6           කවියක්


Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\1_Fotor.jpg Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\5_Fotor.jpgDescription: G:\Documents and Settings\anke\My Documents\My Pictures\car2.BMPDescription: G:\Documents and Settings\anke\My Documents\My Pictures\IMG0395A_Fotor.jpg

සිල්වත් හිමිවරැන් බෙදනා දහම         අම
කමතේ වෙලේ කව් සීපද ඇසුනු        බිම
සිංහලහාලෙ බත ඉදෙනා ගෙයක      හැම
සුන්දර කුඹල්ඔළුවයි මා උපන්           ගම
( ආර්.පී.කරැණාරත්න )

Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\f1_Fotor.jpgDescription: G:\Documents and Settings\anke\My Documents\My Pictures\f2_Fotor.jpg Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\0998_Fotor.JPGDescription: G:\Documents and Settings\anke\My Documents\My Pictures\5.jpg

සීමා කළත් ගම දීඇල්ලේ             ඔයකින්
සීමාවුනේ නෑ කුඹුරට එහි           ජලයෙන්
ඉපදුන නිසා මිනිසත්කමලැබ         පිනකින්
මටමගෙමව වගෙයි මේගම බැඳුන     සිතින්
(නාල්ස් )
Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\download (3).jpg Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\hema_Fotor.jpg Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\f5_Fotor_Fotor.JPG Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\IMG0360A_Fotor.jpg Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\4.jpg
Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\IMG0831A.JPG Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\IMG0402A_Fotor.jpg Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\IMG0838A.JPG Description: G:\Documents and Settings\anke\My Documents\My Pictures\lanka.PNG




 17 ගමේ ගොවිතැන හා වෙහෙස නිවු ගී සීපද                                       

  කුඹුර සෙවන ලද තැනක් නොවේ.එහි වැඩ කරන විට හිරැ රැස තදින් සිරැරට වැටෙයි.දෙපය තරමක් සිහිල් වුවද කුඹුරැ වැඩ වෙහස කරය.වපුරන විට හානවිට සිරැරම මඩෙන් නැහැවෙන්නේය.නෙළන විට දෙපය ජලයේ ගිළුනද අන් සිරැරට තද හිරැරැස් පීඩා කරන්නේය.එහෙත් කිසි විටෙක හිරැට දොස් පවරන්නේ නැතුවා සේම හිරැ දෙවියන් හා සමානව ගෞරවයට ලක් වන්නේය. 


අතීත ගොවිතැන හා සත්ව පාලනය
කුඹල්ඔළුවේ ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවෝනාපාය වුයේ වී ගොවිතැනයි. එයට උපකාරීවු හා පහසුවෙන් ඇති කලහැකිවු සතුන්ද ඇති කරන්නට ඔවුන් පෙළඹුනහ.එවකට අද මෙන් මස්හෝ මාළු වෙළෙන්දන් නොවු බැවින් ඇළදොළ ජලය සිඳුන විටෙක මාළු ඇල්ලීමද සිදුවිය. 
                            ජනගහන වර්ධනය හා ගෙවල්දොරවල් අධික නොවුවද ඔවුන් සතුවුයේ ‍බොහෝවිට කුඩා ඉඩම්ය.තරමක හෝ ඉඩකඩම් තිබුයේ නම් ඒ කීපදෙනෙකුට පමණය.ඔවුනටද ඒවා හිමිවුයේ පරම්පරාවෙන් මිසක මිළයට ගැනීමකින්ද නොවේ.මේ හේතුව මත බොහෝ විට අනුන්ගේ කුඹුරැ වගාකරන අඳ ගොවියන් බිහිවිය.කුඹුරැ හිමියාට වඩා අඳගොවියා සාර්ථක අස්වැන්නක් ලබාගනී.එයටහේතුව වුයේ කුඹුරැහිමියාගේ විශ්වාශය රැකීමත් තම ආදායම ඉහළ නංවීමත් අදිටන වු බැවිනි.
                           එදා ගොවියාට ආදායමක් ලැබුනේ කුඹුරෙන් පමනක් වුවද ඔහු ගේ කාර්යභාරයන් ඉතා බරපතල විය. එකල පාසැල් නොවුවද සිප්සතර හදාරන්නට පන්සලට යන දරැවන් රැකීමද පන්සලට දානමාන සැපයීමද මගුලඅවමගුල් වලටද ශ්‍රමදාන ුාදී කටයුතු වලටද ඔහු කාළය මෙන්ම ධනයද වැය කළේය. එසේම තම දුදරැවන් ගේ ආවාහ විවාහ වලදී කෙරෙන දෑවැද්ද සෙවීමද ඔහුට බරපතල වුවක් නොවීය.

අදමෙන් එදා හතුවක්කාර විවාහය පිලිගත්තේ නැත.එවන් විවාහ සමාජය අනුමත නොකළ අතර එවැන්නන් පවුලේ සාමාජිකත්වයෙන්ද එලවා දැමිනි.අද වුවද එම තත්වය පැවතුනද ටික කලකින් එය අමතක කර දමන බව පෙනේ.ගොවිතැන පමනක් නොව එලවළු වගාවද ගැමියන් කලහ. ඉන් ඇතිවු ආර්ථික ලාභය වුයේ ඔවුන් කිසිදාක ණයගැතියන් නොවීමයි.



දැන වෙළඳාම නොදැන ගොවිතැන කීවාට එය වරදවා කියුවකි. හරියට නිවැරිදිව නොකලහොත් ගොවිතැනද නිෂ්පලය.ඒ සමහර ගස්වැල් මෙන් වී හෝ එලවළු ඉබේ වැවෙන්නේ නැත.එයට සුදුසු කාළයද ජලයද පොහරද ක්‍රමවත්ව ලැබිය යුතුය.
ගමයා ,ගමරාළ කියා අද උගතුන් අපහාස කලද ඔවුනගේ පරම්පරාවේද ඒඅය දක්න්නට පුළුවන.ගමක ජීවත්වන්නවුන් ගැමියන් වේ. ගමෙහි රාළ(ප්‍රධානියා) ගමරාළ වන්නේය. ගමයා හෝ ගමරාළ නුගතුන් නොවේ.

වීවගාව හා එලවළු වගාව
                                   එදා ගමරාළලා හා ගමමහගෙලා එකතු නොවුනානම් අද අපට පරපුරක් නැත. ඔවුන් එදා බත සැපයුවේ නැත්නම් රටේ මිනිසුන්ද නැත.අව්වේ වැස්සේ පීඩා විඳිමින් කුඹුරැ අස්වැද්දුවේ රටටම උරැමවු තාක්ෂනයක් තුලය.ඇළවේළි ඉදිකරමින් වැව් පොකුණු තනමින් පෙරදිග ධාන්‍යාගාරය යන නම දිනුවේ ගමරාළලා සහ මහගේලාය.ඒ සියල්ලටම තාක්ෂණය සැපයුවේ විශේෂඤයන් නොව ඔවුනගේ අත්දැකීම්ය.

කුඹුර කියා කීවද සාමාන්‍ය භාවිතය වන්නේ වෙළය.වෙල්වැඩ පහසු නැත.දහදිය හෙළමින් අව්වට වේලෙමින් කලයුතු වැඩ නිමක් නැත. පළමුවම ලියැද්දේ මායිම වු නියර හදාගත යුතුය.ඉන්පසු වතුර හරවා ජලයෙන් පිරවිය යුතුය.මද ගනනකට වු ඩලය තිබියදී සීසැම කරන්නේය. ලියැද්දක හැම කාර්යයක්ම කෙරැනුයේ බාරහාර හා වත්පිලිවෙත් ඉටුකල පසුවය.






    
              කුඹුරක් වපුරන්නට පෙර ලියදු සකස් කළ යුකුයත එය අරඹන්නේ කහ පැලයක් ඉඟුරැ පැලයක් හා දෙහි අත්තක් කුඹුරේ නැගෙනහිර පැත්තේ නියර කෙළවරක වෙළට බරවනසේ සිටුවීමෙන් පසුවය.සය සිටුවනුයේද තෙරැවන් සිහිකර දෙවියන් වඳ  බවභෝග සම්පත් රැක දෙන්නැයි ප්‍රාර්ථනය කරමිනි.  සීසෑම නොහොත් ලියදු හෑම කලේ හරකුන් ලවාය.වැඩියෙන්ම මේ සඳහා යොදා ගත්තේ මී හරකුන්ය. මීහරක් දෙදෙනා වියගහේ  දෙ පසින්  බැඳ මැදින් නගුල බැඳ හාන්නට පටන් ගනී.හැම ලියැද්දකටම ජලය ගන්නට හා පිට කරන්නට වක්කඩවල් තිබේ. හෑමෙන් පසු වක්කඩ හිරකර බඳින්නේ සේදී යාම වලකන්නට හා පස් දියවනිනටය. 
හානවිට හෝ පසුව හරකුන්ට හිරිහැර නොකිරීම ගොවියා ගේ පුරැද්දයි.හරකා තමන්ගේ ගැලවුම් කාරයා සේම සේවකයාද වේ.නමින් හරකෙකු වුවද ඌටද ගොවියාගේ අණ වැටහේ.ගොවියා ගෙන් ලබන සාත්තුව දන්නා හරකුන්ද ඔහුගේ අන පිලිපදින්නේ කීකරැවය.කිසි දිනක තමනට ජීවත් වන්නට උපකාර කළ හරකෙකු වයස්ගතවුවිට විකුණන්නේද නැත.ඌ මියයන තුරැම නිදැල්ලේ යන්නට දීම ගොවියා ගේ සිරිතයි. 
      හෑමෙන් පසු පොරැ ගෑම කෙරේ හමගින් පස් කැට දයවී මඩ තත්වයට පත්වේ. ඇණ පොරැව හා මට්ටම් පොරැව ගා සකස් කළ ලියැද්ද අත් පෝරැ මගින් බඩල් ලෙස සකස් කෙරේ. එය කරන්නේ පළමුව එක වක්කඩක සිට අනෙක් වක්කඩට මුල් ඇලමග කෙටීමෙනි. දෙවනුව හරස් ඇලමං කොටයි. අැලමං දෙකක් අතර ප්‍රමාණය බඩලකැයි හැඳින්වේ.ඉන්පසු වැපරීම කර කාර්යය අවසන් කරන්නේය. 

වැපුරෑ කුඹුර දිය නොබඳින අතර දින 3-5 අතරදී යලි දිය බඳී .ඒ කුඩුමැට්ට ආදී වල්පැල වැවීම නවතාලන්නටය. ඉන්පසු සති 3-4 දී නෙලීම ඇරඹේ. නෙලන විටම වැඩි ගොයම් ගස් ඇති තැනකින් ගලවා අඩු තැන් වල සිටුවනු ලැබේ. නෙලීම අවශානයේ ලතාවකට නවා දමන ලද ගොයම් ගස් සහිත කුඹුර පෙනෙනුයේ  ලියකගේ හිසෙහිවු  ලතාවකට පීරා ගෙතු කොණ්ඩයක් මෙනි.
   

වැව පිරිලා වැහි වැහලා කෙතට          ගිළුම්          
සන්නාලියන් හිස ඔසවා බලන           බැළුම්
තුන්පත්රටාවකි දුම්බර කෙතේ         නෙළුම්  

                              නෙලීමෙන් අවසන් නොවන කාර්යයේ ඊලඟ පියවර වනුයේ පොහර යෙදීමයි. අතීතයේ යෙදුවේ අළු හා මිශ්‍රකල ගස්වල කොළ හා ගොම වර්ග වේ. මෙය තුන් වතාවක් පමණ යෙදේ.සාමාන්‍යයෙන් එකල වගා කෙලේ මා වී නම් වී වර්ගය වන අතර එය බොහෝ ආපදා වලට ගොදුරැ නොවේ.මාස 6ක් පමන කල් ගියද ශ්‍රීලංකාවට ඔබින්නේද එම වී වර්ගයම වේ.කිසියම් ආපදාවක ලකුණු දුටු විගස එයට උචිත කෙම් පහන් කිරීම මගින් වෂවිශ නැති සහලක් ලබා ගන්නට එදවස ගොවියෝ සමත් වුහ.

සාමාන්‍යයෙන් මාවී වර්ගයේ ගොයම්ගස පැසුනවිට බිමට බරවේ. එයට පෙරම ගොයම් කපා අස්වැන්න ගෙට ගන්නට ගොවියා සමත්විය.
එදවස අද මෙන් යන්ත්‍රඋපකරන තිබුනේද නැත.ගොයම් කපන්නට  තම හිතවතුනට ආරාධනය කරන අතර ඒ කණ්ඩායම දෑකැත්තක් ගෙන ගොයම් කපා අවසන් කරති.
වැදගත්ම කාර්යය වන්නේ කපාගත් ගොයම පාගා ගැනීමයි. ඒ සඳහා මිටිබැඳ  එම මිටි හිස තබාගෙන කමතට අදිති. කමතේ දී ඒවා ගොඩ ගසන අතර එය ගොයම් කොළය නම් වේ. 


උදේ ඉඳන් වකුටු කොන්ද දිග        -හැරපල්ලා    
ඉනේ තියන ලේන්සු පොඩිය අතට   - ගනිල්ලා
අතේ තියන ගොයම් මිටිය බිම        -තියපල්ලා
හතර වරම් දෙවි පිහිටෙන් ගොඩට    - යමල්ලා

මෙම ගොයම් වල ඇති වී ඇට වෙන් කිරීමට ගොයම් පෑගිය යුතුය.පෙර එයට භාවිතා කලේ හරකුන් බැඳ මැඩවීමයි. මැඩවීම විනොුදජනක වුවද වෙහෙසකරය.  පලමුව කමත සකස් කල යුතුය. කමත යනු ගසක් වටකර ඇති සමතලා පොළවක කමත සැකසේ. සමහර විවක ඒ නෙුවට කොටයක් සිටුවා කමත සකසන අවස්ථාද ඇත . එසේ සකසා ගත් භුමිය කමත වන අතර එහිවු ගසෙහි හරකුන් දෙබානක් හෝ තුන් බානක් ආඳින අවස්ථාද ඇත. එසේ හරකුන් ඈඳූ පසු ගොයම් කොළයෙන් ගොයම් ටිකක්  හරකුන්ට පැගෙන ලෙස දමයි. එම ගොයම් මිට හඳුන් වන්නේ පාවර එලීම යනුවෙනි. පාවර සඳහා වු ගොයම් මිට හිස මත රඳවා ගෙන අවුත් ‍බිම හෙලීම කෙරේ. ඉන්පසු හරකුන් දක්කන්නට පටන් ගනී. 

   

ගොයම පාගද්දී ගවයන් හෙලන ගොම ගාම්පස් ලෙසට හඳුන්වනු ල‍ැබේ. එක පාවරයක් පැය දෙක තුනක් පා ගන්නට ඉඩ හැරේ. පාගන විටද ගොයම අවුස්සන අතර එය කරනුයේ දැතිගොයියා ගේ ආධාරයෙනි. වී බෙරයක ගොයම තලා වී වෙන් කරන්නට රැයක් පමන ගතවේ.(බෙරය බුසලකට මඳක් අඩුය) ඉන්පසු චාරිත්‍ර ඉටුකර තැළුන ගොයම (පිදුරැ) ඉවත් කර වී ටික  ගොඩ ගසති එය රාහි කිරීම ලෙසද වී ගොඩ රාහිය ලෙසද හැඳින්වේ. 

පසුදින සුළං හමන විට එම රාහිය හුලං කිරීප කරනු ලැබේ. හලං කිරීම කරන්නේ සුලං හමනා අත බලා ඒ අනුව උස්වු තැනක් සකසා ගෙන එහි නැගි  කුල්ලක (යතුර) වු වී ටික ටික බිමට හෙලීමය එවිට වී එක තැනක ගොඩ ගැසෙන අතර කුඩුවු ගොයම් කෑලි හා දුහුවිලි ඉවත්ව යයි.වී රාහිය බැත ගොඩ ලෙසද හඳුන්වයි. මෙම ක්‍රමය වෙහසකර වුවද අතීතයේ ට්‍රැක්ටර හා පාගන මැෂිම් නොතිබු බැවින් එය ඒ අයුරින්ම කරන්නට ගොවියාට සිදුවිය. 

අද එලෙස නොවේ. ලියදු වලදීම මැෂිම මගින් කපා පාගා වී උර වලට එකතු නෙරේ. එහෙත් වර්තමාන තත්වය අනුව කුඹුරැ ගොවිතැනින් ලාභයක් අත් නොවන්නේය.මන්ද ඒ සියල්ලටම යන වියදම අධික වීමය. සී සෑමේ පටන් කපා පාගා අවසන් වනතුරැම සියල්ලම කරන්නට අද යන්ත්‍රසුත්‍ර තිබේ.ඒ ක්‍රමය අක්කර ගණනක් ඇත්තන්ට ලාභදායක වුවද කුඩා කුඹුරකට විශාල පාඩුවක් අත් කරවයි. 


    


  


  

Comments

Popular posts from this blog