කුඹල්ඔළුව පොත ගැන..පුංචි වදනක් !                                               
   
 ත්මන් හා අනාගත පරම්පරාවන්ට තමන් ජීවත්වන ගම ගැන සහ එහි ‍ෛඑතිහාසික තොරතුරැ ගැන අවබෝධයක් ලබාදීම මෙම පොතෙහි මුලික පරමාර්ථය වෙයි.මෙහි අඩංගු වන බොහොමයක් කරැනු ලබා ගත්තේ දැනට ජීවත්වන පුද්ගලයන් සහ ලේඛන මාර්ගයෙනි. සමහර දෙමාපියන් දරැවනට කීදෑ මෙන්ම ලියු දේද අපවෙත ලැබින. කුඹල්ඔළුව නමැති ගම් අපරටෙහි කිහිපයක් තිබේ.එසේවයේ කෙලෙසකද යන්න අප සොයන්නෙමු.
 
  එසේම අප වෙත ලැබුන ලිඛිත ලියවිලි වලින් සහ පාසැල්,පන්සල් සමිති සමාගම් ගැනවු විස්තර එම ආයතන වලින් ලබාගත් ලිඛිත තොරතුරැ ආශ්‍රිතව ඇතුලත් කර ඇත.
   
  කෙසේ වෙතත් ඇතුලත් කළ තොරතුරැ වලට  අමතරව වැදගත්වු සමහර සිදුවිම් මග හැරෙන්නටද පුළුවන.එවන් කරැනු මගහැරැනේ නම් එය කුමන හෝ හේතුවකට සිදුවන්නට ඇත. අප සියළු තොරතුරැ ලබා ගන්නට ගත් වෙහෙස හා දිරිය අපමණය. ගම පමනක් නොව මායිම් ගම්වල වු වැඩිහිටියන් පවා හමුවී සාකච්චා කළ අතර හමුවු සියල්ලන්ම අපව දිරිමත් කළ බවද දන්නා සියල්ලම පවසමින් අපට සහය වු බවද ගෞරවපුර්වක ස්තුතිය ඔවුනට පුදකරමින් ප්‍රකාශ කරන්නෙමු.

   මෙම පොතෙහි සඳහන් නොවු යම්  තොරතුරක් ඔබ දන්නේ නම් එය අපවෙත ලිඛිතව හෝ වාච්කව දන්වන්නේ නම් එවන් සියළු කරැනු නැවත මුද්රනයකදී මෙන්ම අන්තර්ජාලය හරහා විශ්වකෝෂයට ඇතුලත් කරන මෙම පොතට වහාම එවන් තොරතුරැ ඇතුලත් කරන බවද මෙයින් දන්වනු කැමැත්තෙමු.එම ලිපි ඔබගේ නමින්ම පලකරන්නට අදහස් කරමු.
  
 පොතකට ඇතුලත් කල නොහැකිවු සමහර ජායාරෑප හා වීඩියෝ සහඕඩියෝ හඩ සහිත විස්තර පහත ලිපිනය ඔස්සේ ඔබට කියවන්නට,අහන්නට හා බලන්නටද පුළුවන.
ශ්‍රී ලංකාවේ ගම්ගැන ලියවෙන පොත් පෙළක කුඹල්ඔළුව පොත සකසන්නට ධෛර්යය ලබාදෙමින් අපව උනන්දු කල ඔබ සැමට අපගේ ස්තුතිය නැවතත් පුද කරන්නෙමු.
www.kumbaloluwa.blogspot.com   and      www.srilankavillage/ kumbaloluwa සහ  විකිපීඩියා විශ්ව කෝෂය තුලින්ද කියවිය හැකිය.
ස්තුතියි   -අප
                  R.P.Karunarathna 





  and  N.A.L.S.Nishshanka            2018.06.05

 

 සහය -nalslanka @ gmail.com
වැදගත්-
ගම්පුවත් පුද්ගලයන් හඳුනා ගත්තේ තනතුරැ පදවි පාක්කුඩම් සොයා බලා නොවේ. ඒඒ පුද්ගලයා වෙතින් කුඹල්ඔළුව ගමට සිදුවු සේවය හා සමාජය ඔහු පිලිගත් ස්වභාවය සොයා බලමිනි. යමෙකු ගමට වැදගත් වන්නේ ඔහු සමාජය ඇසුරැ කරන ස්වරෑපය හා පිලිවෙත මත බව ගම්පුවත් අවධාරනය

Comments

Popular posts from this blog