ද සමහරැ විවාහයන් නිසාද පදිංචි කරැවනව ඇත.
කුඹල්ඔළුවේ මුල් පරම්පරාවන්
   සකළකළා වල්ලභ ප්‍රාදේශීය රජතුමන්  එදා විශාල ගමක්වු  කුඹල්ඔළුවේ සංචාරය කරන විට සිදුවු වැදගත් සිද්ධියක් ලෙස පුද්ගල පෙළපත් නාම ලබාදීමද සඳහන් කල හැකිය.දෙවොල් හානැටුම්  නාට්‍ය ශ්ලෝක ආදියෙහි කියවෙන පරිදි ඒ විස්තර මෙසේය. ( මෙම කාව්‍යයන් අන්තර්ජාල පොතෙහි ඇතුලත්ය)
එමරජු විසින් රජුගේ ලියන්නන් ලෙස කටයුතු කල පිරිස ලියන හිටිගේ ලෙස නම් කර ඇත. රජු ඉදිරියෙහි වු වීරකොට අට්ටාලයකට නැග කොඩියක් ගැසු අයට වීර ක්+ කොඩි =වීරක්කොඩි යන පෙළපත් නම ලෙසද ප්‍රදානය කලේ යයි එඳහන් වේ.
පරම්පරාවන්ඇති වන්නේ කොහමද ? 
රජදවස පරම්පරා නාම තිලින කලද එය එගමටම සීමා විය. නමුත් විවිධවු හේතුන් මත ගම හැරදා වෙනත් ගම්වල පදිංචි වන්නන් නිසාද එම ගම්තුල  ඔවුනගේ පරම්පරාවන් ඇති වෙයි.ආවාහ විවාහද එයට හේතුවක් වන්නේය.විදේශිකයන් මෙරට ගම්වල පදිංචිව ඔවුනගේ පරම්පරා ඇති කරයි.කුඹල්ඔළුවේද එවන් පරම්පරාවන් දක්නට ලැබේ.බොහෝවිට එයට පාදක වන්නේ පියවරැන්ය.මව් පාර්ශවයේ පරම්පරාවන්ද දක්නට ලැබේ.විවාහයන් හේතු කොටගෙන ඇතිවන පරමිපරාවන්ට මුලික වන්නේ එම පියාගේ පෙළපත දරැවන්ට ලැබීම හා එම දරැවන්ගේ විවාහයන් මත එම පම්පරාව වර්ධනය වීමත්ය.විශේෂිතවු හේතුවක් මත දරැවනට මවගේ පෙළපත් නාමය තැබීම මත එවන් පරම්පරාද ඇතිවේ.(ජායා5)
  පරම්පරා සහ පෙළපත් නාම
 ගමෙහි මුල් පදිංචිකරැවන් යයි සැළකෙන පරම්පරා කිහිපය හැරැනු විට පිටතින් ගම පදිංචිව පරම්පරා ඇරඹු පවුල් සංඛ්‍යාවද අද  ගමටම බැඳුන සිතැත්තෝ වෙති. ගම් වැසියන් ගේ මතකය අනුව අති විශාල පරම්පරා සමුහයක් අද කුඹල්ඔළුව ගම ස්ථිර පදිංචි කරැවන්ව ඇති බව ඔබට වැටහෙනු ඇත.පරම්පරා හෝ පෙළපත්නාමය කුමක් වුවද වර්තමාණ අප සමාජය එක්ව  සහෝදරත්වය හා සමානත්වයෙන් කටයුතු කරන්නට පෙළඹීම අප ගමේ එකමුතු බව පෙන්වන විශිෂ්ඨ වු ලක්ෂනයකි. එසේම රජදවස පෙළපත් නාම හරහා වෟත්තීන්ට වෙන් කළ අයුරැ අප මෙහි නොදක්වන්නේ සමානත්වය හා දක්ෂතාවය  අගය කරන බැවිනි.
සමහර පරම්පරාවන්ට ඔවුනටම ආවේනිකවු වෟත්තීන් ඇත.එය රජදවස වු නියමයක් බවට පෙනුනද වර්තමාන තත්වය එයට හාත්පසින්ම වෙනස්ය. මිනිස්කම හමේ වර්ණයෙන් හෝ භාෂාවෙන් වෙන් කළ නොහැකිය. හැම මිනිසෙකුම වෙර දරන්නේ අනනුට අතනොපා දිවි ගෙවන්නටය.මුළාදෑනිකම ,නිළමෙ තනතුර ,විදානෙලා ආරචචිලා වැනි තනතුරැ දරන්නන් සිටි කාළයේ මෙන් අද කොටසක් වෙන් කරන්නට  හෝ සමාජයේ ඉහළ තනතුරැ වලට පත්වීම වළකන්නට හැකියාවක්ද නැත.ඉහළට යමින් එකිනෙකාට උපකාර කරමින් අප එකම ගමේය යන බැඳීමෙන් කටයුතු කරන සමාජයක්  ගමතුල ඇතිවීම සතුටට කරැණක් නොවේද ?
 ගමේ පරම්පරාවන්   - 340,340 ඒ, 340 බී,  340 සී.
මහවිතාන කංනානමලාගේ 2-ඕවිටිගලගේ 3-එලිපිත්ති කංකානමලාගේ                4-පතිරන්නැහැලාගේ 5- රන්දෙනි පිදුම්වත්තගේ 6- සමරතුංග මුහන්දිරම්ගේ 7-හේවාවසන් රනවීරගේ 8- සමරසිංහ ආරච්චිගේ 9- වික්‍රමතිලක ඒකනායකගේ 10- ජයකොඩි ආරච්චිගේ 11- කරැනා පතිරන්නැහැලාගේ 12 - විදාන හේනයාලාගේ 13- දෙල්ලගොඩගේ 14- කලංචි දේවගේ 15-කෝදාගොඩ විතානගේ 16-අසුරප්පුලිගේ 17-රනමුත රදාගේ 18-සිංගප්පුලිගේ 19-රාජපක්ෂ ආරච්චිගේ 20-දිසානායක මුදියන්සේලාගේ 21-තෙන්නකෝන් මුදියන්සේලාගේ 22-සඳගිරි පතිරන්නැහැලාගේ 23-මුතුගල් පේඩිගේ 24-තාරකාපිටි පතිරන්නැහැලාගේ25-වීරක්කොඩි අප්පුහාමිලාගේ 26-හෙට්ටිඅච්චි කංකානමලාගේ 27-රාජපක්ෂ පතිරන්නැහැලාගේ28-නිශ්ශංක ආරච්චිගේ 29-ගාර්දි ආරච්චිගේ 30-ලියන හිටිගේ 31-නෙත්තසිංහ අප්පුහාමිලාගේ32-හේවා පේඩිගේ33-මතන දේවගේ 34-ආරියතිලක මුදියන්සේලාගේ 35-රණසිංහආරච්චිගේ 36-හීරළු පතිරන්නැහැලාගේ 37-අධිකාරි ආරච්චිලාගේ 38-දිසානායක ආරච්චිලාගේ 39-විජේසුරිය ආරච්චිලාගේ 40-කොත්තවර්ධන ආචාරිගේ 41-නාමරත්න බමුනු ආරච්චිගේ42-මණඩලවල්ලි ආචාරිගේ 43-අතාවුද ආරච්චිගේ44-සෙනරත් පතිරන්නැහැලාගේ 45-ගංගොඩවිල  කංකාමලාගේ 46-අලුතැපොල රාලලාගේ 47-වීරප්පුලිගේ 48-එදිරිසිංහගේ 49-මුණසිංහ ආරච්චිගේ 50-සුබසිංහ ආරච්චිගේ
51මුදන්නායක අප්පුහාමිලාගේ 52මදුැඅපිටිය ආරච්චිලාගේ53හෙට්ටිආරච්චි කංකානදලාගේ 54 රනසිංහ ගමරාලලාගේ 55ලේවත්ත කංකානමලාගේ 56මුණසිංහ අච්චි ලේකම්ලාගේ   57මහවිතාන කංකානමලාගේ 58මංචනායක ආරච්චිලාගේ 59කේලාහලගේ 60විලබඩ අච්චිගේ 61කොඩිප්පිලි ආරච්චිගේ 62වත්තේගමගේ 63නංහිටිඅච්චි කංකානමලාගේ 64වික්‍රම ආරච්චිගේ 65තලුක්කුවේ කංකානමලාගේ 66සඳගිරි පතිරන්නැහැලාගේ 67අසුරප්පුලිගේ 68සිංගප්පුලිගේ 69වල්පොල රාලලාගේ 70ජයකොඩි ආරච්චිලාගේ 71සෙනරත් පතිරන්නැහැලාගේ 72දියලගොඩ පතිරන්නැහැලාගේ 73නෙත්තසංහ අප්පුහාමිලාගේ 74හේවා පතිරන්නැහැලාගේ 75එදිරිසංහ ආරච්චිගේ ( මෙහි සඳහන් නොකල පෙළපත්නාම රැසක් ඇත.)


Comments

Popular posts from this blog