පොතේ කතාව
කුඹල්ඔළුව ග්‍රාමය හා මායිම්
ගම්මාන ගැන ලියවුන ප්‍රථම ග්‍රන්ථය මෙය වේ.අප මෙම ග්‍රන්ථය සඳහා සමහර ජායාරෑප
පමනක් අන්තර්ජාලයෙන් ලබාගත් අතර අන් සියළුම ජායාරෑප හා විස්තර වල සම්පුර්ණ අයිතිය
හළලියේ නිශ්ශංක සතුවේ. ලිඛිත අවසර රහිතව උපුටා ගැනීමෙන් වළකින්න.
මෙම ග්‍රන්ථය
එනමින්ම පොතක් ලෙස මුද්රනය කර ඇත.
E-MAIL -kumbaloluwa@gmail.com
9 ගමගැන
තවත් යමක්
රජවරැන් රට පාළනය කලසමයේ වුවද කුඹල්ඔළුව වැදගත් ස්ථානයක් ලත් ගමකැයි කිව
හැකිය.ඒ වළන් කර්මාන්තය කෙරැනු ලක්දිවවු ගම්මාන අතරින් මෙම ගමද ප්‍රධානවු ගමක් බවට
පත්ව තිබු බැවිනි.එසේම අපගම තුල ජීවත්වුවන් ගේ පෙළපත් නාමය නොහොත් පරම්පරා නාමයද
පරිත්‍යාග වී ඇත්තේ රජවරැන් ගෙන් බවට සාධක අපමනවත් ඇති බැවිනි.
වත්මන් සමාජයේ අප
කවුරැන්වත් නොදන්නා සමහර ශ්ලෝක ,දෙවොල් නැටුම් හා කාව්‍යවලද කුඹල්ඔළුව ගම ගැනවු
වටිනා අතීත සිදුවීම් ගැබ්වී ඇත.එවන් සිදුවීම් ගමේ අතීතය විහිදා දක්වන කැටපතක්
වන්නේය.බොහෝ පැරනි ගී ලියවී ඇත්තේ එදා සිදුවු යම්යම් සිදුවීම් මතය.ඒවා විචාරාත්මකව
විමසා බලන්නෙකුට එදා අතීතය ගැන පමනක් නොව ජන ජීවිතය ගැනද මනාසේ වටහා ගත
හැකිය.අතීතයේ සීපදයක් ගැයුවා නම් එහිද වුයේ එදා ජනදිවියේවු කිසියම් අත්දැකීමක් බවද
කිව යුතුය.
අතීතයේ මෙම ගම පාළනය
වුයේ මිනුවන්ගොඩ රාජධානිය යටතේය.එකළ රජකළ රජතුමන් වුයේ සකළකළා වල්ලභ නම්වු රජතුමන්
බව අතීත තොරතුරැ දක්වයි.එම රජතුමන් එවකට රජ්‍ය පාළනයේ යෙදුන කාවන්තිස්ස නම්
රජතුමාගේ බිසවකව ගේ පුත් කුමරා බවද එම තොරතුරැ දක්වයි. ගමට නම හැදුනේ හා පෙළපත්
නාම ලැබුන අයුරැ වෙන ලිපියක දක්වා අති බැවින් එය මෙහි සඳහන්
නොවේ.
ඉන්පසු රට පාළනය කළ
රජවරැන්ගෙන් පසු පාළකයන්වු පෟතුග්‍රිසි ,ලන්දේසි හා ඉංග්‍රිසින් ගේ පාළනයන්හිදීද
කුඹල්ඔළුව ගමට බලපෑම් එල්ලවු වු බව පෙනේ
රජදවස පාළනයේදීවු ගමේ සීමාවන් තරමකට වෙනස් වුයේ ඉංග්‍රිසි පාළන කාළය තුල
පමනකි.රජවරැ පාළනය කළ කාළසීමාවන්හිදී කුඹල්ඔළුව ගම ඉතා විශාලවු ගමක් බවට සාධක
තිබේ.සකළකළා වල්ලභ රජතුමා ගමට නම තබන කාළයේ වෑබඩමුල්ල ගමද අපේ ගමෞම කොටසක් විය.
අදද අපේ ගම ගම් කිහිපක එකතුවක් බවඔබද දනී. එමරජු ගමට නම තැබුවේ කුඹල්ඔළුව වශයෙන්
බවත් හයට හේතුවත් ඔබ කියවන්නට ඇත.එම කරැන නිරීක්ෂනය කරන විට මැටි කර්මාන්තය හා
අපේගම අතරවු බැඳීම පැහැදිලිවම
පෙනේ.එසේම මැටි ලබාගත් විළඉස්මත්ත හා මැටිගන්නා ගාරය යන ගම්ද අපේ ගමට අයත්වු ගම්වේ. මෙම කරැනු මත
වෑබඩමුල්ල ගමද එදා අපේ ගමේ කොටසක් වුබව පැහැදිලිවේ.වෑබඩමුල්ල ගමෙන් වෙන්වන්නට
ඇත්තේ ඉංග්‍රිසි ආණ්ඩුවේ පාළනය උදෙසා ගම්වල සීමා වෙනස් කරීම නිසා බව පෙනෙන
කරැනකි.
ඉංග්‍රිසි ආණ්ඩුව හා ඉංග්‍රිසින් රටවල් ආක්‍රමනය
කලා සේම එම රටවල සම්පත්ද ඔවුනගේ ප්‍රයෝජනයට
ගන්නට උනන්දු වුහ..එහි ප්‍රත්පලයක් ලෙස මේ ගමද ඔවුනගේ දැඩි සැලකිල්ලය යොමුවු ගමක්
වන්නට ඇත.ඉංග්‍රිසින් තම පාළන බලය තහවුරැ කර ගන්නට ගත් එක ක්‍රියා මාර්ගයක් වුයේ
රජදවස ලද බලතල ඇත්තන් එලෙසම බලයේ තැබීමය. අපේ ගමේ වලව් කාරයන් නොසිටියද පුදලි
පහන්දිරම්ලා,විදානෙලා, ආරච්චිලා සිටියහ. එවුන් සතු බලතල එලෙසම රැඳවීම
නිසා ඉංග්‍රිසින්ට පාළනය පහසුවිය.
ඉංග්‍රිසි පාළනයේ
අවසන් කාළසීමාව වන විට ඔවුන් ඔවුනගේ අවශ්යතාවයන් මත ගම් වලට පාරවල් තනන්නට
පෙළඹිනි. කුඹල්ඔළුව ගම හරහා වැටුන මාර්ගය අනෙක් ගම් වලට යාහැකි කෙටි මාර්ගයක්
විය.අදද මෙම මාර්ගය ප්‍රධාන අතුරැ මාර්ගයක් ලෙස භාවිතා කෙරේ. ගම හරහා දිවෙන මාර්ගය
ඉංග්‍රිසින් තනන්නට පියවර ගත්තේ ඒ නිසාය.ඉන්
ගමටද නව ජීවයක් ලබන්නට මං සැළසිනි. මේ වකවානුව වනවිට ඉංග්‍රිසි අාණ්ඩුවේ
පළාත් භාර නිළධාරින්ද පත්කොට තිබිනි. ආණ්ඩුවේ ඒජන්තවරයා හැම අතින්ම බලගතු විය.
එසේම එවකට ඉහළට උගත්තවුන්ද රටතුල සිටීම ආණ්ඩුවේ ගමන්මග වෙනස් වන්නට හේතුවක් වන්නට
ඇත.
1820 ගනන් වල වුවද
පාර තැනී තිබුනද අන් ගම්වලට මාර්ග නොවීය. ගමට අයත්වු ගමකට වුවද යාමට තිබුනේ දෙවට
පාරක් හෝ වෙලේ නියරය.රටේ උගතුන් වැඩිවීමත් පාළකයන්ට තම ගමන් මග වෙනස් කරන්නට ඇතිවු
බලපෑමක් විය. මේ අනුව ඉංග්‍රිසි පාළන මග වෙනස්ව ස්වභාෂා ඉගෙන්වීමේ මගකට යන්නට සිදු
වන්නට ඇතැයි සිතිය හැකිය. ගම නැගෙන්නට පටන් ගත්තේ එතැනිනි.
අපේ ගමේ අතීතයේද මුල්
ආදායම් මගවු වී ගොවතැනට අමතරව වෙනත් වෟත්තීන්හිද යෙදෙන්නන් වුහ.ගමන් පහසුවක් නොලදද
සමහරැ වවිධ කෑම වර්ග නිපදවා ඒවා හිසමත කූඩවල රඳවා
තබාගෙන ගෙන්ගෙට ගොස් අලෙවි කලහ.විජාතිකයන්ද වෙනත් වර්ග ගමට ගෙනවිත් අලෙවි කලහ.වඩු
පෙදරේරැ කරණවෑමි ඇඳුම් මහන්නන් රෙදි
පවිත්‍ර කරන්නන් පමනක් නොව මස්මාළු අලෙවි කරන්නන්ද අපේ ගමතුල වුහ. එය අතීතයේ ශතය
හා සල්ලියද භාවිතාවු කාළයක් විය.
1823 පමන ස්ටවුට්
මහතා ගේ මග පෙන්වීම මත පාසැලක් ඇරඹීම ගමතුල නව පිබිදීමකට
මුල් වන්නට ඇත.පන්සල හා ගුරැගෙදරට ගොස් අකුරැ කළ ගැමි දරැවනට ඉහළට ඉගෙන ගන්නට මග
සැලසිනි.එහෙත් පුහුනුවක් මිස උගත්කමක් අනවශ්‍ය වු රැකියාවන්හි යෙදුන ගම්වැසියන්තුල
ඉගෙනීම ගැන එතරම් අනන්දුවක් නොතිබිනි.එහෙත් ගමෙහි ස්කෝල මහත්වරැන්ගේ පෙලඹවීම හා
අවවාද නිසා සෙමින් වුවද එකල දරැවන් ඉගෙනුමට පෙළඹුනහ.එකල ගැමියන්ගේ අදහසක් වුයේ
ලියුමක් කියවන්නට දැන ගත්තාම ඇති යන හැඟීමක්
බව ගම්පුවත් එඳහන් කරයි.
එම කාළයේ සතය හා
සල්ලිය විශාල මුදලක් විය. සතයක් ගෙන කඩයකට ගියවිට අවශ්‍ය හැම දෙයම ලබා ගන්නට
හැකිවිය.අතීත තොරතුරැ දක්වන සමහරැන් පැවසුවේ එකල කාරයක මිළ 250 ක් බවය. ඉඩම්
අක්කරයක් රැපියල් 4.50 ක් වු බවද ඔවුන් පවසති.1950 ගනන් වල දෛනික වුටුප රැපියල්
2.50 කි.1970 ගනන් වලද කම්කරැවෙකුගේ දවසේ කුලිය රැපියල් 3ක් විය.කෙසේ වුවද 1900
පමන වනවිට අපේ ගමේද උගතුන් වැඩිවුවා සේම ආණ්ඩුවේ රැකියා ලද ගනනද වැඩිවිය.සිංහලෙන් උගත්තද රැකියා අවශ්‍යතවෙය මත
ඉංග්‍රිසි ඉගෙන ගන්නටද පෙළඹූන සංඛයාවද වැඩිවිය.එකල ඉංග්‍රිසිය රැකියාවකට අවශ්‍යම විය.ඒ ආණ්ඩුවේ කටයුතු ඉංග්‍රීසි භාෂාවට පමනක් සීමාවු බැවිනි.
ඉංග්‍රිසි පාළනයෙන් මිදීමෙන් පසුව වුවද
ගමෙහි වෙනසක් දකින්නට ලැබුනේ මෑත කාළයේදීය.ඒ බණ්ඩාරනායක මැතිඳුන්
කුඹල්ඔළුව මාර්ගයට බස්රථයක් ලබාදීම හා සිංහළ රජබස වීම සමගය. එය මෑත කාලීන දරැවන්
ගේ අධ්‍යාපනයට හා වෟත්තීය පුහුනුවට හේතු සාධක ව්ය.ඉන්පසුව ජයවර්ධන මැතිඳුන්
ගමට විදුලිය ලබා දෙන්නට හා රටටම පොත් නොමිලේ ලබා දෙන්නට ගත් පියවර නිසාය.ස්වයං
රැකියාවන්ට සහනයක් අත්කලේ ප්‍රේමදාස මැතිඳුන්
ගේ ජනසවි දිමනාව බවද සඳහන් කළ හැකිය.අද ගමේ
හා බාහිර පරිත්‍යාගශීලීන් නිසා පාරවල් තැනී ඇත.පන්සල් පාසැල් ඉදිව ඇත.යම්යම්
අඩුපාඩු තිබුනද අද ගම උසස් දියුනුවක් ලබා තිබේ.
10 වළන් නිපදවන නව ත්‍රමයන්
රජමැදුරට හැළිවළන් සැපයීම භාරව සිටි ගම කුඹල්ඔළුව බව ගමට
නම හැදුන හැටි කතා පුවතේදී ඔබ කියවන්නට ඇත.එහි වළන් කර්මාන්තය ගැන තිබු විස්තරයට
තවත් පිටුවක් එක්‍කලේ එය ගමට එදා මුළිකවු
සම්පතක් බව සඳහන් වන හෙයිනි. කුඹලා ගේ ඔළුව ලෙස හැඳින්වු
ගමේ හිමිකම කුඹල්ඔළුවටය. එසේම අදද මැටි කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් ගම්වැසියන්
සිටින බැවින් හා ගම නම ලද්දේ මැටිවැඩ නිසාත් මේ ලිපිය වැදගත් වනු ඇත.
මැටිගන්නාගාරය පමනක් නොව විලඉස්මත්ත වැනි
අනෙක් ගම් වලද වළන් මැටි පමනක් නොව තලාතු මිනිරන් ලෙස හැඳින්වෙන මැටි හා සමාන
වැදගත් පස් වර්ග හමුවේ.තවමත් එම සම්පතින් ප්‍රයෝජන ගැනීමක් සිදු නොවන බව
ගම්වැසියන් ගේ අදහසයි.භුගතවු බොහෝ සම්පක් ගම තුල සැඟවී නැතැයි කියන්නට
නුපුළුවන.එවන් පිරික්සුම් නොකෙරෙන බැවින් එහි සත්‍යතාවය ගැන යමක් කිව නොහැකිය.



ගල්වැලි ඉවක් කරගත් මැටි පදම්
කර ගත යුතුය.එය කරන්නේ මැටිගුලිය තුනී කරමින් ඇදීමෙනි.එසේම එය තැලීමක්ද කෙරේ.
ඉන්පසු එය ඇලෙන නොඇනෙ තත්වයකට පත්වෙයි.ඉන්පසු සකපෝරැව මත ගුලියක් ලෙස සැකසුන
මැටිපිඩ තබා පෝරැව නැරකැවිය යුතුය. ඉන්පසු කැරකැවෙන මැටිගුලිය දෑතින් තද කරමින්
හැඩගැස් විය යුතුය
එසේ හැඩගැස්වා ගත් මැටි බඳුන අලංකාර කරන්නට විවිධ උපකරන භාවිතයෙන්
පුළුවන.එහෙත් විසිතුරැ භාණ්ඩ හැර ආහාර පිසීමට ගන්නා හැළිවළන් අලංකාර කරන්නේ නැත. ඒ ඒවා රත්
කිරීමේදී කළු ගැසෙන බැවිනි.
මෙසේ සාදා ගත් බඳුන්
දර පෝරනුවක අසුරා පුළුස්සා ගත්විට ශක්තියද වැඩිවන අතර වර්ණ ආලේප කිරීමටද පහසුය.අද
නවීන පෝරනුද දැකිය හැකිය.


. නවීන
පෝරනුවක්. සකපෝරැව මත හැඩ ගැස්වීම
තවද මෙම මැටි
මුර්ති ඇඹීමටද භාවිතා කෙරේ.කෙසේ වුවද මැටි කර්මාන්තය ලොවම පිලිගත් උසස්තම
කර්මාන්තයක් බව කිය හැකිය.වළන් භාවිතයට පහසුය.එසේම මැටි කළයක වු ජලයද නිතරම සිසිල්
වීම එම බඳුන් වලටම ආවේනික වු ශක්තියකි.නවීක උපකරන වල පවතින මළ බැඳිම වැනි දුර්
ගුනයන් නොමැති වීමද එහිවු විශිෂ්ථ ගුනාංගයක් වන්නේය.


අපේ ගමේ සිටින මුර්ති ශිල්පීන්
සිය දක්ෂතාවයන් වියැකී යන්නට පෙර නවපරපුරට සිය දැනුම බෙදා දෙන්නේ නම් එය මහඟු පුන්‍ය කර්මයක් පමනක් නොව කළාව වෙනුවෙන් කළ මහඟු
සේවයක්ද වන්නේයයි අපගේ විශ්වාශයයි. එසේම එවන් පරපුරක් ඇති කරන්නට ගමේ වැදගතුන්
පියවර ගන්නේ නම් ඔවුනගේ නාමය සදාකාලික මතකයට පත්වන බවද කිව යුතුය.
කිසිදු පුහුනු
ආයතනයක් නොමැති කුඹල්ඔළුව ගමට කරන උපකාරයක්ද වන්නේය


මල් පෝච්චියක්සෑදීම රෑප ඇඹීම
ඇඹීම හා කැටයම් කිරීම විවිධෘකෘරීවු උපකරන
භාවිතයෙන් කලහැකි පහසු කාර්යයකි. එනමුත් කළාවට ලැදි හිතක් නැත්තෙකුට එය කල
නොහැකිය.
සක පෝරැවේ කවි
නාරිලතාවැල් ලියවැල්වට ඇද
සෝඩියකුරැ පිල්ලම්- ඇඳලා
ත්‍රීශුලම්මැද ඕංශ්‍රීංපද
ආරස්සාවට පිහිටුවලා
මයුරනාගහසඋරඟද ඈ සිව්පුට්ටු
සිව්කොන ඇඳ නිමලා
මණ්ඩලනවග්‍රහ
රාශි දොළහ
සත්විසිනැකුතුත් පිහිටුවලා
හෙට හමුවෙම්









Comments
Post a Comment