6 කවියක් සිල්වත් හිමිවරැන් බෙදනා දහම අම කමතේ වෙලේ කව් සීපද ඇසුනු බිම සිංහලහාලෙ බත ඉදෙනා ගෙයක හැම සුන්දර කුඹල්ඔළුවයි මා උපන් ගම ( ආර්.පී.කරැණාරත්න ) සීමා කළත් ගම දීඇල්ලේ ඔයකින් සීමාවුනේ නෑ කුඹුරට එහි ජලයෙන් ඉපදුන නිසා මිනිසත්කමලැබ පිනකින් මටමගෙමව වගෙයි මේගම බැඳුන සිතින් (නාල්ස් ) 17 ගමේ ගොවිතැන හා වෙහෙස නිවු ගී සීපද ...
Popular posts from this blog
13 නිවාස හා ගෟහ සැළසුම් අතීතයේ පමනක් නොව 1960 ගනන් වලද එනම් 1948 නිදහස ලද පසුද ගමේ ගෙවලින් තරමක් අතමිට සරැ අයගේ ගෙවල තාප්ප බිත්තියෙන් බැඳ පොල් අතු වහලයෙන් නිමව තිබිනි. අනෙක් ගෙවල වරිච්චි හෝ කටුමැටියෙන් ඉදිවින. එමෙන්ම බිමට මැටි අතුරා ඒමත මැටි සමග දියකල ගවයන් ගේ ගොම ආලේප කළහ. මෙම ගොම මැටි ගෙබිම විශබීජ නාශකයක් ලෙසද ක්රියා කරන බවද පැරැන්නන් විශ්වාශ කලහ.මෙවන් තත්වයකට හේතුව වන්නට ඇත්තේ එවකටද අපේ ගමේ ස්කෝල මහත්වරැ නොහොත් පාසැල් ගුරැමහතුන් හා අනෙකුත් රාජ්ය සේවකයන් සිටියේ කිහිප දෙනෙකු වීමත් අනෙක් ගම්වැසියන් ගොවිතැන පමනක් කළ අය විමත් නිසාය.ගොවිතැන නොකල සමහරැන් වඩුවැඩ,පෙදරේරැ වැඩ,හරකුන් එළුවන් ඇති කිරීම ආදී ආදායම් මාර්ග වල යෙදුනාහ. එමෙන්ම ගොවිතැනට උගත්කම අවශ්ය නොවු බැවින් පාසැල් ගියේ තරමක වත්පොහොසත්කම් ඇති පවුල් වල දරැවන් පමනක් බවද අතීත තතු පෙන්වා දෙයි.එසේම අතීතයේ රජමැදුර හැර අන් ගෙවල කපරාදු කර සුදු හුණු ආලේප කිරීම තහනම් වු බව පැරණි පොතපතෙහි සඳහන්ව ඇත. අපේ ගමේද ගෙවල් තනන අය වුහ.තාප්ප බැම්ම,වරිච්චි හා කටුමැටි ආශ්රිතව නිවාස ඉදි නරන්නට ඔවුන්ට මනා දැනීමක්ද ව...
අපි අපේ ගමවු කුඹල්ඔළුව ගම්මානය ගැන නිරතුරැව ලියන්නයි අදහස් කරන්නේ-ඔබටත් පුළුවනි එයට එකතුවන්න.ඔබ ගමගැන ලියු පොත කියවුවානම් විස්තර දන්නවා ඇති.ඒත් දැන් ගම වෙනස් වෙලා.ඉඩකඩම් පුංචි වෙලා.පවුල් සංඛ්යාව වැඩිවෙලා. අපේගමේ දරැවන්ට උපකාර කරන්න අපි විවිධ මාර්ග අනුගමනය කරනවා.අපට අද පත්වෙලා ඉන්න මන්ත්රිතුමිය කොකිලා ගුනවර්ධන මැතිනියත් අපට ආසන්නවු චරිතයක් නිසා එතුමියත් අපට උපකාරවේයයි අප විශ්වාශ කරනවා. එහෙනම් අන්තර්ජාලයට යන ඔබත් සතියකට වතාවක් හරි කුඹල්ශළුව වෙබ්පිටුව කියවා බලන්න වගෙම අළුත් තොරතුරැ එවන්නත් පහත ලිපිනය හා දුරකතන අංකය භාවිතා කරන්න. අපේගම අනිත් ගම්වලට වඩා වෙනස් දියුනු ගමක් කරන්න නම් අප එකතුවෙලා මෙය කරන්නම ඔන නේද ? දුරකතනය- 0755229367,ඊමේල් අංකය- kumbaloluwa@gmail.com මම නාල්ස් නිශ්ශංක- ඔයාලට හුරැ පුංචි මිනිහාමයි. ඔයාලගෙ දරැවන් ඉංග්රිසි හා ගණිතයෙන් දක්ෂයන් කරන්න මා සැකසු උපකාර පොත් ලබා ගන්න. පළමු වසර සිට 11 වසර දක්වාම සකසා ඇතිනිසා කතාකරල ගෙන්වා ගන්න.ගාස්තුව මුද්රණ වියදම පමනයි.පොත් සකසන්න උපකාරවු මහත්ම මහත්මීන් ගැනත් මම ඉදිරිලිපියෙන් කියන්නම්. දරැවනටම කියවන්න ලි...
Comments
Post a Comment