13  නිවාස හා ගෟහ සැළසුම් 

අතීතයේ පමනක් නොව 1960 ගනන් වලද එනම් 1948 නිදහස ලද පසුද ගමේ ගෙවලින් තරමක් අතමිට සරැ අයගේ ගෙවල තාප්ප බිත්තියෙන් බැඳ පොල් අතු වහලයෙන් නිමව තිබිනි. අනෙක් ගෙවල වරිච්චි හෝ කටුමැටියෙන් ඉදිවින. එමෙන්ම බිමට මැටි අතුරා ඒමත මැටි සමග දියකල ගවයන් ගේ ගොම ආලේප කළහ. මෙම ගොම මැටි ගෙබිම විශබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරන බවද පැරැන්නන් විශ්වාශ කලහ.මෙවන් තත්වයකට හේතුව වන්නට ඇත්තේ එවකටද අපේ ගමේ ස්කෝල මහත්වරැ නොහොත් පාසැල් ගුරැමහතුන් හා අනෙකුත් රාජ්‍ය සේවකයන් සිටියේ කිහිප දෙනෙකු වීමත් අනෙක් ගම්වැසියන් ගොවිතැන පමනක් කළ අය විමත් නිසාය.ගොවිතැන නොකල සමහරැන් වඩුවැඩ,පෙදරේරැ වැඩ,හරකුන් එළුවන් ඇති කිරීම ආදී ආදායම් මාර්ග වල යෙදුනාහ. එමෙන්ම ගොවිතැනට උගත්කම අවශ්‍ය නොවු බැවින් පාසැල් ගියේ තරමක වත්පොහොසත්කම් ඇති පවුල් වල දරැවන් පමනක් බවද අතීත තතු පෙන්වා දෙයි.එසේම  අතීතයේ රජමැදුර හැර අන් ගෙවල කපරාදු කර සුදු හුණු ආලේප කිරීම තහනම් වු බව පැරණි පොතපතෙහි සඳහන්ව ඇත.


   අපේ ගමේද ගෙවල් තනන අය වුහ.තාප්ප බැම්ම,වරිච්චි හා කටුමැටි ආශ්‍රිතව නිවාස ඉදි නරන්නට ඔවුන්ට මනා දැනීමක්ද විය.අද මෙන් උපකරනද නොතිබු එවන් අවදියක ගංවතුරකින් හෝ විනාශ නොවන ලෙස ශක්තිමත් ලෙස ගෙවල් තැනුහ. පොළවේ ස්වභාවය අනුව අත්තිවාරම යොදා තවත් ශක්තිමත් වන්නට පහතට කයියෝරැවක්ද හදමින් අඩි 25 ක් පමන උස බිත්ති බැඳ නිම කලේ .නිකරම පදම් කල මැටියෙනි. එවන් පැරනි නිවාස අදද අපේ ගමේ දකින්නට තිබේ.මෙවන් නිවාස වල සාලය,ඉස්තෝප්පුව,නිදන හා කෑම කාමර,මුළුතැන්ගෙය හා කුස්සියක්ද වෙයි.  මෙවන් ගෙවල් තැනු ශිල්පීන් කවරදාකවත් පාසැලකට ගිය හෝ අකුරක් උගත් අයද නොවේ.භුමි තාක්ෂනය නිවාස තාක්ෂනය ගැන ඔවුන් තුලවු දැනුම හා පුහුනුව අද නුතන තාක්ෂනයටද අභියෝග කරන්නේය. උපකරන නොමැතිව ගෙය තනන්නට ඔවුන් සමත් වුහ.පස් කොටා ජලයෙන් (වතුරෙන්) මිශ්‍ර කොට පයින් තෙරපමින් පදම් කර දින දෙකක් තැම්බෙන්නට වසා තබති.ඉන්පසු ඒවා ගුලි කරන්නේ බෝල ලෙසය. එම මැටි බෝල නිසි අයුරින් පේලියකට අඩුක් කරමින් හිස් තැන් මැටියෙන්ම වසමින් තාප්පය නිම කරති.ඉන්පසු ජලය බැස ගොස් ශක්තිමත් වන්නට දින දෙක තුනක් තබා යලි පියවරෙන් පියවර තාප්ප බැම්ම ඉහල නංවති. මේ අයුරින් තනන ගෙවල් වසර දෙතුන් සියයකට වඩා ආපදාවක් නැතිව පවතින බවට අප දැක්වු නිවාසම සාක්ෂියක් වන්නේය. එවන් කුඹල්ඔළුවේ සිටි ශිල්පීන් අද ජීවත්ව නැතත් ඔවුනට උපහාරයක් ලෙස නම් සඳහන් කරන්නෙමු. ඒ මැටි- ඒබරන් ,තෝමස්,  යන ශිල්පීන් වේ. එවන් නිවාස කපරාදු කර හුණු හෝ කිරිමැටි දියකර ආලේප කර වැඩ අවසන් කරති.අපේ ගමේද 1960 ගනන් වලද ගෙවල වහලය පොල්අතුම විය. එවකට හිංගලඋළු සෙවිලි කලේ නිළතල හා බළතල තිබු තරමක ධනවතුන් පමනෙකි.අන් අය තමන්ගේ අය වුවද පහත් කොට සලකන දුර්වල ගතිපැවතුම් ඔවුනට වු බවට සාක්ෂි තිබේ.නුගත් හා අසරන ගැමියන් වහළුන් කොට ගෙන තම අභිලාෂයන් ඉටුකරවා ගැන්මටඔවුන් කටයුතු කළහ.කෙසේ වුවද බොහෝ දෙනා කෙසේ  හෝ වහලයට උළු සෙවිලි කරන්නට පෙලෙඹුනේ පොල්අතු වහලය නිසා ඇතිවන කරදර වලක්වා ගැනීමටය. අදද අපේ ගමේ එවන් පරන තාප්ප ගෙවල් දැක ගත හැකිය. එම පැරණි ක්‍රමය යටතේ ගොඩ නැගුන හා චිතුපට කිහිපයකටද එක් වු විදානෙඅත්තා නමින් හැඳින්වෙන මහතෙකුගේ නිවසක ජායාරෑපයක් අප මෙහි ඇතුලත් කළෙමු. 

වර්තමාණයේ එදා තිබු කටුමැටි ගෙවල ඉවත් වෙමින් බ්ලොක් ගල හා  කොන්ක්‍රීට්  බැමි ආධාරයෙන් තට්ටු ගෙවල් ඉදිවෙන අයුරැ අපට අද දැකගත හැකිය. අතීත සටහන් ලෙස තබාගත යුතු පැරනි ගෙවල් හා විහාරස්ථාන වල ඇති සමහර දේද රැක ගතහොත් කුඹල්ඔළුව ගමටද කෞතික හා පෞරාණික අගයක් ලැබෙනු ඇත. එවන් පැරණි ගෙයක් හා වෙද මහතෙකුගේ ඉපැරිනි වෙද පොත් හා ගෟහ භාණ්ඩ සංරක්ෂනය කරන්නට අදහස් කරන අයද තොරතුරැ සොයා ගම පීරෑ අපට හමුවිය. එවන් ලෙස හෝ ගමට පෞරාණික වටිණාකමක් ලබා දෙන්නට පියවර ගැනීම ඔබට භාර කරමු.
 

x

Comments

Popular posts from this blog